Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන වන සංහාරයන්ගේ ඡායාරූප පෙළක් ද?

    2021-03-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ වන විට නැවතත් වන විනාශ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතයේ මායිමේ සිදු වන විනාශයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද සමඟින්. ඒ සම්බන්ධයෙන් අප කළ සවිස්තරාත්මක විමර්ශනය මෙතනින්.  එම උණුසුම

    මේ වන විට නැවතත් වන විනාශ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතයේ මායිමේ සිදු වන විනාශයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද සමඟින්. ඒ සම්බන්ධයෙන් අප කළ සවිස්තරාත්මක විමර්ශනය මෙතනින්. 

    එම උණුසුම පහව යන්නටත් පෙර තවත් වනාන්තර කිහිපයක් හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ඡායාරූප සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු අප නෙත ගැටුණා. එළෙස හවුමාරු වන පිටවල පතන වනාන්තරය, සිංහරාජ වනාන්තරය, කල්ලවඩා වනාන්තරය හා උඩුදුම්බර වනාන්තර හෙළි පෙහෙළි කිරීමේ ඡායාරූප, එම වන විනාශයට අදාළ ඡායා රූප නොවන බවට අපට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    JVP පරිසරවේදීයෝ යන ෆේස්බුක් බ්ලොග් පිටුවේ මෙරට වනාන්තර කිහිපයක සිදුවූ වන විනාශයැයි සඳහන් කරමින් පළ වූ සටහන් කිහිපයක් පහතින් දක්වා තිබේ.

    1. “පිටවල පතනේ මේ විනාශයන්ට වගකියන්නේ කවුද? ” යන්නයි. යම් පුද්ගලයින් දෙදෙනෙක් විසින් ගස් ඉරන අන්දමේ ඡායාරූපයක් මෙලෙස පළ කර තිබුණා.

    Facebook | Archived Link

    1. තවත් ඡායාරූපයක් පළ වුණේ, ගසක් කපා දමා ඇති අයුරුයි. එහි දක්වා තිබුණේ, “සිංහරාජයේ අවසන් ගමන් ගිය තවත් ගසක් !” යනුවෙනි.

    Facebook | Archived Link

    1. “ කල්ලවඩා රක්ෂිතයත් ඉවරයි !” යනුවෙන්ද එම බ්ලොග් පිටුවේ සඳහන් වුණේ මෙලෙසිනි. 

    Facebook | Archived Link

    1. “  උදුම්බර වන විනාශය ” යනුවෙන් තවත් සටහනක් එම ෆේස්බුක් බ්ලොග් පිටුවේ සඳහන් වුණා.

    Facebook | Archived Link

    JVP පරිසරවේදීයෝ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ෆේස්බුක් පිටුවක් බව පෙන්වීමට උත්සාහ ගනිමින් මෙම ෆේස්බුක් පිටුව ආරම්භ කර තිබෙන්නේ භාග්‍යා අබේරත්න තරුණිය විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව එනම් මාර්තු 15 වැනි දින බව පෙනී යනවා. මෙම ඡායාරූප අප රටේ වන විනාශයන් නොවන බවට ඇතමුන් ප්‍රතිචාර දක්වා තිබුණත්, තවත් පිරිසක් මෙම ඡායාරූප සත්‍ය කොට සලකා එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර තිබීම අපට දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත දක්වා ඇති ඡායාරූප නිරීක්ෂණය කොට reverse image සෙවුමකට ලක් කිරීමේදී අපට තහවුරු කරගැනීමට හැකි වුණේ, මෙම ඡායාරූප සියල්ලම පාහේ වෙනත් රටවල සිදුවූ වන විනාශයන් බවයි.

    1. “පිටවල පතනේ මේ විනාශයන්ට වගකියන්නේ කවුද?” යන්න සටහන ඇතිව හුවමාරු වන ඡායාරූපය ගෙන ඇත්තේ ඉන්දියාවේ THE TIMES OF INDIA යනාදී පුවත් වෙබ් අඩවි රැසක පළ වූ ඉන්දියාවේ බැංගලෝරිහි සිදු කෙරුණු වන විනාශයක් ඇතුළත් ඡායාරූපයකි. 2016 එ් සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ පළ වූ සම්පූර්ණ වාර්තාව මෙතනින්.

    THE TIMES OF INDIA | Archived

    2. “සිංහරාජයේ අවසන් ගමන් ගිය තවත් ගසක් !” යනුවෙන් දක්වා තිබුණ ඡායාරූපයද ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ගස් රැසක් 2019 දෙසැම්බර් මස කපා බිම හෙළා ඇති අයුරු ඉන්දියානු වෙබ් අඩවි ඔස්සේ වාර්තා කර තිබූ ඡායාරූපයක්. එම සටහන පහතින්

    Downtoearth.org.in | Archived

    1. “කල්ලවඩා රක්ෂිතයත් ඉවරයි !” යන මැයින් ද පළවූ සටහනේ තිබු ඡායාරුපය MONGABAY.COM නම් වෙබ් අඩවියක සඳහන් වුන කොලොම්බියාවේ වන විනාශයක ඡායාරූපයකි.

    MONGABAY.COM | Archived

    1. “ උදුම්බර වන විනාශය ” දක්වා තිබූ ඡායාරූපය බැලූ බැල්මට අප රටට අයත් වනයක් නොවන බව දකින්නට පුළුවන්. වන විනාශය පෙන්වීම සඳහා ලොව බොහෝ වෙබ් අඩවි යොදාගෙන තිබු Vera Kratochvil විසින් ලබාගෙන තිබු වන විනාශය නිරුපණය කරන ඡායාරුපයක් බව පෙනී ගියා. පොතු කුරුමිණියන්ගේ හානි හේතුවෙන් ගස් කැපීමෙන් පසු වනාන්තරයකට අත්වී ඇති ඉරණම ය විසින් එමඟින් නනිරුපණය කර තිබුනේ පහත අයුරින්.

    publicdomainpictures.net | archives

    මේ අනුව ඉහත ඡායාරූප සියල්ලම වෙනත් රටවල සිදුවන වන සංහාර සම්බන්ධ පැරණි සිද්ධි බව තහවුරු වෙයි.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ජනතාව මුලා කිරීමේ අරමුණින් ලංකාවේ නොවන ඡායාරූප භාවිත කරමින් ලංකාවේ විවධ ප්‍රදේශවල සිදුවන වන විනාශ බව පෙන්වා දීමට හුවමරු වී තිබු සටහන් පෙළක් බවයි. කෙසේනමුත් එය ඉහත ප්‍රදේශවල වන විනාශයන් සිදු නොවන බව හුවා දැක්වීමක් නොව, ඉහත සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ ලංකාවේ ඡායාරුප නොවන බව පෙන්වා දීමක් පමණයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන වන සංහාරයන්ගේ ඡායාරූප පෙළක් ද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.