
මෙරට පවතින ඉන්ධන හිඟය හමුවේ, ජනතාව ඉන්ධන පෝලිම් අසල දින ගණනාවක සිට එක් රොක් වුණා. එමෙන්ම කළු කඩ වෙළඳුන්, විශාල අගයකට ඉන්ධන විකිණීම හේතුවෙන් සාමාන්ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වුණා.
මේ හේතුවෙන්, මෙම අයථා ක්රියා නැවැත්වීමටත්, වැඩි පිරිසකට ඉන්ධන ලබා ගැනීමට හැකි වන අයුරින් වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අදාළ දිනයන්හි දී සහ QR කේත ක්රමයක් යටතේ එක් වාහනයකට සීමිත ඉන්ධන ප්රමාණයක් (කොටා ක්රමයට) නිකුත්කිරීමට, බලශක්ති අමාත්යාංශය විසින් පියවර ගනු ලැබුවා.
වර්තමානයේ ද එම ක්රමය ක්රියාත්මක වන අතර, වාහන අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු සොයා බැලීම පහතින්.
සමාජ මාධ්ය සටහන්:
ඒ අනුව වාහන ලියාපදිංචි අවසන් අංක 0,1,2 සහිත රථ සඳහා සඳුදා සහ බ්රහස්පතින්දා දිනයන්හි දී ද අවසන් අංක 3,4,5 සහිත රථ සඳහා අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්හි දී ද අවසන් අංක 6,7,8,9 සහිත රථ සඳහා බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි දී ද ඉන්ධන නිකුත් කරන බව දක්වමින්, ජුලි මස 24 වනදා හුවමාරු වූ සමාජ මාධ්ය සටහනක් මෙලෙසින්.

ඉහත සඳහන් දිනයන් සහිත සටහන් පෙළක් මේ දිනවල ඉන්ධන ලබා දෙන දින ලෙස සඳහන් කරමින් සංසරණය වන තවත් සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link | Archived Link
එසේම එම සටහන්හි දැක්වුණේ නව තාක්ෂණික ක්රමවේදය ක්රියාත්මක වීමත් සමග ඉන්ධන ලබාගත හැකි බවට නිල වශයෙන් නිවේදනය කළ පසු මේ පරිද්දෙන් ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ලබාගත හැකි බවයි.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම):
පවතින ඉන්ධන අර්බුදය හමුවේ, රථවාහන වලට ඉන්ධන ලබා දීමට, බලශක්ති අමාත්යාංශය විසින් ඉන්ධන කෝටා ක්රමයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව, තම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ අදාළ දිනයන්හි දී පමණක් රථ වාහන සඳහා, ඉන්ධන කෝටාව ට අනුව ඉන්ධන ලබා ගත හැකි බව මුලින් බලශක්ති අමාත්යංශය විසිනි යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා . ඒ පිළිබඳව පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්. Archived Link ඒසේ යෝජිත වූ දින පහතින්
0,1,2 – සඳුදා, බ්රහස්පතින්දා
3,4,5 – අඟහරුවාදා, සිකුරාදා
6,7,8,9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා
මෙම දින සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන සටහන් සමග ගැලපුණ ද පසුව එම දිනයන් සංශෝධනයක් සිදුවූ අතර දැනට ඉන්ධන නිකුත්කරනු ලබන්නේ එසේ සංශෝධනය වූ දින බෙදා දීම් අනුවයි.
පසුගිය ජූලි 18 වන දා විදුලිබල හා බලශක්ති අමාත්ය, කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ දිනයන්හි වෙනසක් සිදු වූ බවත් සංශෝධිත පහත දිනයන් පරිදි ජුලි 21 වන දා සිට දිවයින පුරා ඉන්ධන නිකුත්කිරීමේ සිදුවනු ඇති බවත් තෝරාගත් ස්ථාන කිහිපයක් පමණක් QR කේත ක්රමය අත්හදා බැලීම ආරම්භ කෙරෙන බවයි.
ඒ අනුව සංශෝධනය වූ නව දිනයන් මෙසේය.
0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 – බ්රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා
Update –
— Kanchana Wijesekera (@kanchana_wij) July 19, 2022
1) Changes to the last Digit of Number Plate for Fueling – Will be effective from 21st July, Islandwide
0,1,2 – Tuesday & Saturday
3,4,5 – Thursday & Sunday
6,7,8,9 – Monday, Wednesday & Friday
QR Code will be tested @ multiple locations in Colombo 21-24th July.
මේ පිළිබඳ ප්රධාන මාධ්ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීමේදී ඇති වන අයථා සිදුවීම් වලට විසඳුමක් ලෙසත්, දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසාත් රථ වාහන හිමිකරුවන් වාහනය ලියාපදිංචි කර ඇති අංකය සහ චැසි අංකය අනුව ජාතික ඉන්ධන බලපත්ර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් බලශක්ති අමාත්යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
ඒ අනුව https://fuelpass.gov.lk/යන වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය, විදේශ ගමන් බලපත්ර අංකය හෝ ව්යාපාර අංකය ඇතුළත් කර මේ සඳහා ලියාපදිංචි වීමෙන් අනතුරුව තමාගේ QR කේතය ලබා ගැනීමෙන් පසු මෙම බලපත්රය නිකුත් කිරීම සිදු කෙරිණ.
වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම මේ දිනවල CEYPETCO සහ LIOC පිරවුම්හල් හරහා සිදු කෙරෙන අතර, ජාතික ඉන්ධන බලපත්රය අනුව ඉන්ධන නිකුත්කිරීම ද (QR කේතයට අනුව) දිවයින පුරා පිරවුම්හල් රැසක ක්රියාත්මක කෙරෙනවා.
National Fuel Pass Update (1-7)
— Kanchana Wijesekera (@kanchana_wij) July 25, 2022
1) National Fuel Pass will be implemented islandwide from Tuesday 26th July in Multiple locations at CEYPETCO & LIOC. The system will be in place with the Last Digit of Number Plate until the 1st of August.
එසේම බලශක්ති අමාත්යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, QR ක්රමයට සියලු ඉන්ධන පාර්භෝගිකයින් අනුගත විය යුතු බවත්, අගෝස්තු 01 වනදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එසේ සම්පුර්ණයෙන්ම මෙම පද්ධතියට අනුගත වීමෙන් පසුව, වාහන අංක තහඩුවේ අවසාන අංකය සහ අනෙකුත් ක්රමවේ ද වලංගු නොවන බවයි.

මෙසේ ඉන්ධන ලබා දෙන දිනයන් පිිළබඳ හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පිළිබඳ අප ෆේස්බුක් ඔස්සේ පාඨකයින් දැනුවත් කළ පෝස්ටුවක් මෙතනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දෙන දිනයන් ලෙස සමාජ මාධ්ය ඔස්සේ මේ දිනවල සංසරණය වූ ඇතැම් සටහන් වල දැක්වූ දිනයන්, එම දින බෙදා දීමේ සංශෝධනය කිරීමට පෙර සඳහන් වූ යෝජිත දිනයන් බවයි.
කෙසේනමුත් වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව නිල වශයෙන් ඉන්ධන බෙදා දීම ආරම්භ වූ ජුලි 21 වනදා සිට මේ දක්වාම ක්රියාත්මක වන දින බෙදා දීම අනුව වාහන අංකයේ අවසන් ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනයන් ද, 3,4,5 නම් බ්රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන් ද, 6,7,8,9 නම් සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්හි දී ද ඉන්ධන නිකුත් කිරීම සිදුවෙනවා.
එසේම මෙම ක්රමයට සමගාමීව QR කේත ක්රමයට අනුව ද ඉන්ධන ලබාදීම මේ දිනවල දී ක්රියාත්මක වන අතර බලශක්ති අමාත්යංශය පවසා සිටින්නේ අගෝස්තු මස සිට 01 වනදා සිට QR ක්රමය යටතේ පමණක් ඉන්ධන නිකුත්කිරීමට බලාපොරොත්තු වන බැවින් සියලු ඉන්ධන පාරිභෝගියකයින් ට ඒ සඳහා අනුගත වෙන ලෙසයි.



