Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ගමන් ගත් යානය කඩා වැටෙන අයුරු?

    2021-12-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සං

    ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපිනරොවත් ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අයුරු යනුවෙන් වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    Twitter ඔස්සේ ද, මෙම වීඩියෝව සංසරණය වී තිබුණේ, ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය කඩා වැටණු අයුරු යනුවෙන් සඳහන් කරමින්.

    Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම): 

    ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳ ඇතුළු 14 දෙනකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානය තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර් නගරය ආසන්නයේ දී ඊයේ (08) අනතුරට පත්වුණා.

    එම හෙලිකොප්ටර් අනතුරින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් මියගිය බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

    ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ Mi-17V5වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් වන අතර ඉන්දීය ගුවන් හමුදාවට අයත් මේ හෙලිකොප්ටර් යානය කඩා වැටී ගිනි ගෙන විනාශ වී ඇති අතර, සිද්ධිය වූ ස්ථානයෙන් මළ සිරුරු 11ක් සොයා ගත් බවත්, තුවාල ලැබූ සෙසු පුද්ගලයන් වහා රෝහල්ගත කර තිබුණා. මේ සම්බන්ධයෙන් පළ වූ විදෙස් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඉහත වීඩියෝව මෙම සිදුවීමට අදාළ ගුවන් අනතුරේ දර්ශන බවට කිසිදු ජාත්‍යන්තර මාධ්‍යක වාර්තා කර නොතිබුණු බවට අපට නිරීක්ෂණය වුණා.

    ඒ අනුව අප මෙම වීඩියෝව Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම වීඩියෝව පසුගිය වර්ෂයේ (2020) පෙබරවාරි 11 වන දා The Telegraph යූ ටියුබ් නාලිකාව මගින් පෙන්වා දී තිබුණේ, සිරියාවේ ඉඩ්ලිබ් හි නයිරාබ් ප්‍රදේශයේදී කැරලිකරුවන් විසින් සිරියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් බිම හෙලන ආකාරය යනුවෙනි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    මෙම සිරියානු ගුවන් ප්‍රහාරයේ වීඩියෝව තවත් මාධ්‍ය වාර්තා වල දැක්වුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් මහතා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක් වීමට පෙර සටහන් වූ සත්‍ය වීඩියෝවක් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණේ මේ අයුරින්.

    NDTV මාධ්‍ය ආයතන මෙන්ම India Today වෙබ් අඩියද එම අනතුරේ වීඩියෝවක් බවට මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

    Archived Link

    Fact Crescendo අප ඉංග්‍රීසි බසින් මේ සම්බන්ධයෙන් කළ කරුණු විමර්ශනය මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ඇතුළු 14 දෙනකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානය තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර් නගරය ආසන්නයේ දී කඩා වැටෙන අයුරු යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, 2020 වර්ෂයේ සිරියාවේ ඉඩ්ලිබ් හි නයිරාබ් ප්‍රදේශයේදී කැරලිකරුවන් විසින් සිරියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් බිම හෙලන අයුරු දැක්වෙන දර්ශනයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.