Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තුර්කියේ ප්‍රබල භූ කම්පනයෙන් පසු තම ස්වාමි දියණිය අත නොහැර ගිය සුනඛයෙකුගේ ඡායාරූපයක් ද?

    2023-02-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කි – සිරියා වැසියන් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් ඊයේ( පෙබරවාරි 06) දින තුර්කියේ ඇතිවූ ඇති වූ ප්‍රබල භූ කම්පන පෙළින් අනතුරුව මුළු ලොවම තුර්කිය වෙනුවෙන් හඬා වැළපුණා. මෙම භූ කම්පනයේ සං

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    තුර්කි – සිරියා වැසියන් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් ඊයේ( පෙබරවාරි 06) දින තුර්කියේ ඇතිවූ ඇති වූ ප්‍රබල භූ කම්පන පෙළින් අනතුරුව මුළු ලොවම තුර්කිය වෙනුවෙන් හඬා වැළපුණා. මෙම භූ කම්පනයේ සංවේදනිය ඡායාරුප සහ වීඩියෝ රැසක් හුවමාරු අතර ඒ ඡායාරූප අතරින් හදවත් කම්පා කළ දසුනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. 

    ඒ තම ස්වාමි දුව මිය ගියත් තනි නොකරපු සුරතල් සුනඛයෙකුගේ ඡායාරූපයක් යනුවෙන් සඳහනක් ද, ඇතිවයි. මෙම ඡායාරූපයේ සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “තුර්කියේ සිදුවු ප්‍රබල භූකම්පනයෙන් පසු තමන්ව බලා ගත්ත ගැහැනු ළමයා එලියට ගන්න උත්සාහ කරන ඒ ළමයාගේ සුරතලා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වූවා.

    Facebook | Archived Link Facebook | Archived Link

    ඊයේ දින(06) තුර්කියේ සිදුවූ භූ කම්පනයට සමගාමීව වූ සිදුවීමක් ලෙස මෙම ඡායාරූපය නොයෙකුත් තේමාවෙන් යටතේ ඊයේ සහ අද යන දෙදින බහුලව සංසරණය වනවා.

    එසේම “ හැර නොගිය ආදරේ” යන තේමාවෙන් ව්‍යංගාර්ථයෙන් තුර්කියේ සිදුවීමක් බව හඟවමින් මෙම ඡායාරූපය සහිත සටහන් පෙළක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    එසේම “ඊයේ තුර්කියේ සිදුවූ භූ කම්පනය #turkey #sadcuntry #viral #dog” යන ශීර්ෂය යටතේ එම අදහසින්ම මේ ආකාරයේ වීඩියෝ TikTok ඔස්සේ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    මේ හේතුවෙන් මෙහි සත්‍ය සොයා කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check ( කරුණු පරික්ෂා කිරීම්)

    මේ හේතුවෙන් අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය  Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ, ඉහත ඡායාරූපය 2018 වර්ෂයේ ඔක්තෝම්බර් 18 වන දින සිදුවූ භූ කම්පනයකින් අනතුරුව සුන්බුන් වූ ගොඩනැගිලි අතර තුවාල කරුවන් සොයන සුනඛයෙකු යන මාතෘකාව යටතේ Alamy Stock Images වල දක්වා ඇති අයුරුයි.

    alamy | Archived Link

    alamy | Archived Link

    කෙසේවෙතත් මෙම ඡායාරූප ගෙන ඇත්තේ කුමන රටේ කුමන තත්වයක් යටතේ ද යන්න සඳහන් කර නොතිබුණි.

    එමෙන්ම ඉහත ඡායාරූප වල දක්වා ඇති දිනයේම, එම තේමාවෙන්ම මෙම සුනඛයාගේ මෙන්ම තවත් සුනඛයෙකුගේ ඡායාරූප ද, අපට මෙලෙසින් සහ මෙලෙසින් දැක ගන්නට ලැබුණා. 

    alamy

    එහි දක්වා තිබූ ඡායාරූප වලින් පෙනී යන්නේ එම සුනඛයන් දෙදෙනාම සුන්බුන් අතරින් මිනිසුන් සොයා යන මෙහෙයුමක නිරත වී තිබු බවත්, තම ස්වාමියා මිය ගිය හේතුවෙන් ඒ අසළ රැඳී සිටින සුනඛයෙකු නොවන බවයි.

    එමෙන්ම එම සුනඛයින්ගේ ගෙල බැඳි පටිය සහ රතු කුරුස ළකුණින් ඔවුන් යම් කිසි ගැලවීමේ කණ්ඩායමකට අයත් පුහුණුව ලැබූ සුනඛයින් බවට අනුමාන කළ හැක.

    මෙම ඡායාරූප සිය කැමරාවට හසුකරගෙන සිටි චෙක් ඡායාරූප ශිල්පි Jaroslav Noskaගෙන් අප ද, ඇතුළුව බොහෝ ජාත්‍යන්තර කරුණු පරීක්ෂක කණ්ඩායම්වලින් විමසා සිටි අතර මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැත. ඔහුගේ ප්‍රතිචාර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    සෙවීම් සහ ගලවා ගැනීමේ සුනඛයින්(SAR)

    ඉහත ඡායාරූපය රැගත් ඇතැම් වෙබ් ලිපි පෙන්වා දෙන්නේ, මෙම සුනඛයින් සෙවීම් සහ ගලවා ගැනීමේ සුනඛයින්(Search And Rescue dogs) ලෙසින්. 

    සෙවීම් සහ ගලවා ගැනීමේ සුනඛයන්(SAR) යනු මිනිස් ව්‍යසනයේදී සේවා සේවකයින්ට සහ සිවිල් වැසියන්ට ආධාර සැපයීම සඳහා පුහුණු කරන ලද සුනඛ වර්ගයකි. නිදසුනක් වශයෙන්, යමෙකු සිරවී හෝ සුන්බුන් යට වැළලී තිබෙන අවස්ථාවක, SAR බල්ලෙක් ඔවුන්ගේ ගන්ධය ආග්‍රාණය කර, අනතුරේ සිටින පුද්ගලයින් සොයා ගැනීමට සොයා බැලිය යුතු ස්ථානය හදිසි කාර්මික ශිල්පීන්ට දැනුම් දෙනු ලබනවා. මේ පිළිබඳ පළ වූ තොරතුරු මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

    එසේම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූප පළ කර තිබූ 2018 ඔක්තෝම්බර් මාසයේදී ලොව පුරා සිදුව ඇති භූමිකම්පා සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වූ අතර මේ දිනයට ආසන්න වශයෙන් සිදු වූ භූමි කම්පා ලෙස 2018 සැප්තැම්බර් 28 වන දින ඉන්දුනීසියාවේ මධ්‍යම සුලවේසි ප්‍රදේශයට රිච්ටර් මාපක 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මීටර් 1.5 ක සුනාමි රළ ඇති වූ අතර එමඟින් පලු සහ ඩොංගාල ප්‍රදේශවලට පුළුල් හානියක් හා විනාශයක් සිදු වී ඇති බව ත්, ගැලවීම් හමුදා ක්‍රියාත්මක වූ බව ත්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. ඡායාරූප මෙතනින්.

    කෙසේනමුත් 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී තුර්කියේ කිසිඳු හෝ භූමිකම්පාවක් සිදුව තිබු බවක් වාර්තා වන්නේ ද නැහැ.

    තුර්කි භූ කම්පනය

    සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ ඊයේ (06) එරට වේලාවෙන් පස්වරු 04:17 ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ) සහ  එරට  වේලාවෙන් 13:30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4ට පමණ) හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4300 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

    රික්ටර් මාපකයේ 7.8 ක පළමු කම්පනය ගාසීඅන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී ඇති ව ඇති අතර, රික්ටර් පරිමාණ 7.5 ක අගයකින් යුත් දෙවන කම්පනය ඇති වූ අතර, එය පසු කම්පනයක් නොවන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා තිබුණා. 

    තුර්කි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, පළමු කම්පනයෙන් තුර්කියේ පමණක් පුද්ගලයින් 2900කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 15,000 කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි.

    මේ වන විට සිරියාවේ පුද්ගලයින් 1400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරියානු බලධාරීන් වාර්තා කොට තිබේ. දෙරටේ ම කඩා වැටුණු ගොඩනැගිලි සිය ගණනක සුන්බුන් අතරේ සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනවා.

    තුර්කියට ඊයේ දින බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ග්‍රීසිය සහ චෙක් ජනරජය ඇතුළු රටවල් කිහිපයක් තුර්කියට සුනඛයන් සහ බේරා ගන්නන් පිටත් කර ඇති බවට ද, විදෙස් මාධ්‍ය වාර්තා මෙලෙසින් පෙන්වා දෙනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.