Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පැතුම් නිශ්ශංක LPL 2024 වෙන්දේසියේ අලෙවි වූයේ නැත් ද?

    2024-05-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සජීවී වෙන්දේසිය පසුගියදා පැවැත්විණි. මෙම වෙන්දේසියෙන් පසුව, අලෙවි නොවී සිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සජීවී වෙන්දේසිය පසුගියදා පැවැත්විණි. මෙම වෙන්දේසියෙන් පසුව, අලෙවි නොවී සිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර මෙම පළ කිරීම් ක්‍රිකට් ලෝලීන් සහ පාර්ශවකරුවන් නොමඟ යවන සහ ව්‍යාකූල වේ. එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) වෙන්දේසියේදී අලෙවි නොවී ගිය බවට සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණා. එමෙන් ම  T20 ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අලෙවි නොවී ටෙස්ට් තරඟාවලියේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අලෙවි වූ බවට ඇතැම් සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් වෙන්දේසිය පසුගිය මැයි 21 වන දා මධ්‍යහන 12:00ට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී ආරම්භ වුණා.

    LPL තරගාවලියේ 5 වැනි අදියරයට අදාළ මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 424 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ගෙන් 154 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වූ අතර ඉතිරි ක්‍රීඩකයින් විදේශීය ක්‍රීඩකයෝ වූවා.

    එහිදී පැතුම් නිශ්ශංක ඊට අයත් නොවූ වත් රඳවාගත් සහ පූර්ව අත්සන් කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් වී තිබුණා.

    මෑත කාලයේ පිතිකරුවෙක් ලෙස ජාත්‍යන්තර පිටියේ දැඩි අවදානයක් දිනා සිටින පැතුම් නිශ්ශංක වෙන්දේසියට ඉදිරිපත් කළ පළමු මොහොතේ වෙන්දේසියෙන් අලෙවි නොවුණු අතර පසුව ඔහු ඩොලර් 40000 ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවා. 

    මෙම වෙන්දේසියෙන් වැඩි ම මිලක් නියම වූයේ මතීෂ පතිරණට ය. ඔහු අලෙවි වූ මුදල අමෙරිකානු ඩොලර් 120,000කි.

    මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.

    Also Read : Pathum Nissanka Went Unsold In The First Round Of The LPL 2024 Auction. However, He Was Sold To Jaffna Later In The Acceleration Round!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) වෙන්දේසියේදී අලෙවි නොවුණු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. පැතුම් නිශ්ශංක ඩොලර් 40000 ක ට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.