Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කිතුල්ගල ප්‍රදේශයේ දී ලබාගත් ඡායාරූප ද?

    2025-04-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වෙනත් රටවල සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථාන, ලංකාවේ ප්‍රදේශ බවට දක්වමින්, පාඨකයින් නොමඟ යවන සුළු ආකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන් හුවමාරු වෙන අවස්ථා නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඒ අනුව මෙරට දෙස් විදෙස් සංචාරක ස්ථානයක් වන කිතුල්ගල ප්‍රදේශයේ පවතින ස්ථානයක් බවට සඳහ

    වෙනත් රටවල සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථාන, ලංකාවේ ප්‍රදේශ බවට දක්වමින්, පාඨකයින් නොමඟ යවන සුළු ආකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන් හුවමාරු වෙන අවස්ථා නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

    ඒ අනුව මෙරට දෙස් විදෙස් සංචාරක ස්ථානයක් වන කිතුල්ගල ප්‍රදේශයේ පවතින ස්ථානයක් බවට සඳහන් කරමින් ආකර්ශණීය ස්ථානයක ඡායාරූප පළ කර තිබූ බැවින් කිතුල්ගල ප්‍රදේශයේ එවැනි ස්ථානයක් පවතිනවාද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media):

    “මැරෙන්න කලින් ඇස් දෙකෙන් දැකල ඒ හැඟීම විදින්න බැරි වෙන තැන් තව කොච්චර නම් මේ ලෝකෙ ඇද්ද? මේ පරිසරය නම් පිස්සුවක් -මෙතනදි දැනෙන ෆීලින් එක 

    (කිතුල්ගල )”

    යනුවෙන් සඳහනක් සහිත සටහනකින් යුක්තව ආකර්ශණීය ස්ථානයක ඡායාරූප පළකර තිබුණේ මෙලෙසින්.

    Fb|Archive

    ඒ අනුව ඉහත ඡායාරූපවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ කිතුල්ගල ප්‍රදේශයේ ස්ථානයක් ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍යවල දක්වා ඇති ඡායාරූපවල සඳහන්කර ඇත්තේ නිශ්චිතවම කුමන ස්ථානයක ඡායාරූප ද යන්න සඳහන් කර නොතිබූ බැවින් අප මෙම ඡායාරූප Reverse Search Image ඔස්සේ පරීක්ෂා කරනු ලැබුවා.

    ඒ අනුව මෙම ප්‍රදේශය පිළිබඳව වෙබ් අඩවි ගණනාවක ම තොරතුරු අන්තර්ගත වී තිබූ අතර මෙම ප්‍රදේශය ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි ලෙම්බන්ග් නගරය අසල පිහිටා ඇති එරට ඕකිඩ් වනාන්තරයක් (Orchid Forest Cikole) ලෙස හඳුනාගත හැකිවිය. 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා ඡායාරූප ඉන්දුනීසියානු ඡායාරූප ශිල්පී වර්මන් වර්ධානි (Warman Wardhani) විසින් ලබාගෙන ඇති අතර  මෙම පාලමේ ඉතා අලංකාර ඡායාරූප ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බෙදාගෙන තිබෙනවා. එම ඡායාරූප කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්

    මෙම Orchid Forest Cikole ඉන්දුනීසියාවේ විශාලතම ඕකිඩ් වනාන්තරය වනවා.  ඉන්දුනීසියාවේ වෙබ් අඩවියක 2024 වසරේ නැරඹිය යුතු සංචාරක ස්ථාන අතර මෙම ස්ථානය පිළිබඳව තොරතුරු අන්තර්ගත වී තිබූ අතර සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් ඡායාරූප ද එහි අන්තර්ගත විය. 

    තවත් වෙබ් අඩවි කිහිපයක ම මෙම පින්තූර සහිතව ඕකිඩ් උද්‍යානය පිළිබඳව තොරතුරු සඳහන්ව තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    ඉන්දුනීසියාවේ විශාලතම ඕකිඩ් උද්‍යානය වන Cikole උද්‍යානය 

     සියලුම ඕකිඩ් වර්ග සංරක්ෂණය කිරීමේ අරමුණ සහිතව කොකොල් ඕකිඩ් උද්‍යානය ආරම්භ කර තිබෙනවා. මෙම ස්ථානය හෙක්ටයාර 10 ක වඩා වැඩි වපසරියක් සහිත වන අතර මෙම ඕකිඩ් උද්‍යානයේ හිමිකරු මවුලානා අක්බර් ය. 

    කෝලර් ඕකිඩ් වනාන්තරය සිසිල්, කඳුකර පරිසරයක, පයින් ගස් පේළි සහිත ප්‍රදේශයක පිහිටා ඇත. මෙහිදී ඕකිඩ් විශේෂ 20,000 කට වඩා සොයාගත හැකි අතර, බටහිර ජාවාහි ඇති ඕකිඩ් වර්ග මෙන්ම ආර්ජන්ටිනාව, පේරු, පිලිපීනය සහ තවත් බොහෝ රටවලින් පැමිණි ඕකිඩ් වර්ග මෙහි තිබේ. එමෙන් ම ලෝකයේ වඩාත්ම සුවිශේෂී හා දුර්ලභ ඕකිඩ් වර්ග කිහිපයක් ද මෙහි ඇත. 

    දිගු ලී පාලම් සහිත ආකෘතියකින් නිර්මණය වී ඇති මෙම ස්ථානයේ ජනප්‍රියතාවය වැඩි කිරීම සඳහා, කළමනාකාරිත්වය විවිධ ආධාරක පහසුකම් සැපයීම වැනි විවිධ නවෝත්පාදනයන් සිදු කර ඇත. පාලම අඩි 492 ක් දිග වන අතර නිම්නයට අඩි 75 ක් ඉහළින් එල්ලී ඇත. 

    සවස් වන විට, පාලම මෘදු කහ ආලෝකයෙන් ආලෝකමත් වන අතර, නිම්නයේ ඉඳහිට ඇති මීදුම සිත් ඇදගන්නාසුළු වාතාවරණයක් එක් කරගන්නා අතර  මෙම පාලම ඡායාරූප ලෝලීන්ගේ ප්‍රියතම ස්ථානයක් බවට පත්ව ඇත.

    ඕකිඩ් වනාන්තරයේ පයින් වනාන්තරයක් මැද එළිමහන් ඇම්ෆිතියටර් පහසුකමක් ද ඇත. සියලුම රංග ශාලා මෙන්, වේදිකාවක් ලෙස සකස්කර ඇති විවෘත අවකාශයක් ද මෙහි පවතිනවා. මෙම ස්ථානය බොහෝ විට කලා සංදර්ශන හෝ ප්‍රසංග සඳහා ද යොදා ගැනෙනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ කිතුල්ගල පිහිටා ඇති ආකර්ශණීය ස්ථානයක් ලෙස දක්වා ඇති ඡායාරූප කිතුල්ගල ස්ථානයක ඒවා නොවන අතර එම ඡායාරූපවල දැක්වෙන්නේ, ඉන්දුනීසියාවේ විශාලතම ඕකිඩ් උද්‍යානය වන කොකොල් උද්‍යානයේ ඇති පාලමක් සහ එළිමහන් වේදිකාවක රාත්‍රී කාලයේ විදුලි ආලෝකයෙන් ආලෝකමත් කළ අවස්ථාවකදී ලබාගත් ඡායාරූප වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-04-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.