Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : ජවිපේ විසින් 88 සහ 89 වකවානු වල විනාශ කළ ලංකාවේ පළමු හෙලිකොප්ටරයේ ඡායාරූපයක්ද?

    2021-12-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී 88 සහ 89 වකවානු වල සිදු වූ සිදුවීම් පදනම් කරගෙන විවේචන එල්ල වන බව පෙනෙන්නට තිබෙනවා. සමාජ ජාලා වල මේ හා සම්බන්ධ සිදුවීම් වලට අදාලව තොරතුරු පල වන අතර ඒ ආකාරයෙන් 88 සහ  89 කාල වල ජනතා විමුක්ති පෙරමුන ගිනි තබා වි

    ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී 88 සහ 89 වකවානු වල සිදු වූ සිදුවීම් පදනම් කරගෙන විවේචන එල්ල වන බව පෙනෙන්නට තිබෙනවා. සමාජ ජාලා වල මේ හා සම්බන්ධ සිදුවීම් වලට අදාලව තොරතුරු පල වන අතර ඒ ආකාරයෙන් 88 සහ  89 කාල වල ජනතා විමුක්ති පෙරමුන ගිනි තබා විනාස කරන ලද ලංකාවේ පළමු හෙලිකොප්ටරය බව ප්‍රකාශ කරමින්  පළව තිබූ ඡායාරූපයක් සම්බන්ධව අප කළ විමසා බැලීමයි මේ .

    සමාජ ජාලා සටහන් :

     ෆේස්බුක් පි‍ටුවක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එකතුකර තිබුණේ පහත සටහනද සමගින්.

    “දැං ඉන්න අයනං දන්නෙවත් නැතුව ඇති.මේක තමයි 88-89 කාලෙදි jvp එකෙන් ගිනි තියල විනාශ කරපු ලංකාවෙ පළවැනි හෙලිකොප්ටරේ.”

    Facebook | Archived

    මෙම ඡායාරූපය  සහිත සටහන බොහෝ පිරිසක් විසින් හුවමාරු කරගෙන තිබුනු අතර 100කට අධික පිරිසක් අදහස් එකතු කර තිබුනා. එම අදහස් කිහිපයකි මේ. 

    මෙම ඡායාරූපය හා සම්බන්ධ තොරතුර පිළිබඳව සත්‍ය තත්වය පාඨක ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී හෙලි උනේ මෙම ඡායාරූපය ත්‍රිමාන පරිගනක ක්‍රීඩාවක් වන Call Of Duty 4 වන වෙලුමේ ඡායාරූපයක් බවයි. ක්‍රැශ් මැප් ලෙස සැලකෙන පරිගනක ක්‍රීඩාවේ කොටසක් ලෙස මෙම ඡායාරූපය එම ක්‍රීඩාවෙහි ඇතුලත් ව ඇති බව call of duty වෙබ් අඩවියේ පැහැදිලිව ඡායාරූපය සමග විස්තර කර තිබෙනවා.

    callofduty.fandom.com | Archived

    පරිගනක ක්‍රීඩා වලින් ලොව හොඳම warfare maps පිළිබඳව ggrecon  නම් වෙබ් අඩවි සටහනක් අප්ට දැකගන්නට ලැබුනා. එම සටහන අනුවද මෙම ඡායාරූපය Call Of Duty පරිඝනක ක්‍රීඩාවේ ඇති කොටසක් බවට පෙනී යනවා.

    ggrecon.com | Archived

    thegamer වෙබ් අඩවියද මේ ඡායාරූපය යොදාගෙන සටහනක් තබා ඇති අතර එම විස්තරය පහතින්.

    thegamer.com | Archived

    ඉහත තොරතුරු අනුව මෙම ඡායාරූපය මෙරට එකක් නොවන බව පෙනී යනවා. එමෙන්ම මෙම ඡායාරූපය දෙස හොඳින් බැලුවොත් එය ත්‍රිමාන එකක් බවට පෙනී යනවා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)ඉහත තොරතුරු පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ මේ දිනවල උපහාසාත්මක කෝණයකින් යුක්තව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පැතිර යන අදාළ ෆේස්බුක් සටහන්වල පළ කර ඇති ගිනි ගෙන දැවෙන හෙලිකොප්ටරය 88 සහ 89 වකවානුවේ මෙරට දී විනාස කල එකක් නොවන බවයි. එම ඡායාරූපය Call Of Duty නම් පරිඝනක ක්‍රීඩාවකින් ගත් ඡායාරූපයක් බව අපට තහවුරු කල හැකියි.ෙ

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.