Subscribe to our WhatsApp Channel
කසකස්ථානය සහ කොරියාව ආශ්රිතව පසුගිය සතිය තුල දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවී විශාල පිරිසක් මියගියා. එම අනතුරු පිලිබදව සමාජ ජාලාවල සටහන් බොහෝ ප්රමාණයක් දැකිය හැකි අතර සමහර සමාජ ජාලා සටහන් අසත්ය සහ නොමගයවන සුලුයි. එවැනි සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමකි මේ.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන් වල මෑත සිදුවූ ගුවන් අනතුරුවල දර්ශන ලෙස හැගෙනසේ වීඩියෝ රූපරාමු හුවමාරුවන ආකාරය දැකගත හැකියි.
යු ටියුබ් වලද මෙම වීඩියෝව සදහන්ව තිබුණු අතර එහි දැක්වෙන්නේ මෙය දකුණු කොරියානු ගුවන් අනතුරට සම්බන්ධ බවක්.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්ය කරුණු විමසා බැලීම)
මේ පිලිබදව Invid We Verify ඔස්සේ සිදුකරන ලද කරුණු විමසා බැලීමකදී දැකගන්නට ලැබුණේ මෙය පැරණි වීඩියෝපට එකතු කර තනන ලද වීඩියෝවක් බවයි.
2023 වසර හා සම්බන්ධ එක් වීඩියෝවක දැක්වෙන්නේ මෙය ගුවන් යානයක යම් අවස්ථාවක ඇතිවූ යම් කම්පන තත්ත්වයක් බවයි. 2023 වසරේ සිට සමාජ ජලාවල ඇති එම ටික් ටෝක් වීඩියෝව පහතින්.
@emirates..a380Scary turbulence video share by passenger having such experience #turbulence #flights #airpanes
♬ original sound – Sun Star Davao – Sun Star Davao
එමෙන්ම වීඩියෝ පටයේ අවසානයේ සදහන් කොටසේ දැක්වෙන්නේ 2022 වසරේ ඉන්දුනීසියාවේ ගුවන් යානයක සිදුවන කම්පන තත්ත්වයක් .නමුත් යානය ආරක්ෂිතව ගොඩබෑමට නියමුවා සමත්ව තිබෙනවා.
ඒ සමබන්ධව Instagram පලවූ වීඩියෝවක් සමග සටහනක් පහතින්.
View this post on Instagram
එමෙන්ම මෙම වීඩියෝවට වඩා සමාජ ජාලවල බහුලව පවතින වීඩියෝ පටයේ හඩ වෙනස් බවත් දක්නට ලැබෙනවා.ඒ අනුව සමාජ ජාලාවල බහුලව පැතිරෙන වීඩියෝවේ හඩ කොටසේ යම් වෙනසක් පවතින බව දක්නට ලැබෙනවා.ඒ අනුව එම වීඩියෝව සංස්කරණය කර ඇති බව පැහැදිලියි.
ඉහත ටික්ටෝක් වීඩියෝවේ දැක්වෙන්නේ සමාජ ජාලාවල දකුණු කොරියානු ගුවන් අනතුර ලෙස හුවමාරුවන වීඩියෝ පටයේ කොටසක් පමණයි. තවත් වීඩියෝ එහි පවතිනවා. එම වීඩියෝ ද අධ්යනයය කිරීමට අප බලාපොරොත්තු වන අතර ඒ සමග මෙම ලිපිය යාවත්කාලින වනු ඇත.
එමෙන්ම දකුණු කොරියානු ගුවන් අනතුර සිදුවීමට පෙර සිදුවූ කසකස්ථානය සම්බන්ධ ගුවන් අනතුරේ කොටසක් ලෙසද දැන් දින කිහිපයක සිට දකුණු කොරියානු අනතුර සිදුවීමට පෙර සිටම මෙම වීඩියෝ පට හුවමාරු වෙනවා.එවන් වීඩියෝ පට දෙකකට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්
කෙසේ වෙතත් කසකස්තාන ගුවන් අනතුරේදී ගුවන් මගියෙක් විසින් පටිගත කරන ලද වීඩියෝවක් ලෙස දැක්වෙන වීඩියෝවක් ප්රකට මාධ්ය ආයතන මගින් ලොව පුරා ප්රචාරය කරනවා ඒ සම්බන්ධ ව බ්රිතාන්ය සන්ඩේ ටයිම්ස් පලකරන ලද වීඩියෝව නැරබිය හැකියි පහතින්.
කසකස්තාන ගුවන් අනතුර
මෙය සිදුවුනේ දෙසැම්බර 25 දිනයි. අනතුරට හේතුව පිලිබදව නිගමනයක් මෙතෙක් නොමැති නමුත් , බොහෝ දෙනා මෙය රුසියාව අතපසුවීමකින් සිදුකරන ලද ප්රහාරයක් නිසා සිදුවූ බවටත් පැවසෙනවා.ඒ සම්බන්ධව සමාජ ජාලා සටහන් කියවිය හැකියි මෙතනින්
දකුණු කොරියා ගුවන් අනතුර
මෙම අනතුර සිදුවුනේ දෙසැම්බර 29 දිනයි. එයට හේතුව ලෙස සැලකෙන්නේ ගුවන් යානයේ කොටසක් හා සම්බන්ධ ව පක්ෂියෙක්ගේ ගැටීමක්.කෙසේ වෙතත් ඒ පිලිබදව පරීක්ෂණ පැවැත්වෙන අතර නිශ්චිත නිට්ගමනයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ පිලිබදව විස්තර කියවිය හැකියි මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (නිගමනය)
අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ දකුණු කොරියානු ගුවන් අනතුරේ කොටසක් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන මෙම වීඩියෝව පැරණි වීඩියෝ ගණනාවක් එකතු කර සංස්කරණය කර හුවමාරුවන එකක් මිස සත්ය වීඩියෝවක් නොවන බව සහ දකුණු කොරියානු ගුවන් අනතුරට සම්බන්ධ නොවන බවයි. එමෙන්ම මෙම වීඩියෝව මිට දින කිහිපයකට පෙර කසකස්තාන ගුවන් අනතුරට සම්බන්ධ සිද්ධියක් ලෙස සමාජ ජාලා හුවමාරුවන අතර එය කසකස්තාන ගුවන් අනතුරටද සම්බන්ධ නැත.



