Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙම ඡායාරූපයේ සිටින්නේ ලාංකික කාන්තාවක් නොවේ!

    2024-04-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමටත් ඇතැම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් උත්සුක වෙනවා. එලෙසින් පළ කරන ලද ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මේ වගේ ඇඳුමක් ඇඳන් ලංකාවේ සම්‍මාන උළෙලකට සහභාගී වෙන්න ආත්ම ශකිතියක් තිබුණු එක ගැන ඇත්තටම සතුටුයි.” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එම ඡායාරූපයේ දැක්වෙන්නේ ලාංකික තරුණියක් ලංකාවේ පැවැත් වූ සම්මාන උළෙලකට ඇඳ ආ වස්ත්‍රය විවේචනය කරමින්. 

    Facebook | Archived Link

    ලංකාවේ විවිධ ආයතන මඟින් සිනමා සම්ම්මාන උළෙල කිහිපයක්ම පවත්වන මෙවන් වකවානුවක, මෙම ඡායාරූප සටහන ලංකාවේ තරුණියක් බව හඟවමින්, ෆේස්බුක් පිටු කිහිපයක් ඔස්සේ ම පළ කර තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රථමයෙන් ම අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය මෙරට පැවැත්වූ සම්මාන උළෙලක අවස්ථාවක් නොව, ඉන්දියාවේ පැවැත්වූ “MAHA MEGA” නමැති ව්‍යාපාර උළෙලක අවස්ථාවක් බවත්, එහි දැක්වෙන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන Aayushi Jaiswal නමැති තරුණියක් බවයි.

    Aayushi විසින් ඇය සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ ඡායාරූප, මීට දින කිහිපයකට පෙර සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Aayushi Jaiswal විසින් මෙම සම්මානය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් සිය Instagram ගිණුමේ ද, පළ කර තිබුණේ මේ අයුරින්.

    මෙම ව්‍යාපාර උත්සවය නෞවකාවක පවත්වා තිබූ අතර පසුගිය පෙබරවාරි 23 වන දා සිට පෙබරවාරි 26 දක්වා පවත් වා තිබූ අතර එම උළෙලේ සම්පූර්ණ ඡායාරූප එකතුව මෙතනින්.

    අප Fact Crescendo ඉන්දියානු කණ්ඩායම ද, තහවුරු කළේ ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන Aayushi Jaiswal නමැති තරුණිය වැඩි ජනප්‍රියතාවයක් නොමැති, ඉන්දීය නිරූපිකාවක් මෙන්ම විශේෂයෙන්ම ටෙලි සිනමා රංගන ශිල්පිනියක් බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට තරුණියක් සම්මාන උළෙලකට සහභාගී වූ අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය දැක්වෙන්නේ, ඉන්දියාවේ පැවති ව්‍යාපාර සම්බන්ධ සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ ඉන්දීය නිරූපිකාවක් මෙන් ම රංගන ශිල්පිනියෙකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.