Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඩලස් අලහප්පෙරුම රනිල්ගේ ගුණ වැයූ අවස්ථාවක් ද? (VIDEO)

    2022-05-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 12 වන දා, 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳ නායකයෙක් බවට පවසමින් ගුණ ගැයූ අවස

    රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 12 වන දා, 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳ නායකයෙක් බවට පවසමින් ගුණ ගැයූ අවස්ථාවක් බවයි.

    මෙම වීඩියෝව බොහෝ දෙනා අතර කතිකාවතක් නිර්මාණය වීමට හේතු වූවා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ඇරඹුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රනිල් වික්‍රමසිංහ මහතා දාර්ශනිකයෙක්, විනයක් තියෙන කෙනෙක්” යනුවෙන්  ඩලස් අලහප්පෙරුම සඳහන් කළ බවට දක්වමින් “මේ වන විට තත්ත්වය යනුවෙන්” සඳහන් කළ ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link  Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ මේ දිනවල සංසරණය වී තිබුණේ, රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ ඩලස් අලහප්පෙරුම මහතාගේ මතය මේ බව දක්වමින්. මෙම සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    කෙසේනමුත් ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙලෙස පැවසූ බවට වීඩියෝවක් ද 2021 වසරේ සිට හුවමාරු වී තිබුණේ මේ අයුරින්. 

    Facebook

    මේ අනුව මෙය මෑතක දී සිදුකල ප්‍රකාශයක් නොවන බව පැහැදිලියි. 

    නමුත් සත්‍ය වශයෙන් ම ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකල සම්පුර්ණ ප්‍රකාශය සොයා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ඩලස් අහලප්පෙරුම මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට දක්වා තිබූ මාධ්‍ය සාකච්ඡාව වෙත අවධානය යොමු කරනු ලැබුවා.

    ඒ අනුව අපට තහුවරු වුණේ, මෙම වීඩියෝව ලබාගෙන තිබුනේ 2019 වසරේ අගෝස්තු 21 වන දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකින් බවයි.

    එකල එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුත්තේ කවුරුන්ද යන්න තෝරා ගැනීම පිළිබඳ එජාපයේ අභ්‍යන්තරයේ පැවති අර්බුදය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතා එම සාකච්ඡාවේදී සිය අදහස් දක්වා තිබුණා.

    ඩලස් මහතා මෙහිදී අවධාරණය කරනු ලබන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව එජාපයේ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ කියන්නේ දාර්ශනිකයෙක්, විනයක් තියෙන කෙනෙක්, ඔහු වැඩ කාරයෙක්, ඔහු අවංක නායකයෙක් ඔහුට තමයි රට හදන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ තරම් බහුස්‍රැත නායකයෙක් ලංකාවේ නොමැති බව ඔවුන් පැවසූ බවත්, එලෙස පැවසූ පිරිසම රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් නෙරපීමට කටයුතු කරන බවයි. එම සම්පූර්ණ වීඩියෝව පහතින්. (එම කොටස 02.27 සිට)

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව සහ සටහන් වල මෙම සම්පුර්ණ කතාවෙන් කොටසක් පමණක් යොදා ගනිමින් දක්වා තිබුණේ, ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගුණ වයමින් ඔහුගේ මතය දක්වා තිබූ ආකාරයක් බවයි.

    එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය සටහන් “අද දෙරණ” පුවත් විකාශයේ පළ වූ පුවත් විකාශයකින් ලබාගත් කොටසක් බවට අපට ප්‍රත්‍යක්ෂ වූවා. 

    2019 අගෝස්තු මස 21 වැනි දින “අද දෙරණ” පුවත් විකාශයේ ඩලස් අලහප්පෙරුම මහතාගේ මෙම ප්‍රකාශය පළ වූයේ මේ අයුරින්.

    එහි දී ද “රනිල් වික්‍රමසිංහ මහතා දාර්ශනිකයෙක්, විනයක් තියෙන කෙනෙක්…” යනුවනේ එජාප මන්ත්‍රීවරුන් විසින් ඊට වසර කිහිපයක සිට මන්ත්‍රයක් මෙන් ජප කල බව ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියි.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ කොටස සහ සත්‍ය වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝ කොටසේ සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තමාගේ මතයක් ලෙස වික්‍රමසිංහ මහතාගේ ගුණ වයමින් ඔහු සැබෑ නායකයෙක් යයි පැවසූ බවක් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ ඩලස් මහතා, 2019 අගෝස්තු මස පැවති මාධ්‍ය හමුවක දී එජාප මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් 2015-2019 සමයේ දැරූ අදහස් යයි දක්වමින් කරුණු පැහැදිලි කළ අවස්ථාවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.