Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බව, Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළා ද?

    2023-12-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නැවත නැවතත් විවිධාකාරයේ නව ප්‍රභේද ඔස්සේ හිස ඔසවන Covid-19 ට එරෙහිව සටන් කිරීමට, ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර අදටත් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම වසංගතයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමින් එය පාලනය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    නැවත නැවතත් විවිධාකාරයේ නව ප්‍රභේද ඔස්සේ හිස ඔසවන Covid-19 ට එරෙහිව සටන් කිරීමට, ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර අදටත් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම වසංගතයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමින් එය පාලනය කිරීමට එන්නත්කරණය හඳුන්වාදුන් අතර  Pfizer යනු, ලංකාවේ දී ද යොදාගත් එවැනි එක් එන්නත් විශේෂයක්. 

    Pfizer හි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා විසින් ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බවට පවසමින් සිදු කරන ප්‍රකාශයක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කලක සිට හුවමාරු වෙන වීඩියෝවක නිරවද්‍යතාවය සොයා සිදු කළ කරුණු පරික්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

     “තම සමාගමේ ඉලක්කය ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම බව” ට Pfizer හි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    WhatsApp ඔස්සේ බහුලව සංසරණය වූ එම වීඩියෝව පහතින්.

    “පළවෙනි පාර එයාගෙ බෙල්ල දිහාවෙ හොදින් බලන්න, (කටුස්සො)reptilian තමයි අපිව පාලනයකරන්නෙ. දෙවනියට අහන්න එයා මොනවද කියන්නෙ කියල “ලෝක ජනගහනය 50% න් අඩුකරනවළු. මෙයාගෙ නම Albert Bourla (Pfizer president)” යනුවෙන් සඳහන් කරමින් 

    මෙම පණිවිඩයේ දක්වා තිබූ වීඩියෝව පහතින්.

    එම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    Pfizer හි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා (Albert Bourla) විසින් සිදු කරන ලද ප්‍රකාශය ඇතුළත් වීඩියෝව කුමක් ද, යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී එම වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව YouTubeහි පළ වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. 

    ඒ අනුව එම වීඩයෝව 2022 මැයි 25 වන දින “Conversation with Albert Bourla, CEO of Pfizer.” යන ශීර්ෂ පාඨය සමගින් පළ වී තිබූ එම වීඩියෝවේ දැක්වුණේ, ෆයිසර් හි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා සහ ක්ලවුස් ෂ්වාබ් (Klaus Schwab), ලෝක ආර්ථික සංසදයේ විධායක අධ්‍යක්ෂ ඩාවෝස් (Davos) සමඟ කළ සංවාදයකි.

    මෙහිදී ක්ලවුස් ෂ්වාබ් විසින් ඇල්බට් බෝර්ලාට පැනයක් යොමු කරන අතර ඔහු ඉන් අසා සිටින්නේ, ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන රටවල් 45 කට ඖෂධ බෙදා හැරීම සඳහා Pfizer හි ලාභ නොලබන(non-profit) සැලැස්මක් ඇත් ද යන්නයි. මීට පිළිතුරු දෙමින්, ඇල්බට් බෝර්ලා සඳහන් කරන්නේ,  “මම හිතන්නේ එය අපි 2019 ආරම්භ කරන විට අපගේ නායක කණ්ඩායම සමඟ එක්ව දුටු සිහිනයක් සැබෑ කිරීමක්, අපි 2019 ජනවාරි මාසයේදී කැලිෆෝනියාවේ දී හමුවූ පළමු සතියේදී, ඉදිරි වසර පහ සඳහා ඉලක්ක මොනවාද යන්න පිළිබඳ සැලසුම් කළ අතර ඉන් එකක් වූයේ 2023 වන විට, අපගේ ඖෂධ ලබා ගත නොහැකි ලෝකයේ පුද්ගලයින් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමට අපි කටයුතු කරන බවයි. මම හිතන්නේ අද මේ හීනය යථාර්ථයක් වෙනවා” යනුවෙනි.

    මෙම වීඩියෝවේ ඉතා පැහැදිලිව පෙනෙන පරිදි ඇල්බට් බෝර්ලා විසින් සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරන්නේ එම සමාගමෙන් ඖෂධ ලබා ගැනීමට නොහැකි ලෝකයේ මිනිසුන් සංඛ්‍යාව 50% කින් අඩු කරන බවයි. කෙසේ වෙතත්, “අපි ලෝකයේ මිනිසුන් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කරන්නෙමු” යනුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් ඔහු කිසිවිටෙකත් සිදු නොකරනු බවයි. 

    ඒ අනුව බෝර්ලා පැවසූ බවට ව්‍යාජ ලෙස අර්ථකතනයක් ලබාදීමට සංස්කරණය කරමින් ඉහත සඳහන් නොමග යවන සුළු වීඩියෝව නිර්මාණය කර ඇති බවට පැවසිය හැක.

    Also Read: Pfizer CEO Did Not Say That Pfizer Aims To Reduce The World Population By 50%

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “තම සමාගමේ ඉලක්කය ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම බව” ට Pfizer හි ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා විසින් ප්‍රකාශ කරන බවට පළ වන වීඩියෝව නොමග යවන සුළු, සංස්කරණය කරන ලද වීඩියෝවකි. ඇල්බට් බෝර්ලා විසින් සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නේ, එම සමාගමෙන් ඖෂධ ලබා ගැනීමට හැකියාවක් නොමැති ලෝකයේ මිනිසුන් සංඛ්‍යාව 50% කින් අඩු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-12-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.