Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : නෙළුම් පොකුණ වටරවුමේ නන්දා මෝටර්ස් ආයතනයට අලාභහානි සිදුකරමින් බලපත්‍රයක් රහිතව රිය පදවා තිබුනේ මෙම තරුණියද?

    2020-11-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජේෂ්ඨ පොලීස් අධිකාරිවරයෙකුගේ දියණියක් විසින් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් නෙලුම් පොකුණ ආසන්නයේ ඇති මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් තුලට කඩාවැදීමෙන් නොවැම්බර් මස 15 වැනිදා පස්වරුවේ සිදුවූ රිය අනතුර පිළිබඳව විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වු

    ජේෂ්ඨ පොලීස් අධිකාරිවරයෙකුගේ දියණියක් විසින් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් නෙලුම් පොකුණ ආසන්නයේ ඇති මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් තුලට කඩාවැදීමෙන් නොවැම්බර් මස 15 වැනිදා පස්වරුවේ සිදුවූ රිය අනතුර පිළිබඳව විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වුණා.

    කෙසේනමුත් මෙම අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන ඡායාරූපවල සිටින තරුණිය, ඇත්ත වශයෙන්ම අපරික්ශාකරී ලෙස බපලත්‍රයක් නොමැතිව ජීප් රථය පැදවූ තරුණිය නොවන අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “වෙළඳසලක් කඩා ගෙන ගිය SSPගේ දුවට ලයිසන්වත් නෑ – නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ (ඡායාරූප මෙන්න) බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදීම සම්බන්ධයෙන් truenews.lk වෙත තවත් කරුණු රැසක් අනාවරණය වනවා. ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.ඇගේ ඡායාරූප පහතින්.” යන විස්තරය සහිතව Dinindu Rasanga නැමැත්තෙක් විසින් හුවමාරු කරගෙන තිබු සටහනක් මෙලෙසින්

    Facebook | Archived

    Facebook | Archived

    එම ඡායාරුප පෙළම එකට භාවිතා කරමින් එම රිය අනතුරට මුල්වූ තරුණිය ඡායරුපයේ පෙන්වා තිබෙන බව දක්වමින් පළවූ තවත් සටහනක් මෙලෙසින්

    Facebook | Archived

    මේ අන්දමින් හුවමාරු වු සටහන් රැසක් දැකගනන්ට ලැබුණු අතර මෙම තරුණියගේ වීඩියෝ එකතුවක් ද “වාහන හප්පපු SSP දුවගේ අලුත්ම නැටිලි ටික” යන තේමාවෙන් මෙසේ හුවමාරු වී තිබුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    නොවැම්බර් මස 15 වැනිදා සිදුවූ අනතුර පිළිබඳව ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලයේ ඇති වාර්තා පරීක්ෂා කළෙමු. සෑම වාර්තාවක්ම වාගේ සඳහන් කළේ  පොලීසියේ උසස් නිලධාරියකුගේ දියණියක්, සුඛෝපභෝගි රථයක් අධික වේගයෙන් පදවා මෙම අනතුර සිදු කර ඇති බවයි. එසේම බොහෝ වාර්තාවල අනතුරට අදාළව පළවී තිබු ඡායාරුප අතරේ ජංගම දුරකතනයක සංවාදයක යෙදෙන කළු සහ තැඹිලි පැහැ ඇඳුමකින් සැරසුණු තරුණියකගේ ඡයරුප ද දැකගනන්ට ලැබුණා. 

    Newswire | Archived   DailyMirror | NethFM

    ඒ හා සමඟම මෙම අනතුරට මුල්වූ උසස් පොලිස් නිලධාරියාගේ දියණිය එසේ දක්නට ලැබුණු තරුණිය බව දක්වමින් පළකර තිබු සටහන් සඳහා යොදාගෙන තිබුනේ සින්ඩි වික්‍රමනායක නම් තරුණියගේම සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර ඡායාරුප පෙළක් අපට පෙනී ගියා. අනතුර වූ අවස්ථාවේ මාධ්‍ය වාර්තා  කර තිබු ඡායාරුපයක් සහ සින්ඩිගේ ෆේස්බුක් ගිණුමේ දක්නට ලැබුණු ඡායාරුපයක් පහතින්

    එසේම හුවමාරු වූ වීඩියෝ පට සඳහා යොදාගෙන තිබුනේ ද සින්ඩි වික්‍රමනායක තරුණියගේ TikTok ගිණුමේ පලවී තිබු වීඩියෝ එකතුවක් බව පෙනී ගියා

    සින්ඩි වික්‍රමනායක නමැති තරුණිය විසින් තමා වෙත එල්ලවෙන මෙම චෝදනා සම්බන්ධයෙන් ඇයගේ ෆේස්බුක් ගිණුමේ නොවැම්බර් 15 සහ 16 දිනවල පහත පරිදි කරුණු පැහැදිලි කරමින් සටහන් කිහිපයක් පළකර තිබුණා

    FacebookArchived LinkFacebookArchived

    බොහෝ ප්‍රවෘත්ති සේවයන් ද මෙම සටහන් යොදාගනිමින් රිය අනතුරට සම්බන්ධ පුවත් යාවත්කාලීන කර තිබෙනු දැකගනන්ට ලැබුණා

    “නන්දා මෝටර්ස් හි අනතුරට සම්බන්ධ, වාහනයේ රියදුරු මා නොවන අතර, එම අනතුරට පත් රථයට ඉදිරියෙන් සිටි වාහනයේ  මා ගමන් කළා. අනතුරට පත් රථයේ සිටි මිතුරන්ට කුමක් සිදුවූවේද සොයා බැලීමට මා එ් දෙසට ගියා”  යනුවෙන් සින්ඩි වික්‍රමනායක තරුණිය ප්‍රකාශ කළ බවට පළවූ සටහනක් පහතින්. මෙවැනි මාධ්‍ය වාර්තා රැසක් පලවී තිබුනා

    View this post on Instagram

    A post shared by Daily Mirror (@dailymirrorlk)

    DailyMirrorArchived

    තවදුරටත් කරුණු සෙවීමේදි අනතුරට පත් රථය පැදවු රෙෂානි මෙලීෂා රත්නායක නමැති 19 හැවිරිදි තරුණිය පොලිස් ඇප මත නිදහස් කළ බවත්, ඇයගේ සහෝදරයාද නොසැලකිලිමත් ලෙස රිය පදවා බොරැල්ල පොලිසීයේ රථවාහන අංශයේ ස්ථානාධිපති මරණයට පත් කළ බව Daily Mirror පුවත්පත වාර්තා කර තිබුණා. 

    නෙළුම් පොකුණ වටරවුමේ අනතුර සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන්ද අප මෙම රිය අනතුරව විමසීමක් කළා. අනතුරට පත් රථය පදවා ඇත්තේ ජේෂ්ඨ පොලිස් නිලධාරියකුගේ දියණිය වන රෙෂානි මෙලීෂා රත්නායක බවත්, ඇය  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරූප වල සිටන තරුණිය නොවන බවත් ඔවුන් සනාථ කළා.

    එසේම ජේෂ්ඨ පොලිස් අධිකාරවරයෙකුගේ දියණියක් වීම හේතුවෙන් විශේෂිත වරප්‍රසාදයක් යටතේ මෙම තරුණිය ඇප මත නිදහස් කළාද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණා. මේ පිලිබඳ කරුණු විස්තර කරමින් රුපවාහිනී වැඩසටහනකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැහැදිලි කර සිටියේ නොසැලකිලිමත් සහ අපරික්ෂාකාරීව රිය පැදවීම සහ බලපත්‍රයක් රහිතව රිය පැදවීම යන කරුණු යටතේ ඉදිරියේදී නඩු මෙම වරදකරුට නඩු පවරන බවත් ජීවිත හෝ පුද්ගල හානියක් සිදු නොවී තිබු බැවින් සහ ඇප ලබාදිය හැකි වරදක් හේතුවෙන් එම තරුණිය ඇප මත මුදා හල බවත්ය. එම සංවාදය මෙතනින්

    බොරැල්ල පොලිසීයේ ස්ථානාධිපතිවරයාට මරු කැඳවූ මාරක රිය අනතුරේ ඩිෆෙන්ඩර් රථය පැදවු නවිඳු උමේෂ් රත්නායක නමැති තරුණයා රුපියල් ලක්ෂ දෙකක ඇප මත නිදහස් කළ බව 2019 සැප්තැම්බර් මස 6වැනි දින Daily News පුවත්පත වාර්තා කර තිබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නෙළුම් පොකුණ වටරවුමේ අනතුර සිදු කළ රථය පදවා ඇත්තේ සමාජ මාධ්‍යයන්හි හුවමාරු වන ඡායාරූපයේ සිටින තරුණිය වන සින්ඩි වික්‍රමනායක නොව ජේෂ්ඨ පොලිස් අධිකාරවරයෙකුගේ දියණියක් වන රෙෂානි මෙලීෂා රත්නායක නැමති තරුණියක්.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:නෙළුම් පොකුණ වටරවුමේ නන්දා මෝටර්ස් ආයතනයට අලාභහානි සිදුකරමින් බලපත්‍රයක් රහිතව රිය පදවා තිබුනේ මෙම තරුණියද?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.