Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාලදිවයිනේ දී ගෝඨාභය රාජපක්ෂට විරෝධතාවයක් එල්ලවූ ආකාරය ද? (VIDEO)

    2022-07-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් බැහැරවයි සිටින්නේ. මාලදිවයිනේ තාවකාලිකව රැදී සිටින ඔහු, සිංගප්පුරුව  බලා පිටත්වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා වල කියවෙනවා. ඔහු මාලදිවයිනට ගිය අවස්ථාවේ දර්ශන ලෙස වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා. මේ අතර නොම

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් බැහැරවයි සිටින්නේ. මාලදිවයිනේ තාවකාලිකව රැදී සිටින ඔහු, සිංගප්පුරුව  බලා පිටත්වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා වල කියවෙනවා. ඔහු මාලදිවයිනට ගිය අවස්ථාවේ දර්ශන ලෙස වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා.

    මේ අතර නොමඟ යවන සුළු දර්ශන පෙළක් ද හුවමාරු වුනා. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ඇතුල් වන අවස්ථාවේ දී එහි ගුවන් තොටුපොල පරිශ්‍රයේ දී පිරිසක් ඔහුට දමිළ බසින් බැන වදිමින් විරෝධය පළ කරන බව හැඟවෙන සේ වීඩියෝවක් සංසරණය වෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ලඟා වන අවස්ථාවේ දී මාලදිවයින් වැසියන් ඔහුව පිළිගත් ආකාරය බව හඟවමින් වීඩියෝවක් සමාජ ජාලාවල පැතිර ගියේ මේ ආකාරයෙන් .

    “මාලදිවයින් වැසියන් ගෝඨාඹය මහතා ඉතා උණුසුම් ලෙස පිලිගත් ආකාරය” යන තේමාවෙන් හුවමාරු වූ වීඩියෝවක් පහතින්

    Facebook

    එම වීඩියෝව හුවමාරු කරගෙන තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්

    එසේම මෙම වීඩියෝව දමිළ පාඨකයන් අතර ද හුවමාරු වී තිබු අතර මෙම වීඩියෝවේ පසුබිමින් ගෝඨාභය රාජපක්ෂට දෙමළ බසින් පරුෂ වචනවලින් බැන වදින ආකාරයක් ඇසෙනවා. එවැනි වීඩියෝවක් නව දහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වූ අයුරු මෙතනින්

    මෙහි පුවත් ටිකර මඟින් ද අත්අඩංගුවට ගැනීමක් ගැන ද සඳහන් වී තිබීම නිසා මෙය මෑතක වීඩියෝවක් ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසා තිබුණ ද මෙම දර්ශන පැරණි වීඩියෝවක බවත් බොහෝ දෙනෙක් ද හඳුනාගෙන තිබුණා. එසේම මාලදිවයින් වැසියන්ගේ භාෂාව වන්නේ දෙමළ නොව දිවෙහි භාෂාවයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ මෙහි මුල් දර්ශන සොයා අප විමර්ශනයක් සිදුකළා.

    Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප මුලින්ම විමසා බැලුවේ ගෝඨාභය රාජපක්ෂ ජනපති, මාලදිවයින ගුවන් තොටුපළේ දී ගොඩබට අවස්ථාව ලෙස මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන වෙතටයි.

    අද (ජුලි 13) අලුයම ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින ට ලඟා වූ බවත් එම අවස්ථාවේ ත් විරෝධය පාමින් ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටුපොළට රැස්ව තිබු බවත් එම අවස්ථාවේ ලබාගන්නා ලද දර්ශන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු දර්ශන පෙළක් පහතින්.

    කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ අද දින මාලදිවයිනේ දී ලබාගත් දර්ශන යයි හුවමාරු වන වීඩියෝව “අද දෙරණ” වීඩියෝවකින් ලබාගත් බව දක්වා තිබු අතර එහි ශෛලිය පරීක්ෂා කිරීමේ දී ද (පුවත් ටිකර ආදිය – News tickers / lower-thirds) මේ දිනවල පුවත් ස්වරුපය සමඟ ගැලපෙන්නේ ද නැහැ.

    මේ ඔස්සේ අප සිදුකළ පරීක්ෂාවේ දී “අද දෙරණ” විසින් මීට වසර 5 කට පමණ පෙර, එනම් 2017 ඔක්තෝබර් මස පළකරන ලද එම වීඩියෝවේ මුල් වීඩියෝ දර්ශන සොයා ගැනීමට හැකි වුණා.

    ඒ 2017 වසරේදී ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ පෞද්ගලික සංචාරයකින් අනතුරුව සිය බිරිද සමග නැවත ශ්‍රී ලංකාව වෙත ළඟාවන අවස්ථාවක් ලෙස දක්වා තිබු එම දර්ශන පෙළ පහතින්

    එම වකවානුවේ දී ගුවන් තොටුපළේ දී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණ ද එවැන්නක් සිදුව තිබුනේ නැහැ.

    මේ අනුව අද දෙරණ විසින්, 2017 ඔක්තෝබර් මාසයේදී විකාශය කරන ලද වීඩියෝවක් සංස්කරණය කර ඒ සඳහා වෙනත් හඬ පටයක් එකතු කර වෙනස් කිරීමකට ලක්කර සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර යන වීඩියෝව සකසා ඇති බව තහවුරු වෙනවා.

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාලදිවයින්ට ඇතුලු වීමට එරෙහිව ඔහු එහි ඇතුලුවී පැය කිහියකට පසු එහි සිටි ශ්‍රී ලාංකික කණ්ඩායම් උද්ගෝෂණ සිදු කල බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එවන් සටහනකට පිවිසිය හැකියි මෙතනින්. තවත් පුවත් වාර්තාවක් මෙතනින්

    “ගෝඨාභයගේ පැමිණීම නිසා මාලදිවයිනත් උණුසුම් වෙයි” යන තේමාවෙන් හුවමාරු වූ දර්ශන පෙළක් මෙතනින්.

    ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවයක යෙදෙන අයුරු මාලදිවයිනේ වාර්තා කල වීඩියෝවක් පහතින්.

    මාලදිවයින බලධාරීන් විසින් මාලදිවයිනේ දී උද්ඝෝෂණයේ යෙදුණු ලාංකික පිරිස් විසුරුවා හැරීමට කටයුතු කළ ආකාරයක් Newsfirst වාර්තා කර තිබුනේ මෙලෙසින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරුවුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාලදිවයිනට ගොඩ බට අවස්ථාවේ දී එහි  ගුවන් තොටුපොලේ දී විරෝධතා එල්ලවූ බවට හැඟවෙන ආකාරයට සමාජ ජාලා හරහා හුවමාරුවන වීඩියෝව, 2017 වසරේදී ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ සමඟ ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයකින් අනතුරුව, ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවකදී කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයේ දී ලබා ගත් වීඩියෝවක කොටසක හඩ සංස්කරණය කිරීමෙන් සකසන ලද විදියෝවක් බවයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.