
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්රදේශයේදී අනතුරට ලක් වී ජනාධිපති ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම අවස්ථාවේ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරක අවස්ථාවේ ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ ඡායාරූප වල නිරවද්යතාව සොයමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්ය සටහන් :
හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසී සහ එම හෙලිකොප්ටර් යානාවෙ ගමන් ගත් විදේශ අමාත්ය වරයාද අනෙකුත් සියලු දෙනාද ජීවිතක්ෂයට පත්වූ වග ඉරාන රජය නිල වශයෙන් තහවුරු කර ඇති පුවත සඳහා එම අනතුරේ ඡායාරූප ලෙස දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

මෙම සටහන් වල නිරවද්යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්රදේශයේදී අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ එම ජනාධිපති ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවට ඊයේ(20) විදෙස් මාධ්ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
මෙම ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් සිදු කරන අවස්ථාවේ ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී අනාවරණය වූයේ එම ඡායාරූප එකතුවේ ඇතැම් ඡායාරූප එම ගුවන් අනතුරට අදාළ ඡායාරූප නොවන බවයි.
මෙම පින්තූරය මුලින් ‘X’ හි 2020 වසරේ අප්රේල් 22 වන දින ඉරාන මානුෂීය සංවිධානයක් වන Red Crescent විසින් පළ කරන ලද ඡායාරූපයක් වන අතර එය පර්සියානු භාෂාවෙන් එහි සිරස්තලය දැක්වෙන්නේ Bisheh Kolah සිට Tehran දක්වා ගමන් කළ ගුවන් යානයක් Salman Shahr අසල පිහිටි ස්ථානය කඩා වැටී ගුවන් නියමුවා සහ සහය නියමුවා මිය ගිය අතර එහි සුන්බුන් සෙවීමේ මෙහෙයුම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.
#سقوط_هواپیما در مازندران/خلبان و کمک خلبان جانباختند
— جمعیت هلالاحمر ایران (@Iranian_RCS) April 22, 2020
رییس سازمان امدادونجات:
یک فروند هواپیما که از بیشه کلاه به مقصد تهران در حال پرواز بوده است بر اساس گزارش مردمی و نهادهای نظامی در ساعت ۱۳:۰۰ UTC، حوالی #متلقو (سلمان شهر) سقوط کرد
جزییات بیشترhttps://t.co/7tFY8jxgGM pic.twitter.com/Owei5h4bB7
ඉරාන ජනාධිපති රයිසි රැගෙන යමින් සිටියදී කඩා වැටුණු හෙලිකොප්ටරය බෙල් 212 යානයක් බව ඉරාන රාජ්ය මාධ්ය උපුටා දක්වමින් පුවත් වාර්තා කළ අතර සමාජ මාධය ඔස්සේ එම අනතුරේ ඡායාරූප බවට දක්වමින් පළ වූ ඡායාරූප වල දැක්වෙන ගුවන් යානය අංක 1136 දරයි. එම යානය 2020 දී සිදු වූ ගුවන් අනතුරට පෙර ඉරානයේ පොලිසිය විසින් භාවිතා කරන ලද Cessna T206H Turbo Stationair II ට සමාන වේ. ඒ සම්බන්ධයෙන් පළ වූ තව ත් ඉරාන මාධ්ය වාර්තාවක් මෙතනින්. Archived Link
මේ සම්බන්ධයෙන් වෙනත් කරුණු පරීක්ෂණ කණ්ඩායම් සිදු කළ කරුණු විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්.
අනතුර සිදු වී ඇත්තේ අසර්බයිජාන් දේශසීමාවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ එක්ව වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී. ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැඟෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි සහ වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේවමෙහෙය සිදු කළ ප්රධාන පූජක හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් අනතුර සිදුවන මොහොතේදී ජනාධිපතිවරයා සමඟ හෙලිකොප්ටර් යානයේ සිටි බව ද එරට රජයේ මාධ්ය තහවුරු කරයි. ඝන මීදුම හේතුවෙන් නැඟෙනහිර අසර්බයිජාන් පළාතේ හදිසි ගොඩබෑමකට උත්සාහ කිරීමේදී අනතුර සිදුවන්නට ඇතැයි ඉරාන රජය විශ්වාසය පළ කරනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානයේ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදුවන අවස්ථාවේ ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ ඡායාරූප වල දැක්වෙන්නේ 2022 වසරේ ඉරාන මානුෂීය සංවිධානයක් වන Red Crescent විසින් මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලද Bisheh Kolah සිට Tehran දක්වා ගමන් කළ ගුවන් යානයක් Salman Shahr අසල පිහිටි ස්ථානය කඩා වැටීමෙන් සිදු වූ ගුවන් අනතුරේ ඡායාරූප වේ.



