Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: තෙල් මිල ඉහල දැමීමකට විරෝධය පෑ ජර්මන් ජනතාව, වාහන මිලියන ගණනක් මහ පාරේ අතහැර දැමුවාද?

    2021-08-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය ජුනි මාසයේ දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමට විරෝධය ප්‍රකාශ කළ බොහෝ පිරිස් පෙන්වා දුන්නේ මෙවන් වසංගත සමයක, මෙබඳු තීරණ හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි. එවන් වටපිටාවක් තුළ, තෙල් මිල ඉහළ යාම විරෝධතා දක්වන සටහන් සමාජ ජාලා තුල දැනටත් ඇතැම් අවස්ථාවල හුව

    පසුගිය ජුනි මාසයේ දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමට විරෝධය ප්‍රකාශ කළ බොහෝ පිරිස් පෙන්වා දුන්නේ මෙවන් වසංගත සමයක, මෙබඳු තීරණ හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි. එවන් වටපිටාවක් තුළ, තෙල් මිල ඉහළ යාම විරෝධතා දක්වන සටහන් සමාජ ජාලා තුල දැනටත් ඇතැම් අවස්ථාවල හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. ජර්මානු වැසියන් සිය රට තුල සිදුවූ තෙල් මිල ඉහල යාමකට විරෝධය දැක්වීමට ගත් පියවරක් ලෙස සඳහන් කරමින් සමාජ ජාලා වල මේ දිනවල සංසරණය වූ ඡායාරූපයක් පිලිබඳව අප සිදු කල ගවේශණයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Vishal Premarathe නම්පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනකුයි මේ.

    එහි සඳහන්ව තිබුනේ , “ජර්මානු  රජය විසින් තෙල් මිල වැඩි කළ පසු, පැයක් ඇතුලතදී මිනිසුන් තම වාහන නගරවල අතහැර දමන ලදී.මිලියනයක් පමණ අතහැර දැමූ වාහන නිසා රජය නැවතත් තෙල් මිල පහත දැමූහ.ජනතාව බුද්ධිමත් විට දූෂණය පරාජ කළ හැක.”

    Facebook | Archived

    මේ ආකාරයේ සටහන් සමාජ ජාල ඔස්සේ පැතිර තිබුණේ මෙසේයි.

    Facebook| Archived 

    ඉහත සටහන්වල  දැක්වෙන  කරුණු නිවැරදි දැයි පරීක්ෂාකර බලන ලෙස ලැබුණු ඉල්ලීම් නිසා අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාකර බැලීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එයින් ලද දත්ත විශ්ලේෂණය කිරීම මගින් අනාවරණය වූයේ මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2012 වසරේ සැප්තැම්බර් 30 වනදා  චීනයේ Guangdong පළාතට අයත් Shenzeng නගරයේදී වන බවයි. ඒ චීන අධිවේගී මාවතක ඇතිවූ රථ වාහන තදබදයක් පැවති අවස්ථාවකදී බවයි. මෙම ඡායාරූපයේ හිමිකාරීත්වය ඇත්තේ Rex Features සතුවයි.

    මෙම ඡායාරූපය සම්බන්ධ Shutterstock තොරතුරු මෙලෙසින්.

    Web | Archived

    එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළවූ වෙනත් ඡායාරුප පරීක්ෂා කිරීමේ දී ද අපට දැකගන්නට ලැබෙන්නේ එම මාර්ගයේ මාර්ග සංඥා චීන භාෂාවෙන් පළකර තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

    එක්සත් රාජධානියට(UK) අයත් Telegraph පුවත්පතේ වෙබ් අඩවියකද මෙම ඡායාරූපය සහිත වාර්තාවක් ඔස්සේ 2012 ඔක්තෝබර් 1 වන දින ඉදිරිපත් කරමින් පවසන්නේ මෙම රථවාහන තදබදය චීනයේදී ඇතිවූවක් වන බවටයි. එමෙන්ම ඒ සඳහා හේතුවූ කරුණුද ඔවුන් දක්වා තිබෙනවා.

    Telegraph වාර්තාවට අනුව මෙම රථවාහන තදබදය සඳහා හේතු වී ඇත්තේ සරත් සමයේ (Autumn) මධ්‍ය නිවාඩු සතිය ගත කිරීම සදහා විවිධ ප්‍රදේශ කරා සංචරණය කිරීමට චීන වැසියන් විශාල ප්‍රමාණයක් සිය මෝටර් රථ අධි වේගී මාර්ග වෙත යොමු කිරීමයි.

    විශාල වාහන ප්‍රමාණයක් අධිවේගී මාවත් වෙත යොමු කිරීම සඳහා හේතුවී ඇත්තේ චීන බලධාරීන් විසින් නිවාඩුව ගත කිරීම සඳහා නිවෙස්වලින් බැහැරව යන වැසියන්ගෙන් අධිවේගී මාවත් භාවිතය සඳහා වන ගාස්තු අය කිරීම තාවකාලිකව  නතර කිරීමට ගෙන තිබූ තීරණය බවත් සඳහන්. වාහන තදබදය අඩු වන තෙක්  දීර්ඝ කාලයක් තිස්සේ මාවත් වල සිරවූ රියදුරන් සහ රථ වාහන වල ගමන්ගත් පුද්ගලයින් මෝටර් රථ නවතා තබා ඒවායින් එලියට පැමිණ කාලය ගතකල බව Telegraph සටහනේ දැක්වෙනවා.එම වෙබ් අඩවි සටහන සඳහා ප්‍රවේශය මෙතනින්.Archived.

    මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාව කිහිපයක් ම විවිධ භාෂාවලින් සිදුවී තිබු අතර රොයිටර් වාර්තාවට පිවිසුම මෙතනින්.Archived

    එමෙන්ම තවදුරටත් මේ පිළිබදව කරුණු සොයා බැලීමේදී තහවුරු වූයේ සමාජ ජාලා වල සටහන් වල ඡායාරූප‍යේ දැක්වෙන  ආකාරයේ විරෝධතාවයක් ජර්මන් රාජ්‍ය තුල වාර්තා වී තිබු ආකාරයක් ද දැක ගන්නට ලැබුනේ නැහැ. 

    කෙසේ වෙතත් ජර්මනියේ මේ දිනවල පෙට්‍රල් සහ ඩීසල් මිල මතභේදාත්මක කරුණක් වී තිබේ. ඒ බවට දැක්වෙන පුවත් වාර්තාවක් මෙතනින්.

    අපගේ කරුණු විමසීම් පිලිබද කරුණු දැනගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ  ජර්මානු  රජය විසින් තෙල් මිල වැඩි කළ පසු, පැයක් ඇතුලතදී එරට ජනතාව තම රථ වාහන නගරවල අතහැර දැමූ බවට දැක්වෙන ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම  දැක්වෙන්නේ චීනයේ අධිවේගී මාවතක රථවාහන තදබදයක් (2012 වසරේදී)සිදුවූ අවස්ථාවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.