Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කාසල් රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් ද?

    2023-10-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා. ඒ හේතුවෙන් එම දරුවන් අළලා නිර්මාණය කරන ලද නොමග යන සුළු සටහනක් වුවද, පළ කිරීමෙන් අසත්‍ය සටහන් වලට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පසුගියදා කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා. ඒ හේතුවෙන් එම දරුවන් අළලා නිර්මාණය කරන ලද නොමග යන සුළු සටහනක් වුවද, පළ කිරීමෙන් අසත්‍ය සටහන් වලට වුවද, හොඳ ප්‍රතිචාර ලැබෙන බැවින් එවැනි සටහන් පළ කිරීමට ෆේස්බුක් පිටු ඇඩ්මින්වරුන් යුහුසුළුව කටයුතු කරනු ලබනවා. එලෙසෙින් නොමග යන සුළු අන්දමින් පළ කරන ලද ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    කාසල් රෝහලේදී රාගම ප්‍රදේශයේ මවකට ලැබුණු සය නිවුන් පුංචි පුතාල හය දෙනාගේ ඡායාරූපයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ ඉහත ඡායාරූපය එම සය නිවුන් දරුවන් ලෙසට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පසුගිය 15 වන දා සය නිවුන් දරු උපතක් සිදු වුණා. මෙම පුවත පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා උත්කර්ෂවත් අන්දමින් වාර්තා කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම දරුවන් සය දෙනාගේ ඡායාරූප ප්‍රධාන මාධ්‍ය වාර්තා විසින් පළ කර ඇති බවට අප දැක ගැනීමට නොහැකි වූ නිසා ඉහත ඡායාරූපය එම බිළිඳුන් සය දෙනාගේ ඡායාරූපයක් ද, යන්න පිළිබඳව අප පරීක්ෂාවක් සිදු කළා.

    ප්‍රධාන මාධ්‍ය ධාරා ද, එම පුවත වාර්තා කළ ත්, ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි එම දරුවන්ගේ පැහැදිලි ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඇති බව ට අප ට දැක ගන්නට නොලැබුණි. එලෙසින් මාධ්‍ය ධාරාවල පළ වූ වීඩියෝ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව, ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    2016 වසර වන විට ත්, වසර 21 ක් පුරා අලෙවි වන ඡායාරූපයක් වන ඉහත ඡායාරූපය  අමෙරිකාවේ  Danbury හි රෝහලක අලුත ඉපදුණු බිළිඳුන් 6 දෙනෙකුගේ ඡායාරූපයකි. එම ඡායාරූපය ගෙන ඇත්තේ චිත්‍රපට ඡායාරූප ශිල්පියෙක් විසින් වන අතර ඔහුගේ දියණියද, එම ඡායාරූපයේ 2වන පේළියේ වම් කෙළවර සිටින බවටයි ඔහු සඳහන් කර ඇත්තේ

    මෙම දරුවන් නිවුන්නු නොවන අතර මව්වරුන් කිහිපයගේ දරුවන් වන බව ත්, මෙම ඡායාරූපය වෛද්‍යවරුන්ගෙන් හා එම මව්වරුන්ගේ අවසරය ඇතිව ලබා ගත් ඡායාරූපයක් බවට වාර්තා වේ.

    pixsy

    ඒ අනුව ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගියදා සිදුවූ සය නිවුන් දරුවන්ගේ ඡායාරූප නොවන බවට පැහැදිලිවේ.

    වේයන්ගොඩ පදිංචි ඉසුරු පෙරේරා මෙම බිලිඳුන්ගේ පියා වන අතර ඔවුන් විවාහ වී වසර 12ක් ගතව ඇතත් දරුවන් නොමැති වීම නිසා දෙදෙනාගේම කැමැත්ත ඇතිව නළ දරු උපතක් කෙරෙහි යොමුව තිබේ. ඒ අනුව කළල තැන්පත් කිරීමෙන් පසු ඔවුන් දරුවන් පස් දෙනකුගේ මව්පියන් බවට පත් වන බවට දැනගන්නට ලැබී තිබේ. ඇයගේ කුසට සති 26ක් පිරුණු පසු ඇය නැවත වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි කාසල් රෝහලට පසුගිය ඉරුදින ඇතුළත්ව ඇත. එහිදී ඇයට ප්‍රසූත ලක්ෂණ පහළ වීමෙන් පසු ප්‍රසව හා නාරීවේද විශේෂඥවරු සිව් දෙනකුගේ සහාය ඇතිව සිසේරියන් සැත්කමක් මගින් ඇයගේ දරුවන් පස් දෙනා මෙළොව එළිය දක්නට වාසනාව ලද්දෝය. දරුවන් පස් දෙනකු බව කියා තිබුණ ද සැත්කම අතරතුර ඒ අතර තවත් දරුවකු සිටින බව දැනගන්නට ලැබී තිබේ.

    කෙසේ වෙතත් මෙම සය නිවුන් පිරිමි දරුවන් අතරින් එක් දරුවෙකුගේ පෙනහළුවල පැවති ආබාධයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලට මාරු කොට නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් තිබුණා.

    මෙසේ උපත ලද සය නිවුන් දරු පැටවුන්නේ බර ග්‍රෑම් 400ත් 700ත් අතර වන බැවින් ඔවුන් රැක ගැනීමේ විශාල අභියෝගයක් තිබේ. මේ නිසා මේ දරු උපත සැමරීය යුතු අවස්ථාවක් නොවන බව ත්, මේ උපත සැමරිය යුත්තේ දරුවන් සුවසේ තම නිවෙසට යන දිනයේ බව කාසල් රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා සඳහන් කරනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගියදා කාසල් රෝහලේදී රාගම ප්‍රදේශයේ මවකට ලැබුණු සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය එම දරුවන්ගේ නොවන බවයි. සත්‍ය දරුවන්ගේ ඡායාරූප මෙතෙක් මාධ්‍ය වෙත මුදා හැර නොමැති අතර එම ඡායාරූපය අමෙරිකාවේ මීට වසර 28 කට පමණ පෙර සිට ම අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.