Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මේ දිනවල තරුණියකගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට මුදල් ආධාර ඉල්ලමින් හුවමාරු වන්නේ සත්‍ය සටහනක් ද?

    2023-04-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් යම් මුදල් ආධාර එකතු කරන අවස්ථාවන් වලදී එම කාරණා ඉටු වූ පසුව ද, ඒ පිලිබඳ කරුණු දැනුවත්ව හෝ නොදැනුවත්ව, එම සටහන් ඇතැම් ෆේස්බුක් පිටු විසින් නැවත නැවත සංසරණය කරනු ලබන්නේ, ඔවුන්ගේ ෆේස්බුක් පිටු සඳහා රීච් ලබා ගැනීම අරමුණු කොට ගෙනයි. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    මාතලේ ප්‍රදේශයේ වෙසෙන  නුවන්ති  ඉෂාරා  විජේරත්න නම් තරුණියගේ මොළයේ ගෙඩියක් ඇති බවට වෛද්‍ය  පරික්ෂණ  වලින්  සොයාගෙන  ඇති හෙයින්  එය ඉවත් කිරිමේ ශෛල්‍ය  කර්මයට  රුපියල් ලකෂ 20 ක් වැය වන බවත්, ඒ සඳහා මුදල් උපකාර කළ හැකි සියලු දෙනාට ඒ සඳහා දායක වන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය සටහනක් ඊයේ (26) දිනයේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප මෙහි දක්වා තිබූ තොරතුරු ඔස්සේ “Keyword” සෙවීමක් සිදු කළ අතර එහිදී අපට දැක ගන්නට ලැබුණේ මෙම සටහන මීට වසර 07කට පෙර එනම් 2016 වර්ෂයේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වී ඇති බවයි.

    Facebook | Archived Link

    නුවන්තිගේ පාසල වන මාතලේ විජය විද්‍යාල ආදිශිෂ්‍ය සංගමය විසින් ද එම සටහන 2016 දෙසැම්බර් මස හුවමාරු කර ගෙන තිබුනේ මෙලෙසින්

    එමෙන් ම 2022 වර්ෂයේ ද, මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

    මේ හේතුවෙන් මේ පිළිබඳව විමසා බැලීම සඳහා අප මෙම සටහනේ දක්වා තිබූ දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තා.

    නුවන්ති ඉෂාරා විජේරත්න නම් තරුණියගේ මව විසින් එම ඇමතුම ලබා ගත් අතර ඇය සඳහන් කළේ, තම දියණිය අදාළ සැත්කම සිදුකොට වසර 06ක් පමණ ගත වී ඇති බවත්, ලැබුණු මුදල් ආධාර වලින් සැත්කම සාර්ථකව සිදු කළ බවයි. 

    නමුත් මීට පෙර මුදල් එකතු කිරීම සඳහා දායක වුණු ෆේස්බුක් සටහන් නැවත සංසරණය වීම හේතුවෙන් තමන් ට අද දිනයේ නැවත මේ පිළිබඳ විමසමින් දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබුණු බවත්, මෙය පැරණි සටහන් හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, ඒවා ඉවත් කරගන්නා ලෙසත්, ඉල්ලීමක් සිදුකරමින්, මෙම ගිණුම් අංක සඳහා මුදල් නොදමන ලෙසත් ඉෂාරා විජේරත්නගේ මව ඉල්ලීමක් සිදු කළා.

    එමෙන්ම මෙලෙස මෑතකදී සංසරණය වන සටහනක ට එම තරුණියගේ සහෝදරිය විසින් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුනේ මෙම ගිණුම් අංක අවලංගු කර ඇති බවයි.

    මේ ආකාරයට පැරණි සටහන් නැවත වරක් නොමඟ යවන සුළු ආකාරයට හුවමාරු වූ අවස්ථා පිලිබඳ අප සිදුකළකරුණු විමර්ෂණ දෙකක් පහතින්.

    Also Read: වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

    පස් හැවිරිදි දියණියකට ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තරුණියකට සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ 20ක මුදල් අවශ්‍යතාවයයක් ඇති බවට දක්වමින් මේ දිනවල නැවත වරක් සංසරණය වන සටහන නොමග යන සුළු බවයි. 

    මෙය 2016 වසරේ පළ කළ සත්‍ය සටහනක් නැවත ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ අවස්ථාවකි. අදාළ සැත්කම සාර්ථකව සිදුකොට දැනට වසර 07ක් ගත වී ඇති අතර මෙම තරුණිය සුවෙන් පසුවන අතර මෙම සටහන් හුවමාරු කරගැනීමෙන් වළකින ලෙස තරුණියගේ මව ඉල්ලා සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-04-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.