Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    NPP මැයි රැලියට පැමිණි පිරිස පෙන්වන වීඩියෝවක් ද?

    2025-05-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දින සැමරෙන අද(01) දවසේ වැඩකරන ජනතාවට, කම්කරුවන් සැමරීමකට වඩා දේශපාලනඥයින් ඉස්මතු වී ඔවුන්ගේ ප්‍රචාරයන් සිදු කරන තෝතැන්නක් වී හමාරයි. මෙවර කම්කරු දිනය මෙරටට වැඩි වශයෙන් විශේෂයක්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලෝක කම්කරු දින සැමරෙන අද(01) දවසේ වැඩකරන ජනතාවට, කම්කරුවන් සැමරීමකට වඩා දේශපාලනඥයින් ඉස්මතු වී ඔවුන්ගේ ප්‍රචාරයන් සිදු කරන තෝතැන්නක් වී හමාරයි. මෙවර කම්කරු දිනය මෙරටට වැඩි වශයෙන් විශේෂයක් දැනෙන්නේ, පළාත් පාලන මැතිවරණයක් අභියස මෙම දිනය සැමරෙන බැවිනි. 

    ඒ හේතුවෙන් සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ තමන්ට ඇති පිරිස් බලය පෙන්වීමටත් මෙවර මැයි දින රැළිවලදී වඩාත් උත්සුක වූ අතර මෙම රැස්වීම් සඳහා සහභාගි වූ පිරිස් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු ඡායාරූප, දර්ශන හුවමාරු වී තිබුණා. එලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජාතික ජන බලවේගය විසින් මැයි 1 වන අද(01) දින යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව පැවැත් වූ රැලියේ සිටි සෙනඟ බවට හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ “කොහොමද සෙනග” යන පාඨයත් සමගින්.

    Facebook

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ පැරණි රූප රාමු බවට කිහිප දෙනෙකු ද අදහස් දක්වා තිබු අතර, අද (2025 මැයි දිනයේ) ජාතික ජන බලවේගයේ මැයි රැලිය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණි අවස්ථාවක් ද, යන්න පිළිබඳ අප සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙවර ජාතික ජන බලවේගය විසින් පවත්වන ලබන මැයි දින රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණා. නමුත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව ගාලුමුවදොර පිටියේ අවස්ථාවක් නොවන බවට දැක ගන්නට ලැබෙනවා. 

    අද(01) දිනයේ ජාතික ජන බලවේගය විසින් පවත්වන මැයි රැලියේ සජීවි විකාශය මෙතනින්.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ රූප රාමු වෙනමම පරික්ෂා කිරීමේ දී අපට අනාවරණය වුයේ, 2024 අගෝස්තු, සැප්තැම්බර් කාලවලදී අදාළ වීඩියෝ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබෙනු බවයි. එම අවස්ථා මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    එම රූප රාමු වැඩිදුරටත් පරික්ෂා කිරීමේ දී, අදාළ මහජන රැලිය පවත්වා ඇති ස්ථානය පිළිබඳ අපට Google Map ඔස්සේ, එය බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බස් ඩිපෝව අසල ප්‍රදේශය බවට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ රූප රාමුවක්Location 

    ඒ අනුව ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැත් වූ රැලියක් බවට තහවුරු වුණා.

    මේ හේතුවෙන් අප ජාතික ජන බලවේගය විසින් බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වා තිබූ රැලි සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබුණේ, මෙම රූප රාමු මගින් පෙන්වන්නේ පසුගිය පසුගිය ජනාධිපතිවරණයට සමගාමීව 2024 අගෝස්තු 22 වන දා ජාතික ජන බලවේගය විසින් බණ්ඩාරගම පැවැත් වූ රැලියේ වීඩියෝ‍වක් බවයි. 

    ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ එවකට ජනාධිපති අපේක්ෂව සිටි අනුර කුමාර දිසානායක මහතා කළු පැහැති වාහනයකින් එම ස්ථානයට පැමිණෙන අයුරු දැක ගන්නට ලැබෙන අතර, මෙම සම්පූර්ණ වීඩියෝව පරීක්ෂා කිරීමේදී ද, අනුර කුමාර මහතා වේදිකාවට පැමිණීමට පෙර එම කළු පැහැ වාහනය එම ස්ථානයට පැමිණෙන අයුරු දර්ශනය වේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ රූප රාමුවක්බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති රැස්වීමේ රූප රාමුවක්

    එමෙන් ම එම ස්ථානයේ පසුබිම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා මහතා සහ නලින්ද ජයතිස්ස යන අය විසින් ඇඳ සිටි ඇඳුම්වල වර්ණ ද, සමාන බව බණ්ඩාරගම රැලිය සම්බන්ධයෙන් පළ වී තිබූ වාර්තාවක පළ වූ ඡායාරූපයක් හරහා ද, ඉහත සම්පූර්ණ වීඩියෝව හරහා ද, තව දුරටත් තහවුරු වනවා.  

    සමාජ මාධ්‍ය වීඩියෝවේ රූප රාමුවක්බණ්ඩාරගම රැලිය සම්බන්ධ වාර්තාවක ඡායාරූපයක්

    ඒ අනුව මෙය අද(01) දිනයේ ලබා ගත් වීඩියෝවක් නොව, පසුගිය ජනාධිපතිවරණට පෙර පළවූ වීඩියෝවක් බව පැහැදිලිවේ.

    කෙසේවෙතත් අද දිනයේ ගාලුමුවදොර පැවති ජාතික ජන බලවේග රැලියේ ද, ජනතාව අති විශාල වශයෙන් රැස් ව සිටි බව දැක ගන්නට ලැබේ.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :මැයි 01 වන දා ලෝක කම්කරු දිනයට සමගාමීව ජාතික ජන බලවේගය විසින් අද(01) දින ගාලුමුවදොර සංවිධානය කර තිබුණු මැයි දින රැලියට රැස්වූ පිරිස ලෙස බවට හැඟවීමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත වීඩියෝව පසුගිය 2024 ජනාධිපතිවරණයට සමගාමීව අගෝස්තු 22 වන දා ජාතික ජන බලවේගය විසින් බණ්ඩාරගම පැවැත් වූ රැලියක වීඩියෝ‍වක කොටසකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.