Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : මේ දිනවල පවතින වර්ෂාව සමග රාවණා ඇල්ලේ තත්ත්වය පිළිබඳව ෆේස්බුක් තුළ හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ වල ඇත්ත කතාව

    2021-10-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලට විශාල වශයෙන් වර්ශාව සහිත කාලගුණයක් පවතින බව දැකගන්නට පුලුවන්. කඳුකර ප්‍රදේශ වලට වර්ෂාව අධික ලෙස ලැබීමත් සමග ගංගා වල මෙන්ම දිය ඇළි වල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහල ගිය අතර ඇතැම් අවස්ථාවල ගංගා ඇල දොල ජල පහරවල් නිසා මිනිසුන් අ

    මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලට විශාල වශයෙන් වර්ශාව සහිත කාලගුණයක් පවතින බව දැකගන්නට පුලුවන්. කඳුකර ප්‍රදේශ වලට වර්ෂාව අධික ලෙස ලැබීමත් සමග ගංගා වල මෙන්ම දිය ඇළි වල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහල ගිය අතර ඇතැම් අවස්ථාවල ගංගා ඇල දොල ජල පහරවල් නිසා මිනිසුන් අනතුරට ලක්වූ අවස්ථාද අපට දැකගන්නට හැකියි.

    මේ දිනවල පවතින වර්ශාව හේතුවෙන් රාවනා දිය ඇල්ල ජලයෙන් පිරී ප්‍රචන්ඩාකාරිව ඇදහැලෙන බව දක්වමින් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එමෙන්ම ඇතැම් වාර්තා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඔක්තෝබර් මස පළමු වන දා මෙම ඡායාරූප පෙළ ෆේස්බුක් වෙත එකතු කර තිබුණේ මෙලෙසින්.

    “කුරිරැ වූ රාවණා ඇල්ල , අද දින දිස්වූ ආකාරය ලෙසින් හඳුන්වාදී තිබුණා.”

    Facebook | Archived

    මෙම ෆේස්බුක් සටහන් වලට අමතරව මෙරට ඇතැම් වෙබ් අඩවිද රාවණා ඇල්ල හිටිහැටියේම භයන්කාර උන හැටි ලෙස දක්වමින් ඡායාරූප සහිතව ලිපි පළ කර තිබුණේ, පහත අයුරින්.

    gossiplankanews.lk | Archived

    මේ සම්බන්ධයෙන් පළ වූ තවත් වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.Archived,Archived

    මහ වැස්සට පසුව වෙනස් වෙන රාවණා ඇල්ල නමින් රාවනා ඇල්ලේ වීඩියෝ පටයක්ද ෆේස්බුක් පි‍ටුවක් විසින් පළ කර තිබුනේ පහත අයුරින්. 

    Facebook | Archived

    මෙම වීඩියෝවද මෑතකදී සිදු වූ තත්ත්වයක් බව හඟවමින් මෙම සටහන් පළ කර තිබුණු අතර එහි සත්‍යතාවයන් සොයා බැලීමට අප තීරනය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    රාවණා ඇල්ලේ මෙම තත්ත්වයේ  ඡායාරූප මීට ඉහතදී පළව ඇතිදැයි පරීක්ෂා කර බැලුවා. එහිදී අපට 2020 නොවැම්බර් මසදී dailymirror වෙබ් අඩවිය මෙම ඡායාරූප පෙළම යොදා ගනිමින් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපියක් පළ කර තිබුනු ආකාරය අපට දැකගන්නට ලැබුනා. ප්‍රසන්න පත්මසිරි නම් අයෙකු විසින් ලබා ගත් බවට සඳහන් කර තිබූ මෙම ඡායාරූප ඔවුන්ගේ වෙබ් අඩවියට එකතු කර තිබුනා. ඒ අනුව මේ දිනවල ෆේස්බුක් තුල හුවමාරු වන රාවනා ඇල්ලේ ඡායාරූප මෑතකදී ඒවා නොව මීට වසරකට පෙර ඒවා බවට තහවුරු වෙයි.

    Dailymirror.lk | Archived

    රාවණා ඇල්ල මහ වැස්සට පසුව වෙනස් වන ආකාරය දක්වමින් පළ කරන ලද වීඩියෝ පටයද මෑතක ලබා ගත් අවස්ථාවක වීඩියෝවකද යන්න පරීක්ෂා කිරීම සඳහා මීට පෙර එම වීඩියෝවම පළව ඇතිදැයි අප පරීක්ෂා කර බැලුවා. 

    එහිදී අපට දැකගන්නට ලැබුණේ රාවණා ඇල්ල වෙනස්වන ආකාරය  ලෙස දක්වමින් මෙම වීඩියෝවම යූටූබ් වල මීට වසර දෙකකට පෙර 2019 සැප්තැම්බර් මස 24 වනදා පළ කර ඇති බවයි..

    එම වීඩියෝව පහතින්.

    Archived

    ඒ අනුව එම වීඩියෝවද රාවනා ඇල්ලේ ගත් පෙර වීඩියෝවක් බවට පැහැදිලියි.

    එම අවස්ථාවම ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් හරහා ද 2019 වසරේ සැප්තැම්බර් මස වාර්තා කර තිබු ආකරයක් පහතින්.

    කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් විමසීමට බදුල්ල දිස්ත්‍රි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ යී. එම්. එල්. යූ. කුමාර මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, සාමාන්‍ය තත්ත්වයෙන් රාවණා ඇල්ල ගලා යන බවත්, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි එලෙස කිසිදු රෞද්‍ර තත්ත්වයක් දැකගන්නට නොලැනෙ අතර කිසිදු අවධානමක් ද නොමැති බව සහ අවධානම් තත්ත්වයක් ද නිකුත් කර නොමැති බවයි.

    Conclusion (අවසාන නිගමනය): 

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන රාවණා ඇල්ලේ ඡායාරූප පෙළ සහ වීඩියෝව මීට ඉහතදී පළ කරන ලද ඒවා බවයි. මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් කිසිදු අවධානම් තත්ත්වයක් නොමැති බවත් එම ඡායාරූපවල දැක්වෙන පරිදි රාවණා දිය ඇල්ලේ ස්වභාවය වෙනසක් නොමැති බවද, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.