Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK:  20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු ලකුණු 200 සීමාවට ලගාවූ පළමු ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ද?

    2022-02-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම්

    පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම් සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පැතුම් නිශ්ශංක ක්‍රීඩකයාගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්.ඒ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පස්වන 20-20 තරගයට පෙරයි.

    “පැතුම් නිස්සංක හෙට දිනයේදි තවත් ලකුණු 29ක් ලබාගතහොත් ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියක ලකුණු 200 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසගත වෙයි”

    Facebook | Archived

    ඒ හා සමාන වැඩි පිරිසක් අතර ව්‍යාප්තවූ  තවත් සටහනක් පහතින්.

    Facebook | Archived

    වේගයෙන් ව්‍යාප්තවූ සටහනක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

    අප විසින් මුලින්ම විමසීමක් කළේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙවැනි වාර්තාවක් පිළිබදව සටහන් තබා ඇතිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි සටහනක් තබා නැති බවයි.

    ඉන් පසුව අප ක්‍රිකට් සංඛයා දත්ත විශ්ලේෂණය කරන වෙබ් අඩවිවල ආධාරයෙන් මේ පිළිබදව විමසා බැලුවා. Howstat  වෙබ් අඩවියේ ඇති දත්ත විශ්ලේෂණයකට ලක්කළ අපට පැහැදිලි වූයේ 20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු  ලකුණු 200 ඉක්මවා ලබාගත් ක්‍රීඩකයෙක් සිටින බවයි.ඒ නවසීලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක M.J.Guptill .ඔහු 2020-21 කාල පරිච්ඡේදයේදී ඕස්ට්‍රේලියානු පිළ සහ නවසීලන්ත පිළ අතර පැවති තරග 5 ක තරගාවලියකදී ලකුණු 218 ක් ලබා ගැනීමට සමතව තිබෙනවා.

    Howstats | Archived 

    2020-21 නවසීලන්තයේ පැවති මෙම තරඟාවලියේ දී පිල් දෙකෙහිම ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ලකුණු දෙසීයේ සීමාව පසුකර හෝ ලඟා වී තිබුණා. ඒ පිලිබඳ වැඩි විස්තර පහතින්.

    Cricinfo | Archived

    මින් පැහැදිලි වන කාරණය වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පස්වන 20-20 තරගයේදී ලකුණු 29 ක් ලබාගැනීමේ හැකියාව ලැබුණද, ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියාවට එරෙහිව 20-20 තරගාවලියකදී ලකුණු 200 ට වඩා ලබාගත් පළමු ක්‍රීඩකයා වීමේ අවස්ථාව නොමැති බවයි.

    කෙසේ වෙතත් පස්වන 20-20 තරගයේදී පැතුම් නිශ්ශංකට ලකුණු 29 ක් ලබාගෙන තරගාවලිය තුළ මුලු ලකුණු 200 සීමාවට ලගාවීමට නොහැකිවූ අතර ඔහු ලකුණු 13 ක් පමණක් ලබාගෙන සිටියදී දැවී ගියා. ශ්‍රී ලංකාව ජයගත් එම තරගය පිළිබදව සහ එහිදී ක්‍රීඩකයන් ලබාගත් ලකුණු පිළිබදව විමසුමකට යොමුවිය හැකියි මෙතනින්.Archived

    ඒ අනුව පසුගියදා අවසන්වූ 20-20 තරගාවලියේදී පැතුම් නිශ්ශංක ලබාගත් මුලු ලකුණු ප්‍රමාණය වන්නේ 184 ක් වන අතර එය එම තරගාවලියේදී ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.ඒ පිළිබදව වාර්තාවකට පිවිසීම මෙතනින්.Archived. 

    කෙසේනමුත් ඕස්ට්‍රේලියාවේ දී පැවති තරඟ 5 කින් සමන්විත තරඟාවලියක දී ලකුණු 184 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබුනේ පැතුම් නිශ්ශන්කයි. කෙසේනමුත් 2019-20 ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ඩේවිඩ් වෝර්නර් තරංග 3 ක දී ලකුණු 200 සීමාව ද පසුකර තිබුනේ මෙලෙසින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද විමසීමේදී තහවුරු වන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 20-20 තරගාවලියේ අවසාන තරගයේදී පැතුම් නිශ්ශංක විසින් ලකුණු 29 ක් ලබාගෙන තරගාවලියේ ඔහු රැස්කළ  මුලු ලකුණු ප්‍රමාණය 200 සීමාව පසුකිරීමේ හැකියාව ලැබුණද ඔහු එම දස්කම කිරීමට සමත්වූ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට හැකියාව නොතිබූ බවයි. නවසීලන්ත ක්‍රීඩක මාර්ටින් ගුප්ටිල් මීට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව එම දස්කම දක්වා තිබුණි. කෙසේනමුත් තරන්ගාවලිය අවසානයේ පැතුම් නිශ්ශංක ලකුණු 184ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියාවේ පැවති තරඟ 5 ක තරඟාවලියක දී ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලැබුණු සංඛ්‍යාව මෙයයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.