Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පියුමි හංසමාලි පැමිණෙන බව සැලවී නර්තනයේ යෙදෙන බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ද?

    2021-06-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝවිඩ් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. මෙම උත්සවයට සහභාගී වු නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් බණ්ඩාරවෙල නිරෝධායන මධ

    කෝවිඩ් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වුණා.

    මෙම උත්සවයට සහභාගී වු නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ පියුමි හංසමාලි ෆේස්බුක් ඔස්සේ සිදුකළ සජීවී කතාව පිලිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. එම පුවතත් සමගම බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පිරිසක් සතුටට පත්වී නර්ථනයේ යෙදෙන බවට උපහාසාත්මක කෝණයකින් පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Prasad Ranasinghearachchi යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ “පියුමි එනවා කිව්වට පස්සෙ බණ්ඩාරවෙල නිරෝධානයන මධ්‍යස්ථානය” යනුවෙන් සඳහන් කරමින් පහත සඳහන් වීඩියෝව දක්වා තිබුණා.

    Facebook | Archived Link  

    එම වීඩියෝව හුවමාරු කරගෙන තිබු තවත් අවස්ථා පහතින්

    Facebook  | Facebook

    WhatsApp ඔස්සේ ද එම වීඩියෝව බොහෝ දෙනා අතර සංසරණය වූයේ මෙලෙසිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පියුමි හංසමාලිගේ පැමිණීම හේතුවෙන් මෙලෙස කෝවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පිරිසක් මෙලෙස හැසිරුණාද යන්න අප කළ නිරීක්ෂණයේදී තහවුරු වු‍ණේ මෙම වීඩියෝව මෑතක දී ලබාගත් වීඩියෝවක් නොවන බවයි. එම දර්ශන පෙළ පසුගිය වසරේදී ද බොහෝ දෙනා අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

    2020 නොවැම්බර් මස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එම වීඩියෝව සහිත එක් සටහනක දක්වා තිබුණේ, “කොරෝනාත් කොර අපේ උන්ගේ ආතල් වලට 😂😅 ” යනුවෙනි.

    එම වීඩියෝව පහතින්.

    https://www.facebook.com/princeprincessofficialpage.comm/videos/372225280707078

    ඒ අනුව ඉහත උපහාසාත්මක කෝණයෙන් පළකර හුවමාරු වී තිබෙන්නේ පසුගිය වසරේ පළවූ දර්ශන පෙළක සංස්කරණයක් බව පැහැදිලි වෙනවා.  කෙසේවෙතත් ඒ කුමන නිරෝධාන මධ්‍යස්ථානයක දර්ශන පෙළක් ද යන්න අපට තහවුරු කර ගැනීමට ලැබුනේ නැහැ.  

    පසුගිය වසරේ මෙවැනි වීඩියෝ කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු අතර තවත් එවැනි වීඩියෝවක් මෙතනින්.

    එමෙන්ම නර්ථන ශිල්පී කෙවින් නුගාරද චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වී නර්ථනයේ යෙදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පැරණි වීඩියෝවක් සම්බන්ධයෙන් Factcrescendo අප කළ විමර්ශනයක් මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව පෙන්වා දිය හැක්කේ, නිරූපණ ශිල්පී පියුමි හංසමාලි නිරෝධානය වීම සඳහා බණ්ඩාරවෙලට පැමිණෙන බව සැලවීම හේතුවෙන් සතුටට පත් නිරෝධන මධ්‍යස්ථානයක පිරිසක් නර්ථනයේ යෙදෙන අවස්ථාවක් ලෙස උපහාසාත්මක කෝණයකින් හුවාමාරු වන්නේ පසුගිය වසරේ නිරෝධාන මධ්‍යස්ථානයක සිටි පිරිසක් නර්ථනයේ යෙදෙන අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක දර්ශන පෙළකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.