Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ඡායරූප පෙළින් දැක්වෙන්නේ පසුගිය දා පොළොන්නරුව ප්‍රදේශයේ සිදුවූ වන විනාශයක් ද?

    2021-02-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වන විනාශයන් හා ඒ ආශ්‍රිත තේමා යටතේ පසුගිය දින කිහිපයේම විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර නොයකුත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් ද වාර්තා වෙනවා. අප පසුගිය දා පිදුරුතලාගල වන විනාශයක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. පොළොන්නරුව ජල ගැලුම

    වන විනාශයන් හා ඒ ආශ්‍රිත තේමා යටතේ පසුගිය දින කිහිපයේම විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර නොයකුත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් ද වාර්තා වෙනවා. අප පසුගිය දා පිදුරුතලාගල වන විනාශයක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්.

    පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන වන විනාශයන් ඇතුළු විවිධාකාරයේ නීති විරෝධී කටයුතු පිළිබඳව පසුගිය කාලය පුරාම අපට පුවත් දැක ගැනීමට ලැබුණා. 

    මෙවන් පසුබිමක පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශයේ සිදුවන වන විනාශය බව පෙන්වීමට යොදාගෙන තිබූ ඡායරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුනේ පසුගිය කාලය පුරාවටම වන විනාශයන් සම්බන්ධයෙන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූප පෙළ 2019 වසරේ සිදු වූ වන විනාශයක් හා සම්බන්ධ ඡායාරූප පෙළක් බවයි

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    “පොලොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය තුල සිදුවන වන විනාසය” යන තේමාවෙන් ඡායාරුප පෙළක් සහිතව හුවමරු වී තිබු සටහනක් කෙටි කාලයක් තුළ විශාල පිරිසක් අතර හුවමරු වී තිබුනේ මෙලෙසින් 

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\56\4b2da829-ddbe-4860-92b7-1cc06c6f5e52.png

    Facebook | Archived Link

    මේ සඳහා ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර බොහෝ දෙනෙක් විසින් මෙය පැරණි ඡායාරුප පෙළක් යොදාගනිමින් වර්තමාන සිද්ධියක් ලෙස හුවා දැක්වීමට සිදුකර තිබු උත්සාහය හෙළා දකිමින් සටහන් ද පළකර තිබෙනු දැක ගණනට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බොහෝ දෙනෙක් විසින් නම් කර තිබු 2019 වසරේ ජුලි මාසයේ දී, ඉහත ඡායාරුප පෙළම Protect Sri Lanka ෆේස්බුක් පිටුවක් විසින් “දැවැන්ත වෘක්ෂයන්ට ගිණි ලා බිම හෙළා රජයේ ඉඩම් මංකොල්ලකන පොළොන්නරුව ජලගැලුම් නිම්නයේ ඛේදවාචකය….” යනුවෙන් පළකර තිබු සටහනක් පහතින්

    Protect Sri Lanka | Archived

    එම ඡායාරුප පෙළ ෆේස්බුක් පිටු රැසක් විසින් 2019 ජුලි මාසයේ දී මෙන්ම ඉන්පසුව  කිහිප අවස්ථාවක දී ද හුවමාරු කරගෙන තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනා. එවැනි වෙබ් අඩවි වාර්තාවක් මෙතනින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\56\789ee5a5-2f9e-49bf-acff-5205bb96774c.png

    එම ඡායාරුප එකතුවලින් ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෑත සිද්ධියක් යනුවෙන් හුවමාරු වන ඡායරූප සමඟ සංසන්දනය කිරීමේ දී ඒවා එකම සිද්ධියක් බව පැහැදිලි විය.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\56\Capture-2.JPG

    මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන පාලනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද මේ පිලිබඳව විමසා සිටියෙමු. පසුගිය කාලය පුරාවටම මෙම ප්‍රදේශය සිදුවන හානි පිළිබඳ කටයුතු සිදුකරන අතර ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව පවසමින් කියා සිටියේ ඡායරූපවල පෙන්වන්නේ පැරණි සිද්ධියක් බවයි.

    පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය සම්බන්ධයෙන් මෑතකදී පලවී තිබු මාධ්‍ය වාර්තා පරීක්ෂා කළෙමු. 

    මාධ්‍ය වාර්තා

    පෙබරවාරි මස 05 වැනිදා පළවූ පුවත් වාර්තාවකින් දක්වා තිබුනේ ද මෙම ප්‍රදේශයේ කුඹුක්, හැලඹ, හල්මිල්ල ඇතුළු වටිනා දැවැන්ත ගස් 300කට අධික ප්‍රමාණයක් යන්ත්‍ර උපයෝගී කරගනිමින් කපා දමා තිබු බවක්. එම වාර්තාව පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\56\643127b0-17d3-4214-bdbb-d4efadc18ee2.png

    Ada Derana

    “පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වන විනාශය” යන තේමාවෙන් එම වාර්තා සමඟ පළවූ වීඩියෝව මෙතනින්

    පොළොන්නරුව ජල ගැලුම් නිම්න පුරා විද්‍යා රක්ෂිත භූමියට ඇතුලු වී වගා කටයුතු වල නිරත වී සිටි පිරිසක්  අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධ පුවතක් මෙතනින්

    එසේම අනවසර වගා කිරීම සිදුකළ පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාවක් පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්

    ඉතා සංවේදී ජාතික වනෝද්‍යානයක් වූ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය හා ආශ්‍රිත ප්‍රදේශවල මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් සිදුවන විනාශ පිලිබඳ පරිසරවේදීන් දිගින් දිගටම හඬක් නඟා තිබෙනවා. 

    “පොළොන්නරුවේ ජල ගැලුම් රක්ෂිතය දේශපාලන දඩබිමක් වෙයි? ජල ගැලුම් රක්ෂිතය ගිනි ගනියි” යන තේමාවෙන් පසුගිය 2020 දෙසැම්බර් මස පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සිදුවන කුඹුක් ගස් කැපීමේ ජාවාරම්, වැලි ගොඩ දැමීම, අනවසර වගා කිරීම්, ගව ගාල් පවත්වාගෙන යාම ඇතුළු අක්‍රමිකතා රැසක් පිලිබඳ ව එහි සඳහන්.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ පසුගිය කාලය පුරාවටම වන විනාශ කිරීමේ කටයුතු, අනවසර වගා කිරීම්, ගව ගාල් කිරීම් ඇතුළු නීති විරෝධී කටයුතු රැසක් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය ආශ්‍රිතව සිදුවී ඇති බවයි. 

    කෙසේවෙතත් එම වන විනාශයන් පෙන්නුම් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ ඡායාරූප සටහන් සඳහා යොදා ගත් ඡායාරූප පෙළ 2019ජුලි මාසයේ සිට හුවමාරුවූ ඡායාරූප පෙළක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.