දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලෝක ව්යාප්තව COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා භාවිත කළ Pfizer-BioNTech එන්නත සම්බන්ධයෙන් විවිධ අසත්ය සහ නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්ය ජාලාවන්හි තවමත් සංසරණය වෙමින් පවතී. මෑතකදී සමාජ මාධ්ය ඔස්සේ ශ්රී ලාංකික පරිශීලකයන් අතර ද බහුලව බෙදාහැරෙන සටහනකින් ප්රකාශ කරන්නේ, Pfizer සමාගම විසින්ම තම එන්නතෙහි ඇති “භයානක අතුරු ආබාධ 44ක ලැයිස්තුවක්” නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇති බවයි. මේ පිළිබඳ සත්ය කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“කොවිඩ් එන්නතේ අතුරු ආබාධ ලැයිස්තුව ප්රකාශයට පත් කර ඇත” යනුවෙන් ආරම්භ වන එම සටහනේ, රුධිර කැටි ගැසීම, හෘද රෝග, ස්නායු අකර්මණ්ය වීම්, ටර්බෝ පිළිකා, ගැබ්ගැනීම් හා බාල දරු උපත් ආශ්රිත ගැටලු ඇතුළු වෛද්ය තත්ත්ව 44ක් අංක ගණනින් ලැයිස්තුගත කර ඇති අතර, ඒවා කොවිඩ්-19 එන්නත නිසා ඇති වන ආබාධ ලෙස ඍජුව ම හඳුන්වා දී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් විදේශීය සමාජ මාධ්ය පරිශීලකයින් අතරද, හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
මෙම සමාජ මාධ්ය සටහන් වල මෑතක නිකුත් කළ ලැයිස්තුවක් ලෙස හඳුන්වා තිබුණ ද, මෙම සටහන් 2022 වසරේ සිට විදේශීය සමාජ මාධ්ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබූ බව මෙලෙසින් දැක ගන්නට ලැබේ.
කෙසේ වෙතත් මෙහි දක්වා ඇති තොරතුරුවල නිර්වද්යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම සටහන් වල මූලාරම්භය කුමක්ද?
සමාජ මාධ්ය තුළ සංසරණය වන රෝගී තත්ත්ව සහිත ලැයිස්තුව සම්පූර්ණයෙන් ම ගොඩනැගී ඇත්තේ, ෆයිසර් සමාගම 2021 අප්රේල් 30 වන දින එක්සත් ජනපද ආහාර හා බෙහෙත් නියාමන ආයතනය (FDA) වෙත භාර දුන් “5.3.6 Cumulative Analysis of Post-authorization Adverse Event Reports of PF-07302048 (BNT162b2)” නමැති අභ්යන්තර ආරක්ෂණීයත්ව වාර්තාවක් මතය. (Appendix 1: List of Adverse Events of Special Interest’ නමැති 9 පිටු ඇමුණුම). මෙම වාර්තාවේම ෆයිසර් නිගමනය කර ඇත්තේ නව ආරක්ෂණ අවදානමක් නොපෙනෙන බවත්, ප්රතිලාභ-අවදානම් සමතුලිතතාව හිතකර බවත් ය.
එසේම, මෙම වාර්තාව ෆයිසර් සමාගම විසින් ස්වේච්ඡාවෙන් ‘ප්රකාශයට පත් කළ’ වාර්තාවක් නොවන අතර එය Public Health and Medical Professionals for Transparency (PHMPT) නම් සංවිධානය විසින් FDA වෙත එරෙහිව ගොනු කළ තොරතුරු නිදහස් කිරීමේ නඩුවක තීන්දුවක් අනුව අධිකරණ නියෝගයක් මගින් 2021 නොවැම්බර් මාසයේ මහජනතාව වෙත නිකුත් කිරීමට සිදු වූවකි.
එම මුල් ලේඛනය FDA හි නිල Docket අංක FDA-2022-N-0904යටතේ regulations.gov වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
ෆයිසර් (Pfizer) ලේඛනයේ ඇති ලැයිස්තුව ඇත්තටම කුමක්ද?
සමාජ මාධ්යවල කතා වන Pfizer ලේඛනයේ ඇති ලැයිස්තුව (Appendix 1) යනු එන්නත නිසා සිදු වූ ලෙඩ රෝග ලැයිස්තුවක් නොවේ. එය ලෝකයේ වෛද්ය ප්රවීණයන් විසින් කලින් සකස් කරන ලද “මුරකරු ලැයිස්තුවක්” (Watch-list) පමණි.
එන්නතක් ලෝකයටම ලබා දෙන විට, මිනිසුන්ට වැළඳිය හැකි විවිධ ලෙඩ රෝග ගැන සෞඛ්ය අංශ ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඒ සඳහා ඔවුන් කලින්ම රෝග ලැයිස්තුවක් සාදා, එන්නත ගත් අයට ඉන් කිසියම් රෝගයක් වැළඳෙනවාද කියා නිරීක්ෂණය කරයි. මෙය කොවිඩ් එන්නතට පමණක් නොව, ලෝකයේ නිපදවන ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් සඳහා පොදුවේ භාවිත කරන සාමාන්ය වෛද්ය ක්රමවේදයකි.
ෆයිසර් වාර්තාවේ ‘අහිතකර සිදුවීම්’ ලෙස ලැයිස්තුගත කර තිබූ රෝගී තත්ත්වයන්, එන්නත ලබා දීමෙන් අනතුරුව සෘජුවම ඇති වන ‘අතුරු ආබාධ’ ලෙස සමාජ මාධ්ය සටහන්වල වැරදියට හඳුන්වා දීම මෙම නොමඟ යෑමට හේතු වී තිබේ.
අහිතකර සිදුවීම්” (Adverse Event), “විශේෂ අවධානයට ලක් වන අහිතකර සිදුවීම්” (Adverse Event of Special Interest / AESI), and “අතුරු ආබාධ” (Side Effect)
එන්නතක් ලෝකයටම බෙදා හරින විට, සෞඛ්ය සංවිධාන විසින් එන්නත ගත් අයගේ ආරක්ෂාව නිරීක්ෂණය කිරීමට පද්ධතියක් පවත්වාගෙන යයි උදාහරණයක් ලෙස අමෙරිකාවේ VAERS පද්ධතිය
එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්යස්ථානය (CDC) සහ FDA මඟින් පවත්වාගෙන යන VAERS නම් එන්නත් ආරක්ෂණ පද්ධතියට අනුව, මෙම තත්ත්වයන් අතර වෙනසක් පවතී. ඒ අනුව,
- අහිතකර සිදුවීම්(Adverse Event) යනු කුමක්ද?
එන්නත විදීමෙන් පසු පුද්ගලයෙකුට වැළඳෙන ඕනෑම සෞඛ්ය ගැටලුවකි. උදාහරණයක් ලෙස, එන්නත විදගත් අයෙකුට දින කිහිපයකින් හෘදයාබාධයක් වැළඳුණහොත්, එය මෙම පද්ධතියේ සටහන් කර ගනී. නමුත්, එය සිදු වූයේ එන්නත නිසාමද නැද්ද යන්න මෙම වාර්තාවෙන් පමණක් තනිවම තහවුරු කළ නොහැක.
උදා: අයෙක් අද උදේ කොවිඩ් එන්නත විදගෙන, දින දෙකකට පසු ඔහුට හෘදයාබාධයක් වැළඳීම.
වෛද්යවරුන් මෙම හෘදයාබාධය අහිතකර සිදුවීමක් ලෙස එම පද්ධතියේ ලියා තබනවා. නමුත් හෘදයාබාධය සිදු වුණේ එන්නත නිසාමයි යන්න අදහස් නොවේ. එය එන්නත විදගත් කාලය තුළ සිදු වූ අහම්බයක් (Coincidence) ද, විය හැක.
- අතුරු ආබාධයක් (Side Effect) යනු කුමක්ද?
අහිතකර සිදුවීම් ලැයිස්තුවට දහස් ගණනක් රෝග එකතු වන විට, ලෝකයේ සිටින වෛද්ය විශේෂඥයන් සහ විද්යාඥයන් ඒ ගැන පර්යේෂණ පවත්වා, රෝග සිදු වුණේ එන්නතේ තියෙන රසායනික ද්රව්ය නිසාද යන්න පිළිබඳ සොයා බැලීමක් සිදු කරනු ලබයි.
උදාහරණයක් ලෙස එන්නත විදපු හැමෝටම වගේ එන්නත් කරපු ස්ථානය රිදෙනවා, උණ ගන්නවා කියා පර්යේෂණවලින් ඔප්පු වූවානම්, විද්යාඥයන් තහවුරු කරනු ලබන්නේ, “ඔව්, උණ සහ වේදනාව කෙලින්ම එන්නත නිසාමයි සිදු වෙන්නේ” යනුවෙනි.
එසේ විද්යාත්මකව සෘජු හේතුඵල සම්බන්ධයක් ඔප්පු වූ සෞඛ්ය තත්ත්වයන් පමණක් “සැබෑ අතුරු ආබාධ” (Side Effects) ලෙස හඳුන්වනවා.
ටර්බෝ පිළිකා පිළිබඳ මිථ්යාව
කොවිඩ් එන්නත් සහ පිළිකා ඇති වීම හෝ ඒවා වේගවත් වීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු පිළිකා සංගමය(National Cancer Institute (NCI) & American Cancer Society) ඇතුළු ප්රමුඛ ආයතන පෙන්වා දෙයි. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතනින්. Fact Crescendo SL : FDA/CDC/WHO confirm no mRNA–cancer link (your own prior debunk) · Public Health Collaborative – false “turbo cancer” claims
පිළිකා විශේෂඥයන් සහ වෛරස් විද්යාඥයන් විසින් “ටර්බෝ පිළිකා” යනු කිසිදු විද්යාත්මක පදනමක් නැති ප්රබන්ධයක් බව තහවුරු කළ වාර්තාවක්( The BMJ: mRNA Vaccines and Cancer) පළ කර තිබේ.
පිළිකා පිළිබඳ ලොව ප්රමුඛතම රෝහලක් වන Memorial Sloan Kettering Cancer Center විසින් මෙහි විශේෂඥයන් මෙම ප්රකාශ සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කර ඇති බව Public Health Collaborative Alert මඟින් ද තහවුරු කර තිබේ.
කලලරූපී ආතතිය සහ ගර්භණී මව්වරුන්ගේ ආරක්ෂාව
ගර්භණී මව්වරුන් 35,000කට වැඩි පිරිසකගේ දත්ත ඇසුරින් mRNA එන්නත්වල ආරක්ෂාව සහ ඉන් ගබ්සා වීම් හෝ කලලයට හානි වීමේ අමතර අවදානමක් නැති බව තහවුරු කළ නිල පර්යේෂණ පත්රිකාව The New England Journal of Medicine (NEJM) මුල් අධ්යයනයක් පළ කර තිබුණේ මෙලෙසින්.
ගැබ්ගෙන මුල් මාස කිහිපය තුළ එන්නත ලබා ගැනීම නිසා ගබ්සා වීමේ අවදානමක් නැති බව තහවුරු කළ නෝර්වීජියානු දත්ත පදනම් කරගත් පර්යේෂණයක් මෙතනින් සහ මෙතනින්.
ගර්භණී සමයේදී එන්නත ලබා ගැනීම මඟින් මව ආරක්ෂා වනවා පමණක් නොව උපදින දරුවාටද මුල් මාස 6 තුළ ආරක්ෂාව ලැබෙන බව පෙන්වන නවතම දත්ත එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්යස්ථානය විසින් පළ කර තිබුණේ මෙලෙසින්. තව ත් වාර්තාවක් මෙතනින්. NEJM — Magnus et al., COVID-19 vaccination & first-trimester miscarriage (Norwegian data) · CDC — COVID-19 vaccine safety (incl. pregnancy)
ෆයිසර්/FDA විසින් නිල වශයෙන් තහවුරු කළ අතුරු ආබාධ මොනවාද?
අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්යස්ථානය විසින් Comirnaty (Pfizer-BioNTech) එන්නතෙහි නිල වශයෙන් හඳුනාගෙන, තහවුරු කර ඇති අතුරු ආබාධ මෙසේය.
බහුලව දක්නට ලැබෙන සාමාන්ය සහ තාවකාලික අතුරු ආබාධ
එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් බහුතරයකට ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතිය ක්රියාත්මක වීම නිසා ඇති වන, දින කිහිපයකින් ඉබේම සුව වන සාමාන්ය ලක්ෂණ
- එන්නත විදින ලද ස්ථානයේ: වේදනාව, රතු පැහැ වීම සහ ඉදිමීම.
- පොදු ලක්ෂණ: අධික තෙහෙට්ටුව, හිසරදය, මාංශ පේශි හෝ සන්ධි වේදනාව, උණ සීතල (Chills), ඔක්කාරය (Nausea) සහ මද උණ.
මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ඉතා කලාතුරකින් සිදුවන බරපතල සංකූලතා
බිලියන ගණනක දත්ත පුළුල් ලෙස නිරීක්ෂණය කිරීමෙන් පසු CDC සහ FDA ආයතන විසින් නිල වශයෙන් තහවුරු කරගෙන ඇති, ඉතාම කලාතුරකින් වැළඳිය හැකි බරපතල සෞඛ්ය තත්ත්වයන් වන්නේ,
- ඇනෆිලැක්සිස් (Anaphylaxis): එන්නතේ අඩංගු කිසියම් ද්රව්යයකට ශරීරයෙන් දක්වන දැඩි අසාත්මිකතා (Allergic) ප්රතික්රියාවකි. මෙය සාමාන්යයෙන් එන්නත විද විනාඩි කිහිපයක් ඇතුළත සිදු වන අතර, එන්නත් මධ්යස්ථානවල ඇති ඖෂධ මඟින් වහාම පාලනය කළ හැකිය. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.
- මයෝකාඩයිටිස් සහ පෙරිකාඩයිටිස් (Myocarditis / Pericarditis): හෘද පේශි හෝ හෘදය වටා ඇති බිත්ති ඉදිමීමේ තත්ත්වයකි. මෙය ප්රධාන වශයෙන්ම වයස අවුරුදු 12 ත් 24 ත් අතර තරුණ පිරිමි පාර්ශවය අතර එන්නතේ දෙවන මාත්රාවෙන් පසු ඉතාම කලාතුරකින් (මිලියනයකට 8ක් පමණ (සමස්තය); වයස 12–24 තරුණ පිරිමින් අතර මිලියනයකට 27ක් පමණ (FDA, 2025 ජූනි).) වාර්තා වී ඇත. මෙම තත්ත්වය වැළඳුණු බොහෝ දෙනා කෙටි කලකින් යථා තත්ත්වයට පත් වන අතර, දිගුකාලීන බලපෑම් තවමත් අධ්යයනය වෙමින් පවතී.. මේ පිළිබඳ තොරතුරු මෙතනින්. FDA — required updated myocarditis/pericarditis warning, 25 Jun 2025 · CIDRAP — myocarditis risk low, highest in young men
වෙනත් රෝගී තත්ත්වයන් පිළිබඳ සත්යතාවය
මෙම සමාජ මාධ්ය සටහන්වල දක්වා ඇති රෝගී තත්ත්වයන් 40කට අධික ප්රමාණය, කිසිදු විටක එන්නත නිසා සිදු වූ ඒවා බවට FDA හෝ CDC ආයතන විසින් තහවුරු කර නොමැත.
ඒවා හුදෙක් එන්නත ලබා දීමෙන් පසුව ඕනෑම ස්වභාවික හේතුවක් නිසා මිනිසුන්ට වැළඳුණු රෝගී තත්ත්වයන් නිරීක්ෂණය සඳහා ලැයිස්තුගත කළ “මුරකරු ලැයිස්තුවක” (Watch-list) තිබූ දත්ත පමණක් වන අතර, ඒවා සහ එන්නත අතර කිසිදු හේතුඵල සම්බන්ධයක් විද්යාත්මකව ඔප්පු වී නොමැත.
මේ පිළිබඳ වෙනත් ජාත්යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් ද, සිදු කළ කරුණු විමර්ශන වාර්තාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Also Read :
ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්ර විෂ සහිත ග්රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්ය සටහන් පෙළක්!
කොවිඩ් එන්නත් හරහා මිනිස් සෛල දුරස්ථව පාලනය කළ හැකි තාක්ෂණයකට පේටන්ට් බලපත්රයක් ලබා ගෙනද?
COVID-19 mRNA එන්නත් පිළිකා ඇති කරන බව FDA පිළිගත්තාද?
ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බව, Pfizer සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ප්රකාශ කළා ද?
කෝවිඩ් එන්නතේ අතුරු ප්රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “ෆයිසර් සමාගම කොවිඩ්-19 එන්නතේ අතුරු ආබාධ 44ක් නිල වශයෙන් ප්රකාශයට පත් කළා” යනුවෙන් සමාජ මාධ්ය ඔස්සේ පැතිරෙන සටහන් නොමඟ යවන සුළු බවයි.
මෙම සටහන් වලට පදනම් වී ඇත්තේ Pfizer සමාගම විසින් ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය (FDA) වෙත මුල් කාලයේදී ලබා දුන් පසු අලෙවි ආරක්ෂණ නිරීක්ෂණ ලේඛනයක සඳහන් “මුරකරු ලැයිස්තුවක්” (Adverse Events of Special Interest) මතය..
එන්නතක් හෝ ඖෂධයක් ලබා දීමෙන් පසු පුද්ගලයෙකුට සිදුවන ඕනෑම සෞඛ්ය වෙනසක් වන අහිතකර සිදුවීමක් විය හැකි බවට දක්වා ඇති නිරීක්ෂණ ලැයිස්තුව “අතුරු ආබාධයක්” (එම තත්ත්වය සෘජුවම හටගත් බව සායනිකව තහවුරු වූ පසුව හඳුන්වන නම) ස්ථිර අතුරු ආබාධ ලැයිස්තුවක් ලෙස දැක්වීම හේතුවෙන් මෙම නොමඟ යෑම සිදු වී තිබේ.
FDA හා CDC විසින් නිල වශයෙන් තහවුරු කර ඇත්තේ, කොවිඩ්-19 ෆයිසර් (mRNA) එන්නත සම්බන්ධයෙන් අතුරු ආබාධ සීමිත ප්රමාණයක් වන අතර, ඒවා අතර දුර්ලභ බරපතල ආබාධ ලෙස හඳුනාගෙන ඇත්තේ හඳුනාගෙන ඇත්තේ ඇනෆිලැක්සිස් සහ මයෝකාඩයිටිස්/පෙරිකාඩයිටිස් පමණි.



