Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රුසියාවේ සුනාමි  ව්‍යසනයේ වීඩියෝ බවට පෙන්වීමට පැරණි වීඩියෝ පෙළක්!

    2025-07-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර් ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව තොරතුරු වාර් තා කර තිබේ.රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර් ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව තොරතුරු වාර් තා කර තිබේ.රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 8.8ක් ප්‍රබල භූකම්පනයක් ඊයේ (30) උදෑසන හට ගෙන තිබුණි.USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු වු බව සඳහන් වනවා.

    රුසියාවට බලපෑ සුනාමි තත්ත්වය ඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළින් වීඩියෝ කිහිපයක් සංසරණය වෙමින් පවතින ආකාරය අපට දැක ගන්නට ලැබුනා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 

    Claim 1:

    රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර් ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.මේ සම්බන්ධව විමර්ශනය කිරීමේදී සමාජ මාධ්‍ය තුළින් මේ හා සම්බන්ධ යැයි සැලකෙමින් වීඩියෝ  කිහිපයක් හුවමාරු වන අන්දම අපට දැකගැනීමට හැකි විය.

    Facebook 

    Fact Check:

    ඉහත පළමු වීඩියෝව සම්බන්ධව විමර්ශනය කළෙමු. ඒ අවස්ථාවේදී, එම වීඩියෝවම වසර කිහිපයකට පෙර තුර් කියේ ඇති වූ සුනාමියක් යැයි කියමින් සමාජ මාධ්‍යවල පළ කර ඇති බව අපට දැකගත හැකි විය.

    එමෙන්ම මීට පෙර, නිව්යෝර්ක් ටයිම්ස් ඇතුළු මාධ්‍ය ආයතන මෙම වීඩියෝව සමඟ දකුණු අප්‍රිකාවේ ඩර්බන් වෙරළෙහි සිදුවූ සුනාමි තත්ත්වයක් බවට සඳහන් කරමින් මෙම වීඩියෝව හුවමාරු කර ඇත.

    මේ සම්බන්ධව ගොඩනැගී ඇති තත්ත්වය මත දිගින් දිගටම විමර් ශනය කිරීමේදී මෙම වීඩියෝව 2017 දී ඩර්බන් වෙරළ තීරයට යෝධ රළ පහරක් එල්ල වූ අවස්ථාවේදී පටිගත කල එකක් බවට අදාළ සාක්ෂි හමු වූණා.

    එම වීඩියෝවම 2017 මාර් තු 13 වන දින යූ ටියුබ් හි යමෙකු පළ කර ඇති බව අපට පෙනී ගියේය.එහි ඔහු සඳහන් කළේ 2017 මාර් තු 12 වන දින ඩර්බන් වෙරළට දැවැන්ත රළක් පැමිණි බවයි. මේ සියල්ලෙන් තහවුරු වූයේ විශ්ලේෂණය සඳහා අප ගත් වීඩියෝව 2025 ජූලි 30 වන දින රුසියාවට බලපෑ සුනාමියේ නොවන බවයි.

    Claim 2:

    රුසියාවේ සිදුවූ සුනාමි තත්ත්වය පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වන මෙම වීඩියෝවලට අමතර එම සුනාමි තත්ත්වයෙන් අනතුරුව රුසියාවේ වෙරළට ගොඩ ගසා ඇති Beluga whale නැමැති මත්ස්‍ය වර් ගයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් කථිකාවතක් නිර්මාණය වී ඇති අන්දම අපට දැක ගැනීමට හැකි විය. ඒ සම්බන්ධව පහත පරිදි පෙන්වා දිය හැක.

    Facebook 

    Fact Check:

    කෙසේ වෙතත් මේ සම්බන්ධව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමේදී මෙම වීඩියෝව 2023 අගෝස්තු මාසයේ සිදුවීමකට අදාල බවට දැක්වෙන වීඩියෝ කිහිපයක් අපට හමුවිය. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.

    මෙම සිදුවීම  හා රුසියාවේ කම්චැට්කා හි ධීවරයින් ටිගිල් ගඟ අසල වෙරළ තීරයක සිදුවූ බවට තොරතුරු සඳහන් වන 2023 අගෝස්තු 14 දින සටහන් කරනු ලැබූ වාර් තාවක්  අපට හමුවිය. ඒ පිළිබඳව මෙතනින්

    ඒ අනුව තවදුරටත් මේ පිළිබඳව සොයා බැලීමේදී 2023 වසරේ අගෝස්තු මාසයේදී රුසියාවේ කම්චැට්කා හි ධීවරයින් ටිගිල් ගඟ අසල වෙරළ තීරයක බෙලූගා වර් ගයේ තල්මසුන් වෙරළට ගොඩ ගසා ඇති බවට තොරතුරු සනාථ වූ අතර එය 2025 ජුලි 30 සිදුවූ සුනාමි තත්ත්වය මත ඉන් අනතුරුව සිදුවූ සිදුවීමක් නොවන බවට තොරතුරු වාර් තා විය.

    Claim 3:

    මේ සිදුවීමට සමගාමීව රුසියාවට සිදුවූ සුනාමි තත්වය පදනම් කරගෙන තවත් වීඩියෝවක් සමාජගත කර තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකි විය. 

    Facebook

    Fact Check:

    ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි ඒ සම්බන්ධව විශ්ලේෂණයේදී අපට පැහැදිලි වූයේ මේ හා සමාන වීඩියෝ කිහිපයක් එකට සම්බන්ධ කරමින් මෙම වීඩියෝ නිර්මාණය කර ඇති අතර එහි එක් කොටසක් 2024 වසරේදී YOUTUBE  මඟින් සමාජ ගත කළ ඇති ආකාරය දැකගැනීමට හැකි විය. ඒ අනුව එම කොටස ජපානයේ සිදුවීමක් පාදක කරගනිමින් සමාජගත වී ඇත මෙතනින්

    මෙම වීඩියෝවට පාදක වූ අනෙකුත් වීඩියෝ පටයන්ද youtube මාධ්‍ය ඔස්සේ මීට මාස නවයකට පෙර සමාජගත කර ඇත. මෙතැනින් 

    ඒ අනුව රුසියාවේ සිදුවූ සුනාමි තත්ත්වය පත් ලෙස සඳහන් කරමින් සමාජ ගත කර තිබූ මෙම වීඩියෝව මීට ඉහතදී Youtube මාධ්‍යය ඔස්සේ සමාජගත කර ඇති ආකාරයත් අපට දැක ගැනීමට හැකි විය. ඒ අනුව මේ කිසිසේත්ම රුසියානු සුනාමියට අදාළ සිදුවීමක් නොවන බවට තහවුරු කර ගැනීමට හැකි විය.

    Claim 4:

    රුසියානු වෙරළ තීරය තුළ ඇති වූ භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.මීට අමතරව ඇමෙරිකාව,ජපානය, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවයි. 

    මෙවැනි පසුබිමක් මත මෙම තත්ත්වය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ ජපානයට මෙම සුනාමිය තුළින් සිදුවූ බලපෑම පිළිබඳව ගුවනේ සිට ලබා ගත් වීඩියෝ දර් ශනයයි සැලකෙමින් පවතින වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය අපට දැක ගැනීමට හැකියාවක් ලැබිණි.

    Facebook

    Fact Check:

    මේ තත්ත්වය මත සමාජ මාධ්‍ය තුළ ජපානයට මෙම සුනාමියේ සිදුවන බලපෑම සම්බන්ධ වීඩියෝවක් සමාජගත කර තිබූ ආකාරය ඉහතින් අප දක්වා ඇත. මේ පිළිබඳ විශ්ලේෂණය කිරීමේ දී මෙම වීඩියෝ පටය සම්බන්ධව විවිධ රටවල් පදනම් කරගනිමින් හුවමාරු වී ඇති ආකාරය දැක ගැනීමට හැකි විය.

    Facebook

    ඉහත වීඩියෝවේ සඳහන් වන පරිදි  උඩුගුවනේ සිට ලබාගත් රුසියාවේ සිදුවූ සුනාමිය බවට සඳහන් කර ඇත.

    මේ පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී මෙහි දැක්වෙන්නේ මෙම වීඩියෝව රුසියාව ජපානය සහ හවායි ආදී සුනාමිය මගින් බලපෑමකට ලක් වූ රටවල් ඉලක්ක කරමින් කෘතිම බුද්ධියෙන් (AI) ලෙස නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

    මෙම වීඩියෝව සැබෑ සුනාමි දර්ශන නොව AI ඔස්සේ ජනනය කරන ලද බවට ද මෙය නිර්මාණය කරන ලද Tiktok පරිශීලකයා දක්වා තිබුණේ මෙලෙසින්.

    TikTok

    රුසියාවේ ප්‍රබල භූමිකම්පනය

    රුසියාවේ නැගෙනහිර මුහුදේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ (ඊයේ 30දා) එරට වේලාවෙන් පෙව: 11:25ට පමණ රික්ටර් මාපකයේ 8.8ක් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් සිදුවුණා.  රුසියාව, ජපානය, පේරු, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි ඇතුළු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර අවදානම්සගහත ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට වහා ම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබුණා.

    භූ කම්පනයෙන් පසු රුසියාවේ කම්චට්කා අර්ධද්වීපය වෙත මීටර් 3-4ත් අතර උස සුනාමි රළ පැමිණ ඇති අතර ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට ද සුනාමිය රළ පැමිණි බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

    රුසියාවේ කම්චට්කා අර්ධද්වීපයෙන් ඔබ්බට ඇති වූ ප්‍රධාන භූමිකම්පාවෙන් පසු තවත් කම්පන තිහක් වාර්තා වූ බව රුසියානු විද්‍යා ඇකඩමියේ භූ භෞතික සේවයේ කලාපීය ශාඛාවක් සඳහන් කර තිබිණි. සුනාමියක් ඇති වී සෙවෙරෝ-කුරිල්ස්ක් වරාය නගරය ජලයෙන් යට වූ බව රුසියානු බලධාරීන් පැවසූ අතර, කම්චට්කා හි එලිසොව්ස්කි දිස්ත්‍රික්කයේ මීටර් තුනත් හතරත් අතර උසකින් යුත් රළක් වාර්තාවී තිබේ.ඇමරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ දත්තවලට අනුව, හවායි හි ඔආහු දූපතේ උතුරු වෙරළ තීරයේ හලයිවා හි හවායි වෙරළ තීරයට අඩි හතරක් උස සුනාමි රළ පහරක් එල්ල වී තිබේ. මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා Reuters, Time, Al Jazeera, CNN, DW

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව ඉහත කරුණු පිළිබඳව අවධානය කිරීමේදී පැහැදිලි වන්නේ රුසියාවට 2025 ජූලි මස 30 සුනාමි බලපෑමක් සිදුවූ අතර ඒ තත්ත්වය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ දරා ඇති බවයි. මීට පෙරදී මෙවැනි ව්‍යසන තත්ත්වයන් මෙම සිදුවීමට අදාළ යැයි පාදක කර ගනිමින් මෙම වීඩියෝ නිර්මාණය කර ඇති බවට ඉහත කරුණු අනුව පැහැදිලි වනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    L

    Lakshan

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-07-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.