Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රේමවන්තයින් යුවළකගේ ඡායාරූපයක්?

    2023-02-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කිය සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව අනතුරට පත් දස දහස් සංඛ්‍යාත  පිරිස් මුදාගැනීමේ සහ මියගිය පුද්ගලයින් තහවුරු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේ වන විටත් සිදුවනවා. මෙම මෙහෙය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    තුර්කිය සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව අනතුරට පත් දස දහස් සංඛ්‍යාත  පිරිස් මුදාගැනීමේ සහ මියගිය පුද්ගලයින් තහවුරු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේ වන විටත් සිදුවනවා. මෙම මෙහෙයුම් අතරතුර ලබා ගන්නා ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර එම සංවේදී ඡායාරූප, වීඩියෝ දර්ශන මුළු ලොවකගේ හදවත් කම්පා කිරීමට සමත් වී තිබෙනවා.  

    ඒ හා සමඟ මෙම මෙහෙයුම් අතරතුර ලබාගන්නා ලද සේයාරූ ලෙස ව්‍යාජ සහ නොමග යන සුළු ඡායාරූප ද, හුවමාරු වෙනවා. එවැන්නක් පිලිබඳ අප විමසා බැලුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රේමවන්තයින් යුවලක්. අවසාන මොහොතෙත් ආදරෙන් ඉන්න ඇති” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණා.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම ඡායාරූපය තූර්කි භූ කම්පනයේ බවට විශේෂයෙන්ම සඳහන් කර තිබුනේ නැති වුවත් භූ කම්පාව සිදුව දිනකට/දෙකකට පසුව “අවසාන මොහොතෙත් ආදරෙන් ඉන්න ඇති” යන තේමාව යටතේ මෙම සේයාරුව පළකිරීමත් සමඟ එය තුර්කි ව්‍යසනයට සම්බන්ධ ඡායාරූපයක් බවට, ඒ පිලිබඳ තතු නොදත් බොහෝ දෙනා රැවටී තිබුණා. එසේ හැඟවෙන පරිදි ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link  | Archived Link

    මෙම ඡායාරුපය නොමඟ යවන සුළු කෝණයෙන් මෙම වකවානුවේ පළකර තිබෙන බවට ඒ පිලිබඳ තතු දත් සහ විස්තර පරික්ෂා කර තිබු පිරිස් හඳුනාගෙන තිබු අතර උපහාසාත්මක කෝණයෙන් ප්‍රතිචාර දක්වා තිබුණ ද දහසකටත් වැඩි පිරිසක් දුක්බර බව පැවසෙන Emoji Reactions පළකර තිබුනේ මෙලෙසින් මෙසේයි.

    ඔවුන් ලබා දී තිබු ප්‍රතිචාර ඔස්සේ ද ඒ බව දැක ගන්නට පුළුවන්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ හටගත් ප්‍රබල භූ කම්පනවලින් තුර්කියේ සහ සිරියාවේ මිය ගිය පුද්ගලයන් ගණන මේ වන විට තිස් තුන් දහසක් ද ඉක්මවා තිබෙනවා.

    කේබල් රූපවාහිනී සමාගමක් වන HBO මගින් විකාශය වූ ජනප්‍රිය ෆැන්ටසි කතා මාලාවක් වන  “Game of Thrones” හි අවසාන කථාංගයේ සුප්‍රසිද්ධ චරිත දෙකක් වන සෙර්සි(Cersei) සහ ජේමි ලැනිස්ටර්(Jaime Lannister) සුන්බුන් වලට මැදිව මිය ගොස් සිටින අවස්ථාවේ ඡායාරූපයකි.

    The Photography of Game of Thrones, the official photo book of Season 1 to Season 8 යන ඡායාරූප පොතේ මෙම සේයාරුව දක්වා තිබූ අවස්ථාවක් පහතින්

    එම ඡයාරූපයේ සිටින කාන්තාව වන්නේ, Game of Thrones (GOT) කතා මාලවේ සෙර්සිට රංගනයෙන් දායක වූ හොලිවුඩ් රංගන ශිල්පී Lena Headey වන අතර එහි සිටින පුරුෂයා එම කතා මාලාවේ ජේමි ලැනිස්ටර්ට පන පෙවූ Nikolaj Coster-Waldau. 

    GOT කතා මාලාවේ අටවන කථාංග මාලාවේ ඉහත ඡායාරූපය දැක්වෙන අවස්ථාව, “Tyrion mourns over Cersei and Jaime’s Dead Bodies” යන තේමාවෙන් YouTube හි පළවූ අවස්ථාවක් පහතින්.

    GOT රසිකයන් මෙම ඡායාරූපය දුටු පමණින් හඳුනා ගත්ත ද, මෙම කතා මාලාව පිළිබඳ නොදැන සිටි පිරිස මෙම ඡායාරූපය සහ එහි සිටින ශිල්පීන් දෙදෙනා පිළිබඳ කරුණු නොදන්නා බැවින් ඒ ඔස්සේ නොමග ගොස් තිබුණා.

    එසේම ඉහත ඡායාරුපය ඔස්සේ පාඨකයින් නොමඟ යැවීම පිළිබඳව ද බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළවී තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් මියගිය ප්‍රේම යුවළක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, සත්‍ය සිදුවීමක් නොව, ලොව පුරා ජනප්‍රිය ෆැන්ටසි කතා මාලාවක් වන “Game of Thrones” හි අටවන කථාංග මාලාවේ සිදුවීමකි. එම කතා මාලවේ ප්‍රසිද්ධ චරිත දෙකක් වන සෙර්සි සහ ජේමි ලැනිස්ටර්, සුන්බුන් ගොඩක් යට එකට මිය ගොස් සිටින අවස්ථාව, මෙම ඡායාරුපයෙන් නිරුපණය වෙනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.