Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරු “බාබු”ගේ ඡායාරුපයක් ද?

    2021-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රභූ පුද්ගලයින් හා සම්බන්ධ, විශේෂයෙන්ම පැරණි ඡායාරූප සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යනවා. ඇතැම් ඡායාරූප සත්‍ය වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා හෝ  දුටුවන් නොමග යවන ලෙස ව්‍යාජ විස්තරය  (headings/captions) සමඟ ද හුවමාරු වෙනවා. මේ රණසිංහ ප්‍රේමදාස හිට

    ප්‍රභූ පුද්ගලයින් හා සම්බන්ධ, විශේෂයෙන්ම පැරණි ඡායාරූප සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යනවා. ඇතැම් ඡායාරූප සත්‍ය වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා හෝ  දුටුවන් නොමග යවන ලෙස ව්‍යාජ විස්තරය  (headings/captions) සමඟ ද හුවමාරු වෙනවා. මේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව පළවූ එවැනි වැරදි අර්ථකතනයක් සමඟ හුවමාරු වූ ඡායාරූප සටහනක් පිළිබදව අප සිදුකල ගවේෂණයක්. 

    සමාජ මාධ්‍ය සටහන්:

    Lal Hidallage Perera නම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ “මරාගෙන මැරීච්ච බාබුවදැකලානෑ නේද” යන තේමාව යටතේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කිසියම් පුද්ගලයෙක් සමග කැමරාවක්ද සහිතව සිටින ආකාරයේ ඡායාරුපයක් මෙසේ පළකර තිබුණා. එමගින් අදහස් කර තිබුණේ ,හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා, ඔහුව ඝාතනය කල මරාගෙන මැරෙන කොටි සාමාජික “බාබු” සමග කුලුපගව සිටින ආකාරයකුයි.

    Facebook | Archived    

    එමෙන්ම එම  සටහන සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබුනේ මෙලෙසින් .

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම) 

    අප මුලින්ම සිදුකලේ මේ ඡායාරූපය, සයිබර් අවකාශයේ වෙනත් ස්ථානයන්හි තිබේදැයි Reverse Image සෙවුමක් ඔස්සේ සොයා බැලීමයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ, ලංකාදීප පුවත්පතේ නිල වෙබ් අඩවියේ ඇති විශේෂාංග ලිපියක මෙම ඡායාරූපය පළව ඇති ආකාරයයි. එම විශේෂාංග ලිපිය සකසා තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මෙන්ම පසුව ජනපතිවරුන් කිහිප දෙනෙකුගේම නිල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළ සුදත් සිල්වා මහතා සමග කෙරුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින්.

    Lankadeepa | Archived

    එම ලිපිය හරහා ප්‍රේමදාස මහතාගේ ඝාතනය පිලිබඳ සුදත් සිල්වා සිය මතකයන් ආවර්ජනය කරන අතර එහිදී මෙම මරාගෙන මැරෙන බෝම්බකරු වූ “බාබු” ප්‍රේමදාස මහතාගේ හිතවතෙකු හරහා ප්‍රේමදාස මහතා ට කාලයක් තිස්සේ ලංවී තිබූ ආකරය ගැන සඳහන් වෙනවා.

    කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සහිත ලංකාදීප ලිපියේ ඇති ඡායාරුපය සුදත් සිල්වා මහතා ට බොහෝ හැඩහුරුකමක් දැක්වුණු අතර මෙම ඡායාරූපය පිලිබඳ වැඩිදුර විස්තර සොයා බැලීමේ දී සුදත් සිල්වා මහතා මෙහෙයවන JSS Photography Academy – Studio ෆේස්බුක් පිටුවේ “සොදුරු මතකයන්…” යන තේමාවෙන් මෙම ඡායාරුපය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ලබාගත් ඡායාරුපයක් පළකර තිබූ අයුරු පහතින්.

    Facebook | Archived

    මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් ඒ කාලයේ කටයුතු කළ සුදත් සිල්වා මහතාව දුරකථනය හරහා සම්බන්ධ කර ගත්තා. එහිදී අපට දැන ගන්නට ලැබුණේ ලංකාදීප පුවත්පතේ පළව ඇති ලිපියේ ,ඉහත දැක්වෙන ඡායාරූපයේ ප්‍රේමදාස මහතා සමග සිටින්නේ අන් කවරකුවත් නොව ඒ මහතාම බවයි. එනම්  සුදත් සිල්වා , ප්‍රේමදාස මහතා සමඟ ලබාගත් ඡායාරූපයකි.

    Update : එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ සුදත් සිල්වා සහ රණසිංහ ප්‍රේමදාස මහතා ට පිටුපසින් තවත් පුද්ගලයෙකු දුරදක්නයක් භාවිතා කරන පුද්ගලයෙකු දැකගන්නට ලැබෙනවා. මෙම පසුබිමේ සිටින පුද්ගලයා පිලිබඳව ද අප සුදත් සිල්වා මහතාගෙන් විමසීමක් සිදුකළ අතර එහිදී ඔහු පවසා සිටියේ මෙය බොහෝ දුරට හිටපු අමාත්‍ය ඒ.ජේ රණසිංහ මහතා බවයි. ඒ. ජේ. රණසිංහ මහතාගේ ඡායාරුප සමඟ පරීක්ෂා කිරීමේ දී ද ඔහුගේ හැඩහුරුකමට බොහෝ සමාන බව අපට මෙසේ දැක ගන්නට ලැබුණා. 

    Archived

    මීට වසර 28 කට පෙර, එනම් 1993 වසරේ මැයි දින රැළිය අතරතුර දී එවකට ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිලිබඳ පසු විපරමක් සහිතව ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක් මෙතනින්

    Also Read: Fact Check : ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

    අපගේ කරුණු විමසා බැලීම්  පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප සිදු කළ විමසා බැලීමට අනුව තහවුරු වන්නේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා සමග සිටින්නේ “බාබු” නමින් හැඳින්වෙන මරාගෙන මැරෙන කොටි සාමාජිකයා නොව, ප්‍රේමදාස මහතාගේ නිල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළ සුදත් සිල්වා මහතා බවයි.

    Also Read : ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.