Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (10) හොර රහසේ රටින් පිට වන ඡායාරූපයක් ද?

    2022-05-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රකෝපකාරී වූ ජනතාවගෙන් මිදී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද(10) දිනයේ පළා යන අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පවු

    ප්‍රකෝපකාරී වූ ජනතාවගෙන් මිදී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද(10) දිනයේ පළා යන අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමඟින් හෙලිකොප්ටරයකට නැගී අද (10) දිනයේ පිටත්වන අයුරු බව හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් හුවමාරු වුණා.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන් සඳහා ලබා දී තිබු ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙය, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු  පිරිස රටින් පිටවන මොහොත බව බොහෝ දෙනා අනුමාන කළ බවයි. එසේම මේ සඳහා උපකාර දීම පිලිබඳ ගුවන් හමුදාව අ ඇතුළු ත්‍රිවිධ හමුදාවට ම දොස් නගමින් ප්‍රතිචාර රැසක්ද පළවී තිබුනේ මෙලෙසින්.

    මෙම ඡායාරූපයේ අද දිනයේ වූ සිදුවීමක් යන්න අප විමසා බැලීමක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    OneIndia Tamil නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් මුල් කරගනිමින් මෙම සටහන් හුවමාරු වී තිබූ බව අපට නිරීක්ෂණය වුණා. එම සටහන පහතින්

    Facebook | Archived

    අප මෙම ඡායාරූපය  Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට අනාවරණය වූයේ මෙම ඡායාරූපය අද(10) දිනයේ ලබා ගත් ඡායාරූපයක් නොව, 2015 වර්ෂයේදී ජනවාරි 09 වන දා ලබා ගත් ඡායාරූපයකි.

    ඒ මහින්ද රාජපක්ෂ මහතා, 2015 ජනාධිපති මැතිවරණයෙන් පරාජය වීමත් සමග, තංගල්ල බලා පියාසර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 හෙලිකොප්ටරයකට ගොඩ වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි.

    එම අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත ඔහු සමඟ සිටින බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන්  මෙම ඡායාරූපය සමගින් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    එමෙන්ම එම ඡායාරූපය ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදී සුසන්ත ලියනවත්ත විසින් ලබා ගෙන තිබුණා.

    ඒ අනුව පෙන්වා දිය හැක්කේ මෙම ඡායාරූපය පැරණි ඡායාරූපයක් බවයි.

    සැ.යු : අපගේ මෙම විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඉහත ඡායාරූපය පැරණි ඡායාරූපයක් බව පමණකි. මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂ මහතා රටින් පිටවීමට උත්සාහ ගන්නා බව සඳහන් කරමින් ද සටහන් රැසක් හුවමාරු වන අතර, එම තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ මෙම කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද (10) දිනයේ හෙලිකොප්ටරයකට නැගී පිටත් වන බවට දැක්වෙන ඡායාරූපය 2015 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ මැතිවරණයෙන් පරාජය වී තංගල්ල නිවස බලා පිටත් වීමට සූදානම් වූ අවස්ථාවේ දී ලබාගත් ඡායරූපයකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.