Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මියන්මාර භූ කම්පනයෙන් මිනිසුන් මියගොස් සිටින අවස්ථාවක් ද?

    2025-05-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ, ඡායාරූප ඔස්සේ වැරදි අර්ථකතන ලබා දෙමින් පළවනවා. ඒ ඇතැම් අවස්ථාවල මෙම ඡායාරූප, විඩියෝ ඔස්සේ මිනිසුන්ගේ අවධානයට ලබා ගැනීමට නොමග යන සුළු අන්දමින් භාවි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ, ඡායාරූප ඔස්සේ වැරදි අර්ථකතන ලබා දෙමින් පළවනවා. ඒ ඇතැම් අවස්ථාවල මෙම ඡායාරූප, විඩියෝ ඔස්සේ මිනිසුන්ගේ අවධානයට ලබා ගැනීමට නොමග යන සුළු අන්දමින් භාවිත කිරීමට ඇති හැකියාව මතයි. එලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “එක මොහොතකින් සියල්ල නැතිවිය” යනුවෙන් සඳහන් කරමින් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ එම වීඩියෝ දැක්වෙන සියලු ජනතාව මිය ගිය බවට හඟවමින්.

    නමුත් එය ට හේතුව වශයෙන් කුමක් අරඹයා ද, කුමන අවස්ථාවක වීඩියෝවක් ද, යන්න පිළිබඳව හෝ සඳහන් කර නොතිබුණි.

    Facebook

    Facebook | Archived Link Facebook

    එමෙන් ම මියන්මාරයේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය මිනිසුන් ලෙසට දක්වමින් ද, මෙම වීඩියෝව සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.

    මේ හේතුවෙන් මෙම වීඩියෝවල දැක්වෙන සත්‍ය අවස්ථාව කුමක්ද යන්න පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පසුගිය මාර්තු 28 වන දා මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වූ අතර පසුව මැග්නිටියුඩ් 4.5 සහ 6.6 අතර පසු කම්පන 4ක් ද ඇති වුණා. 

    මෙම භූ කම්පනයේ අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ දැක ගන්න ට ලැබුණත්, මිනිසුන් එක පළට මිය ගොස් ඇති අයුරු දැක්වෙන ඉහත සඳහන් ආකාරයේ වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව අපට තහවුරු වුණේ, එම වීඩියෝව මියන්මාර භූමිකම්පාවේ වීඩියෝවක් නොව  2023 වසරේ අගෝස්තු 06 වන දා Instagram හි පළ කර තිබූ 2023 වසරේ පෘතුගාලයේ ලිස්බන් නුවර කතෝලික උත්සවයක් වන 2023 ලෝක තරුණ දිනය සැමරීමට පැමිණි තරුණ තරුණයින් මිලියන එකහමාරක් රාත්‍රිය ගත කළ අයුරු දැක්වෙන වීඩියෝවක් බවයි.

    View this post on Instagram

    A post shared by Temas católicos, oraciones y CNC (@iamsolocatecumenos)

    එමෙන් ම ඉහත වීඩියෝව ම YouTube ඔස්සේ ද, ඉහත ගිණුම් හිමියා විසින් පළ කර තිබූ අතර එහි පෘතුගාල භාෂාවෙන් සඳහන් වූයේද, “තරුණයින් ලක්ෂ 15ක් රාත්‍රිය ගත කළේ මෙහෙමයි” යනුවෙන් අර්ථයයි. 

    එමෙන්ම මේ සඳහා යොමු කර තිබූ හෑශ්ටැග් වල ද, #Lisbon #Lisbon2023 #JMJ2023 යනුවෙන් සඳහන් වී තිබූ අතර JMJ යනු පෘතුගාල භාෂාවෙන් සඳහන් Jornada Mundial da Juventude Lisboa නමැති ලෝක තරුණ දිනය යන අරුත් ගැන්වෙන කෙටි යෙදුමයි.

    එමෙන් ම 2023 වසරේ අගොස්තු 06 වන දා පෘතුගාලයේ ලිස්බන් හි පැවැත්වූ ලෝක තරුණ සමුළුවේ ඡායාරූප shutterstock හි ද, පළ කර තිබූ අතර ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ දැක්වෙන පසුබිම සහ මෙම සමුළුවේ ඡායාරූප වල පසුබිම සමාන බව ද, දැක ගන්නට ලැබේ.

    Alamy ඡායාරූප ගොනුවක ද, මෙම අවස්ථාවේ ඡායාරූප පළ වී තිබුණේ මෙලෙසින්.

    මෙම ලෝක තරුණ දිනය සම්බන්ධයෙන් 2023 වසරේ අගෝස්තු 6 වන දින පළ වූ  France24 පුවත් වාර්තාවක් දැක ගන්නට ලැබුණු අතර එහි සඳහන් වී තිබුණේ, අගෝස්තු 5 වන දින ලිස්බන්හි ටෙජෝ උද්‍යානයේදී වූ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන්(ජීවිතක්ෂයට පත්) පැවති ලෝක තරුණ දිනයට සහභාගී වීම සඳහා මිලියන 1.5 කට අධික ජනතාවක් රැස්ව සිටි බවයි. 

    මෙම උත්සවය අගෝස්තු 1 සිට 6 දක්වා පැවති අතර, ලොව පුරා සිටින තරුණ කතෝලික භක්තිකයින් අගෝස්තු 5 වන දින පැමිණ, ඉරිදා අවසන් දිව්‍ය පූජාව දක්වා රාත්‍රිය ගත කිරීමට සැලසුම් කර තිබූ බවයි. එම වාර්තාව මෙතනින්.

    France24 පුවත් YouTube නාලිකාවේ පළ වී තිබූ ලෝක තරුණ දිනයේ වීඩියෝවක් පහතින්.

    එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ එම උත්සව අවස්ථාවේ ආරම්භක දිව්‍ය පූජාවේ අවසානයේදී ලෝක තරුණ දිනයේ නිල ගීය ගායනා කරමින් එම උත්සවය අවසන් කළ අවස්ථාවක් ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ මිනිසුන් මිය ගිය අවස්ථාවක් නොවන බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එක් යායට මිනිසුන් මියගිය අවස්ථාවක් ලෙස හඟවමින් හා මියන්මාරයේ භූමිකම්පාවෙන් මියගිය මිනිසුන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල වශයෙන් හුවමාරු වෙමින් පවතින වීඩියෝව 2023 වසරේ පෘතුගාලයේ ලිස්බන් නුවර කතෝලික උත්සවයක් වන 2023 ලෝක තරුණ දිනය සැමරීමට පැමිණි තරුණ තරුණයින් මිලියන එකහමාරක් පමණ රාත්‍රිය ගත කළ අයුරු දැක්වෙන වීඩියෝවක් බවත්, මිනිසුන් සිය දහස් ගණනයක් මියගිය අවස්ථාවක් නොවන බව ත්ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.