Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දෙවන එළිසබෙත් රැජිණගේ වියෝව හේතුවෙන් චාල්ස්ට සිදුවූ අත්වැරැද්දක්?

    2022-09-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දෙවන එළිසබෙත් රැජිනගේ වියෝවත් සමග ඇය මෙන්ම නව රජු ලෙස ඔටුණු පැළඳි චාල්ස් රජු ඇතුළු බ්‍රිතාන්‍ය රාජ්‍ය පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වෙනවා. මේ අතර නොමඟ යවන සුළු මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවන සටහන් ද රැසක් දැක ගන්නට ලැබෙනවා.

    දෙවන එළිසබෙත් රැජිනගේ වියෝවත් සමග ඇය මෙන්ම නව රජු ලෙස ඔටුණු පැළඳි චාල්ස් රජු ඇතුළු බ්‍රිතාන්‍ය රාජ්‍ය පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වෙනවා. මේ අතර නොමඟ යවන සුළු මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවන සටහන් ද රැසක් දැක ගන්නට ලැබෙනවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    චාල්ස් කුමරුට වයස අවුරුදු 74ක් වියැති වුව ද, සිය මව නැති වූ පළමු දවසේ ම මව නොමැති කමින් සිදු වූ අත්වැරැද්දක් ලෙස හුවා දක්වමින් චාල්ස් කුමරු ඇඳ සිටි කබායේ බොත්තම් මාරු කරමින් දමා ඇති බවට හඟවමින් උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, සංසරණය වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    එසේම WhatsApp ඔස්සේ ද මෙම සටහන් රැසක් හුවමාරු වී තිබුණා.

    මෙහි දැක්වෙන්නේ සංස්කරණය කරන ලද ඡායාරුපයක් බව ද මේ සඳහා ප්‍රතිචාර දැක්වූ කිහිප දෙනෙක් පවසා තිබු නිසා මෙවැනි සිදුවීමක් සිදුවුණි ද එසේ නම් කෙදිනක ද යානා දී කරුණු පිළිබඳව විමසා බැලීමක් කිරීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමේදී ඇඳුම් පැළඳුම් සඳහා ද, නීති, රෙගුලාසි අනුගමනය කරන අතර උසස් ප්‍රමිතීන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු කරනු ලබයි. 

    එමෙන්ම රාජකීය අවමංගල්‍යන් සඳහා ඔවුන් වෙනුවෙන් විශේෂිත වූ ඇඳුම් පිළියෙළ කරන අතර ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.

    එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක්, වසර 70ක්, කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජිණ බැල්මොරල්හි සිය රාජකීය මන්දිරයේ දී පසුගිය 08 වන දා ජීවිතක්ෂයට පත් වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

    කෙසේ වෙතත් ඇය ජීවිතක්ෂයට පත් වූවායින් පසු දින(09) බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස IIIවන චාල්ස් රජු ප්‍රථම වරට බකිංහැම් මාලිගයට පැමිණි අවස්ථාවේ ඔහු පෙනී සිටියේ කළු පැහැති වස්ත්‍රයෙනි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    polishnews.co.uk |lemonde.fr

    මේ හේතුවෙන් අප ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ එහි දැක්වෙන්නේ, 2018 වසරේ නොවැම්බර් 1 වන දා ගැම්බියාවේ ෆජාරා හි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් සුසාන භූමියේදී එවකට චාල්ස් වේල්ස් කුමරු සිය බිරිඳ සමඟ ලබා ගත් ඡායාරූපයක් බවයි. 

    alamy.com | Archived Link

    ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ඡායාරූපය 2022 සැප්තැම්බර් 8 වැනිදා රැජිනගේ මරණයට වසර හතරකට පමණ පෙර ලබා ගත් ඡායාරූපයක් බවයි.

    එමෙන්ම සමාජ මාධ්‍ය සටහන් වල දැක්වූ ලෙස මේ වන විට චාල්ස්ගේ වයස අවුරුදු 74ක් නොවන අතර මේ වන විට වයස 73ක් වන අතර එළඹෙන නොවැම්බර් මාසයේදී ඔහු 74 වන වියට පා තබයි.

    මේ පිළිබඳ AFP කරුණු පරීක්ෂක කණ්ඩායම විසින් ඉංග්‍රීසි බසින් සිදු කළ කරුණු විමර්ශනයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස ඔටුණු පැළඳි III වන චාල්ස් රජු, සිය මවගේ වියෝවෙන් පසු දිනම, සිය මව වන දෙවන එලිසබෙත් රැජිණ නොමැති කමින් සිදු වූ අත්වැරැද්දක් ලෙස ඔහු ඇඳ සිටි කබායේ බොත්තම් මාරු කරමින් දමා ඇති බවට හඟවමින් පළ වූ ඡායාරූපය, උපහාසාත්මක කෝණයෙන් පළකර තිබු නොමඟ යවන සුළු සටහනක් බවයි.

    මෙහි දැක්වෙන්නේ රැජිණ මිය ගිය දිනට පසු දින ලබා ගත් ඡායාරූපයක් නොවන අතර 2018 වසරේ වසරේ නොවැම්බර් 1 වන දා ගැම්බියාවේ ෆජාරා හි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් සුසාන භූමියේදී ලබා ගත් ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.