Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පලස්තීන වැසියන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් අඩි 36 ක උස වැටක් සැකසු අවස්ථාවක් ද? (PHOTO)

    2023-10-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ලොව පුරා අවධානය යොමුව ගාසා තීරය පිලිබඳ පළවූ සටහනකින් දැක්වුණේ එහි සිටින සරණාගතයින් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් උස වැටක් නිර්මාණය කර ඇති බවක්. ඒ බව දක්වමින්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මේ දිනවල ලොව පුරා අවධානය යොමුව ගාසා තීරය පිලිබඳ පළවූ සටහනකින් දැක්වුණේ එහි සිටින සරණාගතයින් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් උස වැටක් නිර්මාණය කර ඇති බවක්. ඒ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සෙවීමට Factcrescendo අප සිදුකළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ගාසා තීරයෙන් මුස්ලිම්වරුන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් අඩි 36 ක් උස වැටක් එසවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා. 

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ඊජිප්තුව, ගාසා තීරයෙන් මුස්ලිම්වරුන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා අඩි 36 ක් උස වැටක් එසවූ බවට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ කළ තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා. නමුත් අපට එවැනි පුවතක් සම්බන්ධයෙන් දැක ගන්නට නොලැබුණි.

    ඉන්පසු ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව, එම ඡායාරූපයේ දැක්වෙන අවස්ථාව ඇතුළත් වීඩියෝවක්, 2021 මැයි 16 වන දින ‘X’ පරිශීලකයෙකු විසින් පළ කර තිබු බව අපට අනාවරණය වුණා. එහි සඳහන් වී තිබුණේ ‘පලස්තීන බෝඩරයේ සිටින ලෙබනන් වැසියන්’ යන අරුතයි (Lebanon at the Palestinian border).

    ඉහත ඡායාරූපවලට සමාන ඡායාරූප ඇතුළත් 2021 මැයි 15 වැනි දින රොයිටර් පුවත් සේවය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපයක් ද අපට හමු විය. එහි සිරස්තලයේ සඳහන් වූයේ, “දකුණු ලෙබනනයේ, ඊශ්‍රායල- ලෙබනන් දේශසීමාව අසල ඇඩයිසේ ගම්මානයේ පෙළපාලිකරුවන්, පලස්තීන ජනතාවට සහයෝගීතාව ප්‍රකාශ කිරීමේ විරෝධතාවක් අතරතුරදී දේශසීමා තාප්පයකට නැග කොඩි අල්ලාගෙන සිටින අයුරු” යනුවෙන් අරුත් ගැන්වෙන ශීර්ෂ පාඨයකි.

    Reuters | Archived Link

    පලස්තීන ප්‍රවෘත්ති ආයතනයක් වන Quds News Network හි 2021 මැයි 16 දින, X හි පළ කරන ලද ඡායාරූප අතර ඉහත සටහන් ඡායාරූපයට සමාන දර්ශන ඇතුළත් ඡායාරූප දක්වා තිබුණේ මෙලෙසින්. 

    2021 මැයි 20 දින උඩුගත කරන ලද ඉහත ඡායාරූප අවස්ථාව දැක්වෙන තවත් වීඩියෝවක් YouTube හි පළ වී තිබුණේ මෙලෙසින්.

    ඒ අනුව ඉහත අවස්ථාව දැනට පවතින ඊශ්‍රායල-හමාස් ගැටුම අතර සිදුවූ වර්තමාන සිදුවීමක් නොවන බවට තවදුරටත් තහවුරු වෙයි.

    ඊජිප්තු – ගාසා තීර දේශසීමාවේ වත්මන් තත්ත්වය

    ගාසා – ඊජිප්තු දේශ සීමාවේ තිබෙන පිවිසුම රෆා පිවිසුම ලෙස හැඳින්වේ. ඊශ්‍රායලය හරහා නොයමින්, සෘජුවම ගාසා තීරයට ඇතුළු වීමට ආධාර සඳහා ඇති එකම මාර්ගය එයයි.

    ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය හමුවේ අනෙකුත් සියලුම දේශ සීමා පිවිසුම් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කිරීමත් සමඟ, ඊජිප්තු – ගාසා දේශසීමාවේ ඇති මෙම රෆා පිවිසුම පිලිබඳ අවධානය වැඩිවී තිබෙනවා.

    කෙසේවෙතත් වර්තමාන තිබෙන ගැටුම්කාරී තත්වය හමුවේ ඊජිප්තුව විසින් ද රෆා පිවිසුම ද මේ වන විට වසා දමා ඇති අතර එය නැවත විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.

    ගාසා තීරයට ආධාර ට්‍රක් රථ 20ක් පමණ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළා. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.

    එසේම ඊජිප්තුව පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වූ දේශසීමා හරහා ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි. ට්‍රක් රථ 200කට වැඩි ප්‍රමාණයක් සහ ආධාර ටොන් 3,000ක් රෆා පිවිසුම හෝ ඒ ආසන්නයේ ස්ථානගත කර ඇති බව උතුරු සීනායි සඳහා Red Cross සංවිධානයේ ප්‍රධානී Khalid Zayed පවසයි. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්

    ලොව ‘විශාලතම එළිමහන් සිරකඳවුර’ ලෙස බොහෝ විට හැඳින්වෙන ගාසා තීරයේ අර්බුදකාරී තත්වය පිලිබඳව සිංහල බසින් පළවූ වීඩියෝවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඊජිප්තුව විසින්, ගාසා තීරයේ සිටින පලස්තීන වැසියන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා අඩි 36 ක් උස වැටක් එසවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය මැතක දී ලබාගත් සේයාරුවක් නොවන බවයි. 

    ඡායරූපයේ දැක්වෙන්නේ 2021 වසරේ දකුණු ලෙබනනයේ අසල ඇඩයිසේ ගම්මානයේ පෙළපාලිකරුවන්, පලස්තීන ජනතාවට සහයෝගීතාව ප්‍රකාශ කිරීමේ විරෝධතාවක් අතරතුර දී , ඊශ්‍රායල-ලෙබනන් දේශසීමා තාප්පයකට නැග සිටින අවස්ථාවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.