Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කින්නියා පාලම් පාරු අනතුරේ වීඩියෝවක්ද?

    2021-11-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු ක

    අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන අවස්ථාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ කින්නියා පාලම් පාරු අනතුර යනුවෙන් ” සඳහන් කරමින් එම අවස්ථාවේ වීඩියෝවක් බවට හඟවමින් ෆේස්බුක් පිටුවක වීඩියෝවක් දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook

    මෙම වීඩියෝවේ දැක්වෙන ලෙස කින්නියා අනතුරින් දරුවෙකු දිවි බේරා ගත් අවස්ථාවක් ද යන්න අප විමර්ශනය කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කින්නියා පොලිස් වසමේ කුරුඤ්ඤන්කේනි කළපුවේ අද (23) උදෑසන ගමන් කරමින් තිබූ පාරුවක් පෙරලීයාමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

    එම අවස්ථාවේ අතුරුදන් වී ඇති පුද්ගලයින් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන් කින්නියා,  කුරුඤ්ඤංකේනි කලපුවේ මෙහෙයුමක් දියත් කර තිබුණා. එ් පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

    පාලම් පාරු අනතුරේ අතුරුදන් වූවන් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම දැක්වෙන වීඩියෝවක් පහතින්.

    අතුරුදන් පිරිසෙන්  පුද්ගලයන් 17 දෙනෙකු දැනට බේරා ගත්  බවත්  බේරාගත් පිරිස අතර පාසල් ළමුන් තිදෙනකු ද සිටින බව නාවික හමුදාව පවසා ඇති බවට පුවත් වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තාව මෙතනින්.

    කෙසේ වෙතත් අප කළ නිරීක්ෂණයේදී ඉහත දක්වා ඇති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පරිදි වීඩියෝවක් අපට ප්‍රධාන මාධ්‍ය ධාරාවල දැක ගන්නට නොලැබුණි.

    ඒ හේතුවෙන් අප ඒ පිළිබඳ කළ විමර්ශනයේදී දැකගන්නට ලැබුණේ මෙම වීඩියෝව පසුගිය අගෝස්තු මස බංග්ලාදේශයේ, චන්ද්පූර් මෝය කටේ දිය සුළියකට අසුවූ කුඩා දරුවෙකු මරණයෙන් ගලවා ගත් වීඩියෝවක් බවයි. සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබෙනවා. ඒ බවට දැක්වෙන බංග්ලාදේශී පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    එම වීඩියෝව පහතින්.

    https://www.youtube.com/watch?v=hbxQJK2hSg4

    මෙම සිදුවීම බංග්ලාදේශයේ සිදුවීමක් බවට අප Fact Cresendo බංග්ලාදේශ කණ්ඩායම ද තහවුරු කරන ලදී.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, කින්නියා අනතුරු වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත වීඩියෝව මෙරට සිදුවීමක් හෝ කින්නියා ඛේදවාචකයේ හෝ වීඩියෝවක් නොවන බවයි. එය බංග්ලාදේශයේ, චන්ද්පූර් මෝය කටේ දිය සුළියකට අසුවූ කුඩා දරුවෙකු මරණයෙන් ගලවා ගත් අවස්ථාවක ලබා ගත් වීඩියෝවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.