Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රංශ විරෝධතාවලදී Pink Panther ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගත්තා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-21
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රංශයේ පාසල් සිසුන්ගෙන් ඇරඹුණු විරෝධතා, ජීවන වියදම ඇතුළු ගැටලු දක්වා පුළුල් වෙමින් 2026 ඔක්තෝබර් 19 වනදා වන විට සති හතරක් පමණ ගෙවී ඇති බව ත්, ඇතැම් ස්ථානවල පොලිසිය සමග ගැටුම්, ගිනි තැබී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රංශයේ පාසල් සිසුන්ගෙන් ඇරඹුණු විරෝධතා, ජීවන වියදම ඇතුළු ගැටලු දක්වා පුළුල් වෙමින් 2026 ඔක්තෝබර් 19 වනදා වන විට සති හතරක් පමණ ගෙවී ඇති බව ත්, ඇතැම් ස්ථානවල පොලිසිය සමග ගැටුම්, ගිනි තැබීම් සහ කොල්ලකෑම් සිදු වූ බවත් වාර්තා වූයේ මෙලෙසින්. එම විරෝධතා අතරතුර Pink Panther කාටූන් චරිතයේ ඇඳුමක් ඇඳි විරෝධතාකරුවෙකු, ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බව ත්, ඔහු ජල ප්‍රහාරයකින් පලා යන බව ත් පෙන්වන ඡායාරූප සහ වීඩියෝ ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය ජාලා තුළ ද හුවමාරු වී තිබුණි.

    මෙම දර්ශන මුලින්ම නිර්මාණය වූයේ කෙසේද, එවැනි සිදුවීමක් ප්‍රංශ විරෝධතාවලදී වාර්තා වී ඇත්ද යන්න අප පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ප්‍රංශ ධජ සහ “République”, “Bastille”, “Gare de Lyon” යන වීදි සලකුණු සහිත වීදියක, ජල ප්‍රහාරක රථයකින් (water cannon) එල්ල කරන ජල පහරින් Pink Panther ඇඳුමක් ඇඳි අයෙකු පලා යන දර්ශනයක් පෙළක් අඩංගු කෙටි වීඩියෝවක් පළවී තිබුනේ, “අවුල් ජාලයක් උණු යුරෝපය” යනුවෙන් ඇරඹෙන සිරස්තලයක් සමඟින්, මෙය යුරෝපයේ Gen Z විරෝධතා සමග සම්බන්ධ කරමිනුයි.

    ෆේස්බුක් රීල්ස් වීඩියෝවක තිර රුවක්: ප්‍රංශයේ ජල ප්‍රහාරයක් මැද රෝස පැහැති Pink Panther ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක්

    2026 ඔක්තෝබර් 18 වනදා තවත් Facebook ගිණුමක්, “ප්‍රංශයේ විරෝධතා අතරතුර pink panther අත්අඩංගුවට ගෙන ඇත” යැයි සඳහන් කරමින්, කැරලි මර්දන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු Pink Panther ඇඳුමක් ඇඳි අයෙකු ඔසවාගෙන යන පින්තූරයක් ද පළ කර තිබිණි. ඔක්තෝබර් 19 වනදා එම පින්තූරයම “Pink Panther ප්‍රංශයේදී පොලිස් අත්අඩංගුවට” යන සිරස්තලයක් සමග වෙනත් ගිණුමක ද පළ විය.

    ෆේස්බුක් සටහනක තිර රුවක්: පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතර Pink Panther ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු පාරේ ගමන් කරන ඡායාරූපයක්
    ෆේස්බුක් සටහනක තිර රුවක්: Pink Panther ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවෙකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඇදගෙන යන ඡායාරූපයක්

    Facebook 1 | Facebook 2 | Facebook 3

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : 2026 ඔක්තෝබර් ප්‍රංශ විරෝධතාවලදී Pink Panther ඇඳුමක් සැරසුණු විරෝධතාකරුවෙකු ජල ප්‍රහාරයකින් පලා ගිය අතර, ප්‍රංශ පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    අත්අඩංගුවට ගන්නා දර්ශනය 2025 PSG ජයග්‍රහණ රාත්‍රියේ පැරිස් ඡායාරූපයක් වෙනස් කිරීමකි

    ඉහත Facebook 2 සහ 3 සටහන්වල ඇති පින්තූරය, 2025 මැයි 31 වනදා Paris Saint-Germain (PSG) පාපන්දු කණ්ඩායම UEFA Champions League ශූරතාව දිනූ රාත්‍රියේ පැරිසියේදී ගත් ඡායාරූපයක් ඇසුරින් සකසා ඇති බව reverse image සෙවුමක් ඔස්සේ අපට හමුවිය. Getty Images හි Lou Benoist නම් ඡායාරූප ශිල්පියාගේ නමින් ඇති මෙම මුල් ඡායාරූපයේ, Champs-Élysées මාවතේදී පොලිස් නිලධාරීන් රැගෙන යන්නේ සාමාන්‍ය ඇඳුමින් සිටි පුද්ගලයෙකි. Pink Panther ඇඳුම පසුව එක් කරමින් ඩිජිටල් සංස්කරණයක් සිදුකර ඇත.

    සංසන්දනය: වම්පසින් AI මගින් වෙනස් කළ වෛරල් ඡායාරූපය, දකුණුපසින් 2025 මුල් ඡායාරූපය; Pink Panther ඇඳුම් ඇඳි පුද්ගලයෙකු සහ පොලිස් නිලධාරීන් සහිත දර්ශන

    2025 මැයි 31 රාත්‍රියේ පැරිසියේ Champs-Élysées මාවතේ රැස් වූ පිරිස් පොලිසිය සමග ගැටුණු අතර, පැරිසියේ 491 දෙනෙකු සහ ප්‍රංශය පුරා 559 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසූ බව වාර්තා වූයේ මෙතනින්. මුල් ඡායාරූපයේ සහ Facebook 2 සටහනේ පිටපතේ පසුබිමේ එකම Louis Vuitton වෙළඳසැල ද පෙනේ.

    ජල ප්‍රහාරයෙන් පලා යන දර්ශනය කෙන්යාවේ 2025 විරෝධතාවක ඡායාරූපයක් යොදාගනිමින් ගොඩනැගූවකි

    ජල ප්‍රහාරක රථයෙන් Pink Panther පලා යන දර්ශනයේ මූලාශ්‍රය, 2025 ජූනි 25 වනදා කෙන්යාවේ නයිරෝබි නුවර පැවති රජයට එරෙහි විරෝධතාවක ඡායාරූපයක් ඇසුරින්, AI ඔස්සේ ගොඩනැගු එකක් බව පෙනී යනවා. එම ඡායාරූපයට පැරිස් වීදි සලකුණු සහ කියවිය නොහැකි අකුරු සහිත CRS (ප්‍රංශ කැරලි මර්දන පොලිසිය) ලාංඡනයක් පසුව එක් කර තිබෙනවා.

    ඉහත Facebook 1 reel එකේ ඇත්තේ මෙම දර්ශනයේම වීඩියෝ අනුවාදයකි. එහි හඳුනාගත් පැරණිතම පිටපත 2026 ඔක්තෝබර් 17 වනදා fredericvignale නමැති Instagram ගිණුමේ පළ වූ අතර එය සම්පූර්ණයෙන්ම කලාත්මක අරමුණින් නිර්මාණය කළ බව එය පළ කළ තැනැත්තා සඳහන් තිබුනේ මෙලෙසින්.

    ඉන්ස්ටාග්‍රෑම් පළ කිරීමක තිර රුවක්: ජල ප්‍රහාරයක් සහිත ප්‍රංශ වීදියක රෝස පැහැති Pink Panther රූපයක් කළු සුදු ඡායාරූපයේ පෙන්වන අතර, එය කලා නිර්මාණයක් බව සඳහන් අදහස් දැක්වීමක්

    මෙම පින්තූර පෙළ ඔක්තෝබර් 17 විරෝධතාවට පෙර, AI කලාකරුවෙකුගෙන් ආරම්භ විය

    Pink Panther පින්තූර මුලින්ම අන්තර්ජාලයේ දක්නට ලැබුණේ 2026 ඔක්තෝබර් 8 වනදා බවත්, ඒවා පළ කළේ AI භාවිතය විවෘතව පිළිගන්නා කලාකරුවෙකු බවත් Libération පුවත්පත සොයාගත් බව වාර්තා වූයේ මෙතනින්. එනම්, ප්‍රංශය පුරා විශාල විරෝධතා පැවති ඔක්තෝබර් 17 වනදාට දින නවයකට පෙර මෙම පින්තූර නිර්මාණය වී තිබිණි.

    මෙම පෙළේ වෙනත් පින්තූර ද මෙවැනිම තේමා ඔස්සේ සකසා ඇති බව ඉතාලියේ Open කරුණු විමර්ශන කණ්ඩායම පෙන්වා දී තිබුණි. Pink Panther පොලිසියට මැද ඇඟිල්ල පෙන්වන පින්තූරය 2015 ජූනි මාසයේ ආර්මේනියාවේ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහි විරෝධතාවක ඡායාරූපයකින් ද, ගිනි ඇවිලුණු අත් බෝම්බයක් විසි කරන පින්තූරය, 2010 දෙසැම්බරයේ ග්‍රීසියේ ඇතන්ස් නුවර විරෝධතාවක ඡායාරූපයකින් ද සකසා ඇති බව ඉහත Open කරුණු පරීක්ෂාව පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර කරුණු පරීක්ෂකයින් රැසක් මේවා ව්‍යාජ බව තහවුරු කර ඇත

    මෙම Pink Panther පින්තූර AI මගින් නිර්මාණය කළ ඒවා බවත්, ඒවා සමාජ මාධ්‍යයේ මිලියන ගණනක් වාර නරඹා ඇති බවත් BBC Verify වාර්තා කළේය. ස්පාඤ්ඤයේ Newtral (ඔක්තෝබර් 16), ප්‍රංශයේ France 24 ද මේවා ව්‍යාජ බව තහවුරු කර ඇත.

    AI හඳුනාගැනීමේ මෙවලම් ද අත්අඩංගුවට ගැනීමේ පින්තූරය AI මගින් සැකසූවක් බව පෙන්වයි

    ඉහත ඡායාරුප සහ වීඩියෝවේ දර්ශන, AI මගින් නිර්මාණය කළ පින්තූර හඳුනාගන්නා මෙවලම් දෙකකට යොමු කළ විට, එම මෙවලම් මගින් එය AI මගින් නිර්මාණය කළ එකක් වීමේ සම්භාවිතාව 99.% ලෙස පෙන්වා තිබුනේ මෙලෙසින්.

    Hive AI හඳුනාගැනීමේ මෙවලමේ තිර රුවක්: Pink Panther ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සහිත ඡායාරූපය 99.8% AI මගින් නිර්මිත බව පෙන්වයි
    AI හඳුනාගැනීමේ මෙවලමක තිර රුවක්: ජල ප්‍රහාර දර්ශනය 99% AI මගින් නිර්මිත විය හැකි බව පෙන්වන ප්‍රතිඵලය

    ප්‍රංශ විරෝධතා සැබෑ ය, නමුත් Pink Panther අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නැත

    ප්‍රංශයේ විරෝධතා සහ ඒ ආශ්‍රිත ගැටුම් සැබෑ ය. ඔක්තෝබර් 17 වනදා මාර්සෙයිල් නගර ශාලාවට විරෝධතාකරුවන් ඇතුළු වූ සිදුවීම ද ඉන් එකක් බව අප පෙර වාර්තා කළෙමු (පහත සබැඳිය බලන්න). නමුත් මෙම විරෝධතාවලදී Pink Panther ඇඳුමක් ඇඳි අයෙකු අත්අඩංගුවට ගත් බවට, අප පරීක්ෂා කළ කිසිදු මාධ්‍ය වාර්තාවක හෝ කරුණු පරීක්ෂාවක සඳහනක් නැත.

    ඇතැම් සටහන් උපහාසාත්මක කෝණයෙන් මේවා ලෙස පළ කළ ද, ඇතැමුන් (Facebook 2 සටහන) එය පුවතක් ලෙස ඉදිරිපත් කර තිබුණි. ප්‍රංශයේ කැරලි අතරතුර AI යොදාගනිමින් සිදුකළ නිර්මාණය රැල්ලක් ද දැකගන්නට ලැබෙනවා. වයෝවෘද්ධ යුවළකගේ ඇඳුම් ගලවා කොල්ලකෑ බව පෙන්වන පින්තූර ද AI මගින් සැකසූ ඒවා බව වාර්තා වූයේ මෙතනින්. වැරදි අකුරු සහිත බැනර් ඇතුළු AI පින්තූර තවත් රැසක් ද මෙම විරෝධතා කාලයේ බෙදී ගිය බව වාර්තා වූයේ මෙතනින්.

    ප්‍රංශ විරෝධතා ආශ්‍රිතව බෙදී ගිය වෙනත් වීඩියෝ පිළිබඳ අපගේ කරුණු පරීක්ෂාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion):

    ප්‍රංශ පොලිසිය Pink Panther ඇඳුමක් ඇඳි විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගන්නා පින්තූරය 2025 මැයි 31 PSG ජයග්‍රහණ රාත්‍රියේ පැරිස් ඡායාරූපයක් ද, ජල ප්‍රහාරයෙන් පලා යන දර්ශනය 2025 ජූනි 25 කෙන්යාවේ විරෝධතාවක ඡායාරූපයක් ද AI මගින් වෙනස් කර නිර්මාණය ඇත. මේවා මුලින්ම පළ වූයේ 2026 ඔක්තෝබර් 8 වනදා, AI භාවිත කරන කලාකරුවෙකු විසිනි.

    ප්‍රංශයේ විරෝධතා සැබෑ වුවද, එහිදී Pink Panther ඇඳුමක් ඇඳි අයෙකු අත්අඩංගුවට ගත් බවට කිසිදු විශ්වසනීය වාර්තාවක් නැති අතර, ජාත්‍යන්තර කරුණු පරීක්ෂකයින් රැසක් ද මේවා ව්‍යාජ බව තහවුරු කර ඇත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.