Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කුරුණෑගල පිහිටි දිය ඇල්ලක් බව කියමින් හුවමාරු වන බෙලිහුල්ඔය, පහන්තුඩාව දිය ඇල්ල!

    2020-12-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාව බොහෝ සෙයින් ස්වභාවික දිය ඇලි දැකිය හැකි රටක් වන අතර මෙවැනි ස්ථාන කරා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයනිරන්තරයෙන්ම හිමිවේ. රත්නපුර දිස්ත්‍රික්කය තුල මෙන්ම වෙනත් කඳුකර ප්‍රදේශ වලද දර්ශනීය දිය ඇලි පිහිටා ඇත.මෙරට පිහිටි මනරම් දිය ඇලි වල ඡායාරූප සමාජ ජාල

    ලංකාව බොහෝ සෙයින් ස්වභාවික දිය ඇලි දැකිය හැකි රටක් වන අතර මෙවැනි ස්ථාන කරා දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයනිරන්තරයෙන්ම හිමිවේ. රත්නපුර දිස්ත්‍රික්කය තුල මෙන්ම වෙනත් කඳුකර ප්‍රදේශ වලද දර්ශනීය දිය ඇලි පිහිටා ඇත.මෙරට පිහිටි මනරම් දිය ඇලි වල ඡායාරූප සමාජ ජාල හරහා නිරන්තරයෙන්ම හුවමාරු වේ.

    පසුගිය දා මේ ආකාරයෙන් කුරුනෑගල නගරය අසල පිහිටි දිය ඇල්ලක් ලෙස දර්ශනීය දිය ඇල්ලක ඡායාරුපයක් හුවමාරු වී තිබුණි. නමුත් බොහෝ අය හඳුනාගෙන තිබු පරිදි එහි දක්වා තිබුනේ බෙලිහුල්ඔය පිහිටි පහන්තුඩාව නම් දිය ඇල්ලකි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කුරුණෑගල අපි” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් වයඹ පළාතේ කුරුණෑගල නගරයේ දර්ශනයක් බව හැඟවෙන ආකාරයෙන් දිය ඇල්ලක ඡායාරූපක් පහත දැක්වෙන පරිදි හුවමාරු කරගෙන තිබුණි.

    FacebookArchived

    මෙම සටහන 500කට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනු අතර මෙම සටහන වැරදි එකක් බවට තවත් බොහෝ දෙනෙකු කමෙන්ට් කර තිබිනි. ඒ හේතුවෙන් මෙම ඡායාරූපයේ පිහිටා ඇති දිය ඇල්ල කුරුණෑගල නගරය ආශ්‍රිතව පිහිටි එකක් ද යන්න අප සොයා බැලීමට තීරනය කලා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි දැක්වෙන ඡායාරූපය පිලිබඳ දක්වා ඇති විස්තරය වැරදි එකක් බවට අදහස් දක්වා තිබූ බොහෝ දෙනෙක් එම ස්ථානය පහන්තුඩාව ඇල්ල බවට කමෙන්ට් කර තිබුනා. ඒ අනුව පහන්තුඩාව ඇල්ල යන්න ගූගල් සෙවුම් යන්ත්‍රයේ ඡායරූප සෙවීමක් කර බැලුවා.එහිදී මෙම ෆේස්බුක් සටහනට සමාන ඡායරූප රැසක් බෙලිහුල් ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව ඇල්ල යනුවෙන් නම් කර පලවී තිබෙනු දැකගනන්ට ලැබුනා.

    Google Image Search

    මෙම දිය ඇල්ල පිලිබඳව යූටූබ් වීඩියෝ සටහනක් පහතින්

    මෙම දියඇල්ල සබරගමුව පලාතේ බලංගොඩ නගරයට සමීපව පිහිටි බෙලිහුල් ඔය ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 1.5ක් පමන දුරුන් පිහිටි දිය ඇල්ලක්.පහනක් ආකාරයෙන් ඇති පිහිටීම හේතුවෙන් මෙම ඇල්ල පහන්තුඩාව ඇල්ල ලෙස නම් කර තිබෙනවා.

    සංචාරක තොරතුරු ඇතුලත් ලෝ ප්‍රසිද්ධ Tripadvisor වෙබ් අඩවියද පහන්තුඩාව දිය ඇල්ල පිලිබඳව ඡායාරූපයන් සමගින් විස්තර ඇතුලත් කර තිබෙනවා.

    TripadvisorArchived

    තවද මෙසේ හුවමාරු වන සටහන්වල පෙන්වා ඇති සේයාරුවේ මුල් ඡායරුපයද මෙසේ පහන්තුඩාව ඇල්ල යනුවෙන් නොවැම්බර් 29 වැනිදා පළකර තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනට පිළිතුරු වශයෙන් මෙවැනි උපහාසාත්මක සටහන් රැසක් ද දැකගනන්ට ලැබුණි

    https://www.facebook.com/buwaneka.madusanka.9/posts/718618345445303?__cft__[0]=AZWMl4JFeel9s6noW3o9VEOx7p7GdVh8M42wheDtSQAI9oIH59Mp17w3BhoNrTipSMC_RV0–z9ctBtQjzwOTFH_xWKciSUxKLF_91NnBmKYj_x2hfXeDcCy5s0S3QOMZg8VFynRljM_C8sSW1IEIuoP&__tn__=%2CO%2CP-R

    මෙම ස්ථානය තහවුරු කෙරෙන ගූගල් මැප් පිහිටීම මෙතනින් . කුරුණෑගල නගරයේ සිට බෙලිහුල්ඔය පහන්තුඩාව දිය ඇල්ල වෙත කිලෝමීටර 175ක පමණ දුරක් තිබේ.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී “කුරුණෑගල අපි” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් උපහාසාත්මක කෝණයකින් පළකර ඇති දිය ඇල්ල එම ප්‍රදේශයේ දිය ඇල්ලක් නොවන බව පැහැදිලිය. මෙම දිය ඇල්ල සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් වන පහන්තුඩාව ඇල්ල බවට අපට තහවුරු කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.