Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

    2022-02-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ

    ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් ෆේස්බුක් සටහනකින් දක්වා තිබුණා. 

    එම ඡායාරූපයේ පසුබිමේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද එල්ලා තිබෙන අයුරු දක්නට ලැබෙනවා. 

    Facebook | Archived Link

    මේ ආකාරයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුබිම් ඡායාරූපයක් සමග ද සටහන් හුවමාරු වී තිබුණා.

    Facebook | Archived

    සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය වූ තවත් සටහනක් පහතින්. මෙහි රනිල් වික්‍රමසිංහ සහ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් දැක්වෙනවා.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත ඡායාරූපයේ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යම් කිසි ස්ථානයක ඡායාරූපයක් ලබා ගත් අවස්ථාවේ එහි පසුබිමින් ඇති බිත්තියේ සමාජවාදී විප්ලවීය නායකයෙකු වූ චේගුවේරා ගේ ඡායාරූපක් ද එල්ලා ඇති බව දක්නට ලැබෙන අතර එම ඡායාරූප අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයක් ද එල්ලා ඇති බවත් පිළිඹිඹු වූවත් එය සංස්කරණයට භාජනය කර ඇති ඡායාරූප බව හොඳින් නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබේ.

    සංස්කරණය නොකරන ලද ඡායාරූපය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබේද යන්න අප විමර්ශනය කළ අතර එහි සත්‍ය ඡායාරූපය සොයා ගැනීමට නොහැකි වූ බැවින්, මේ පිළිබඳව අප ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ලේකම් උපුල් රංජන් මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

    ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූපය බොරුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙකුගේ නිවසේදී අනුර කුමාර දිසානායක මහතාගේ  ඡායාරූපයක් ලබා ගත් අවස්ථාවක් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන පරිදි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් එම සත්‍ය ඡායාරූපයේ නොමැති බවත් පවසමින් ලබා ගත් සත්‍ය ඡායාරූපයද අපගේ ඉල්ලීම පරිදි ඔහු අප වෙත යොමු කරනු ලැබුවා.

    ඒ අනුව සත්‍ය ඡායාරූපයේ පසුබිම අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයක් එම බිත්තියේ එල්ලා නොමැති බව තහවුරු වේ.

    කෙසේ වෙතත් මෙම ඡායාරූප සංස්කරණය කර ඇති බවට ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) යොමු කර තාක්ෂණික විමර්ශනයක් අප විසින් සිදු කරනු ලැබුවා.

    මෙම ඡායාරූපය සංස්කරණය නොකරන ලද ඡායාරූපයක් නම් සම්පූර්ණ ඡායාරූපම  එකම දෝෂ මට්ටමක (same error level) පැවතිය යුතුය. යම්කිසි රූපයක කොටසක් සැලකිය යුතු ලෙස වෙනස් කම් වලට භාජනය කර ඇත්නම් (වෙනස් දෝෂ මට්ටමක පවතී නම්), එය බොහෝදුරට ඩිජිටල් සංස්කරණය කිරීමක් පෙන්නුම් කරයි. අප විසින් සිදුකළ තාක්ෂණික විමර්ශනයේ දී එම ඡායාරූපය දෙකෙහිම එසේ වෙනස් දෝෂ මට්ටම් දැක ගන්නට ලැබුණා.

    පසුගිය දිනක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී, පසු පසින් පැමිණි බැසිල් රාජපක්ෂ මහතා විසින් දිසානායක මහතාගේ පිටට තට්ටුවක් දැමීමත්, දිසානායක මහතා විසින් බැසිල් මහතාට සිනාමුසු මුහුණින් ඊට ප්‍රතිචාර දැක්වීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟ මේ දෙදෙනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් නිර්මාණය වී තිබුණා. එම වීඩියෝව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක එහි පසුබිමින් ඇති බිත්තියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූප එල්ලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහන්, සංස්කරණයට භාජනය කර සකසා ඇති නිර්මාණ පෙළකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.