Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: වර්තමාන ඊශ්‍රායල – පලස්තීන ගැටුම්කාරී තත්ත්වය පෙන්වන වීඩියෝවක්ද?

    2021-05-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ඇතිවී තිබෙන දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුවී තිබෙනවා. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සහ පලස්තීන සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාර හමුවේ දෙපාර්ශවයේම ජීවිත අහිමි වු

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ඇතිවී තිබෙන දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුවී තිබෙනවා. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සහ පලස්තීන සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාර හමුවේ දෙපාර්ශවයේම ජීවිත අහිමි වුණා. වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වුනේ පලස්තීනයෙන්. 

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායල පලස්තීන් ගැටුම යනුවෙන් සඳහන් කරමින් මිසයිල විශාල ගණනකින් වෙඩි තැබිය හැකි  රොකට් ප්‍රහාරයන් පිළිබඳ දැක්වෙන වීඩියෝවක් සංසරණය වුණා. මෙම අවස්ථාව සත්‍ය වශයෙන්ම ඊශ්‍රායල – පලස්තීන් ගැටුමේ වීඩියෝවක්ද යන්න අප විමසා බැලුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    Muhammad Adhilsha යන අයෙක් විසින් “ඊශ්‍රායෙල් පලස්තීන් ගැටුම” යනුවෙන් සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ පහත සඳහන් වීඩියෝව දක්වා තිබුණා.

    Facebook |  Archived Link

    මෙහි මුල් තත්පර කිහිපයේ කෙටි කාලයකදී දියත් කරන රොකට් විශාල සංඛාවක් පෙන්වා දී තිබුණා. එමඟින් ඉතා භයංකර තත්ත්වයක් පෙන්වා දී තිබූ අතර ඉන්පසුව එකිනෙකට වෙනස් පසුබිම් යටතේ ලබාගත් වීඩියෝ දර්ශන පෙළක් ද එම විනාඩි 3 තත්පර 40 වීඩියෝව අන්තර්ගත වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම වීඩියෝව සම්න්ධයෙන් රූප රාමු ගෙන Reverse Image සෙවුමක් කිරීමේදී අපට දැකගැනීමට හැකිවුණේ, මුල් දර්ශන පෙළින් දැක්වෙන සුළු වේලාවකදී රොකට් ප්‍රහාර රැසක් එල්ලකෙරෙන දර්ශන පෙළ, වසර ගණනාවක් තිස්සේ විවිධ රටවල පුද්ගලයින් විසින් විවිධ අර්ථකතනයන් ඔස්සේ හුවමාරු කරගෙන තිබු වීඩියෝවක් බවයි. 

    මෙම වීඩියෝ පටය ඉරානය 2019 වර්ෂයේදීත් , ඕමානය 2018 වර්ෂයෙත්දීත් කටාර් රාජ්‍යය 2018 වර්ෂයේදීත් එරටයින්හි යුධමය තත්ත්වය පෙන්වීම සඳහා භාවිත කර තිබූ අයුරු. මෙතනින් , මෙතනින් සහමෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන පෙළ සමඟ මීට පෙර වසර වල හුවමරු වූ වීඩියෝ දෙකක් පහතින්

    මෙම වීඩියෝව කුමන් වර්ෂයේ කුමන රටක යුධමය තත්ත්වයක්ද යන්න මෙතෙක් නිශ්චිතවම අනාවරණය කරගැනීමට නොහැකි වූවත්, ඉහත සඳහන් වීඩියෝව මීට පෙර අවම වශයෙන් වසර තුනටකට පෙර විවිධ රටවල යුධමය තත්වයන් පෙන්නුම් කිරීම සඳහා යොදාගෙන තිබූ දර්ශන පෙළක් බව ඉහත වීඩියෝ පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. 

    එබැවින් තහවුරු වන්නේ මෙම දර්ශන පෙළ වර්තමානයේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින් ගැටුම්කාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් නොවන බවයි.

    මේ පිලිබඳ Reuters පුවත් සේවය ද ඉංග්‍රීසි බසින් කරුණු අනාවරණය කර තිබුනේ මෙලෙසින්.

    කෙසේනමුත් මුල් දර්ශන පෙළින් පසුව දක්වා තිබූ දර්ශන බොහෝ දුරට වර්තමාන ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලට සම්බන්ධ දර්ශන බවට අපට දැක ගන්නට ලැබුණා. මේ අතර ඊශ්‍රායලයේ අයන් ඩොම් ගුවන් ආරක්ෂක පද්ධතිය රොකට් ප්‍රහාර වළක්වන ආකරය එරට ආරක්ෂක අංශ ට්විටර් ගිණුමේ පළකර තිබූ දර්ශන ද එහි දැක ගන්නට ලැබුණා. එම වීඩියෝව පහතින්.

    Also Read:

    Fact Check: ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධිතිය ලෙස හුවමාරු වන වීඩියෝවේ සත්‍ය කතාව!

    FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම යනුවෙන් සඳහන් කරමින් මිසයිල විශාල ගණනක රොකට් ප්‍රහාරයක් පෙන්නුම් කරන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ ආරම්භක කොටස මේ දිනවල ගාසා තීරයේ පවතින ගැටුම්කාරී තත්ත්වයේ වීඩියෝපටයක් නොවන බවයි. මෙම වීඩියෝව මීට වසර කිහිපයකට පෙර සිට විවිධ රාජ්‍යයන්හි යුධමය වාතාවරණයන් බව පෙන්වීමට උපයෝගී කරගෙන තිබූ වීඩියෝවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.