Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉරාන ජනපතිගේ මාරාන්තික ගුවන් අනතුරින් පසුව හුවමාරුවන නොමගයවන සුළු වීඩියෝ සටහන්! 

    2024-05-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී සිදුවූ මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින්, ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ජිවිතක්ෂයට පත්වූ බව, මැයි 20 වැනිදා ඉරාන මාධ්‍ය වාර්තා කළා. එම අනතුරින් පසුව එය පිළිබඳ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී සිදුවූ මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින්, ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ජිවිතක්ෂයට පත්වූ බව, මැයි 20 වැනිදා ඉරාන මාධ්‍ය වාර්තා කළා. එම අනතුරින් පසුව එය පිළිබඳව සහ වෙනත් හෙලිකොප්ටර් අනතුරු පිලිබදව නොමයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    Claim 1: රේසිගේ අනතුර දැක්වෙන වීඩියෝවක් ලෙස පහත වීඩියෝව සමාජ ජාලාවල පැතිරෙනවා. ලක්ෂ තුනකට ආසන්න වාර ගණනක් නරඹා තිබු මෙම වීඩියෝවේදී ද, හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව බිමට පතිතවන අයුරු දැක්වෙනවා.

    FB | Archived 

    මෙම වීඩියෝව ‘X’ ඔස්සේ ද හුවමාරු වී තිබු අතර එහි සත්‍යතාවය විමසා තිබු අවස්ථාවක් මෙතනින්.

    Claim 2: එසේම ඉරාන ජනපති ඇතුළු ප්‍රභූ පිරිස ගමන් ගත් හෙලොකොප්ටරයේ අවසන් මොහොත ලෙස තවත් වීඩියෝවක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්. 

    එසේම මීට දින කිහිපකට පෙර, ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයෙක් විසින් මිසයිලයක් යවා පකිස්තාන හමුදා යානයක් බිම හෙළන දර්ශණයක් ලෙස ද මෙම වීඩියෝව හුවමාරු වී තිබු අයුරු පහතින්.

    FB | Archived 

    මේ වීඩියෝ දෙක පිළිබද කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    රේසි මරණයට පත් ගුවන් අනතුර ලෙස සදහන් වෙමින් හුවමාරුවන පළමු වීඩියෝව :

    ඉරාන ජනපති අනතුරට ලක්වූ අවස්ථාව Invid-We-verifry භාවිතයෙන් අප සිදුකල පරීක්ෂා වේදී තහවුරු වුවේ මෙම වීඩියෝව වසර කිහිපයක් පැරණි වීඩියෝවක් වන අතර එය ඉරානයට හෝ එහි ජනාධිපතිවරයාට සම්බන්ධයක් නොමැති බවයි. මෙහි දැක්වෙන්නේ 2022 වසරේ ජුලි මාසයේදී ජෝර්ජියාවේ උතුරු දිග කදුකර ප්‍රදේශයේදී, එහි දේශසීමා පොලිසියට අයත් MI -8 වර්ගයේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වූ අවස්ථාවක්. 

    වෛද්‍යවරුන් දෙදෙනෙක් , සහන සේවකයන් 4 දෙනෙක් සහ ගුවන් දෙදෙනෙක් සිටි හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වූ අවස්ථාවේ මෙම සියලු දෙනාම මිය ගොස් ඇති අතර, ඔවුන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරිමට ද ජෝර්ජියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

    Archived 

    ඒ සම්බන්ධයෙන් Georgia Today හි පළව තිබුණු පුවත් වාර්තාවක් මෙතනින්.

    හමුදා සාමාජිකයෙක් මිසයිලයක් යවන ආකාරයක් දැක්වෙන දෙවන වීඩියෝව:

    මෙම වීඩියෝවේ දර්ශන ද Reverse Image සෙවුමක් ඔස්සේ පරික්ෂා කිරීමේදී අපට දක්නට ලැබුණේ මෙම වීඩියෝව ද, වසර කිහිපයකට පෙර (2016 පමණ සිට ) සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝවක් වන අතර මෑතක සිදුවීමක් නොවන බවයි.

    මේ පිලිබදව 2016 දී සටහනක් තබන Washington Post වෙබ් අඩවිය පවසන්නේ මෙය තුර්කියේ සිදුවීමක් වන අතර කුර්දිස්ථාන් ගරිල්ලා සටන්කාමියෙකු විසින්, මිසයිලයක් යවා, තුර්කි හමුදා හෙලිකොප්ටරයක් විනාශ කරන අවස්ථාවක් දැක්වෙන බවයි. Washington Post වාර්තාව මෙතනින් Archived 

    ඉරාන ජනපති ඇතුළු ප්‍රභූ පිරිස මුහුණදුන් මාරාන්තික අනතුර

    ඉරාන නිලධාරීන් පවසන පරිදි, අසර්බයිජානයේ Qiz-Kalasi වේල්ල විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී, එම වේල්ලට දකුණින් කිලෝමීටර 58km පමණ දුරින් සහ Uzi ගම්මානයට කිලෝමීටර 2 ක් නිරිත දෙසින් දුරස්ථ කඳුකර ප්රදේශයක දී, මැයි මස 19 වන ඉරිදා, දේශීය වේලාවෙන් දහවල් 1:30 ට (GMT 10:00) පමණ මෙම මාරාන්තික ගුවන් අනතුර සිදු විය. එසේම එම අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි මිදුම් තත්වයක් තිබු බව ද වාර්තා වූ අතර, ඉහත සමාජ මාධ්‍ය සටහන්හි එවැනි තත්වයක් ද දැක ගන්නට ලැබෙන්නේ නැහැ. 

    අධික මීදුම සහ වර්ෂාපතනය හේතුවෙන් දුෂ්කරතාවයට පත්වී හෙලිකොප්ටරය කඩා වැටීමට මුහුණ දුන් බව සඳහන් වුවද, යානය කඩා වැටීමට බලපෑ හේතුවක් මෙතෙක් ඉරාන බලධාරීන් වාර්තා කර නැහැ.

    එම අවසානාවන්ත ගමනේ ගමන් ගත් අනෙකුත් පුද්ගලයින්, හෙලිකොප්ටරයේ විස්තර, ඇතුළු විස්තර ඇතුළත් වාර්තාවක් මෙතනින්.

    එසේම, අනපේක්ෂිත ලෙස සිදුවූ රයිසිගේ හදිසි වියෝව හේතුවෙන්, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින්, ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, එරට කටයුතු මෙහෙයවීම සඳහා පළමු උපජනාධිපති මොහොමඩ් මොක්බර් පත් කරනු ලැබී ය.  

    Also Read: ඉරාන ජනාධිපති ගමන් කළ ගුවන් යානයේ මුදවා ගැනීමේ මෙහෙයුමේ ඡායාරූප නොවේ!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-05-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.