Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: විරෝධතා රැළියේ සටන් පුවරුවක් යොදාගනිමින් සිදුකළ උපහාසාත්මක සංස්කරණයක්!

    2021-07-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම්

    බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    බංඩයියා – Bandayya නම් ෆේස්බුක් පිටුවක ලප සාපය යනුවෙන් සඳහන් කරමින් දක්වා තිබුණේ විරෝධතාවයකදී කාන්තාවක් විසින් සටන් පුවරුවක් ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. එම පුවරුවෙහි “සෑම නාටකයක් පිටුපසම ලපයක් ඇත පරිස්සම් වන්න” යනුවෙන් සඳහන් කර තිබුණු බවක් දක්වා තිබුණා.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බැලු බැල්මට එම සටන් පුවරුව සංස්කරණය කර ඇති බවට නිරීක්ෂණය වූයේ එහි වචන මත වූ වර්ණ නොගැලපීමයි. අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් නිරීක්ෂණ කළ අතර මෙම ඡායාරූපය “ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු – මානව නිදහස සුරකිනු” මැයෙන් සමගි ජන බලවේගය විසින් කඩවත නගරයේදී පසුගිය ( ජුලි 13) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කළ නිහඬ විරෝධතාවකදී ලබා ගත් ඡායාරූපයක් බවට නිරීක්ෂණය විය.

    එම විරෝධතාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    FACT CHECK: පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක යනුවෙන් පුවරුවක් සමඟ සජිත් විරෝධතාවයක?

    එම අවස්ථාවට සහභාගි වූ විශාරද භාගේශ්වරී ගුණසේකර මහත්මියගේ ඡායාරූපයක් මෙලෙස යොදාගෙන සටන් පුවරුව සංස්කරණය කර තිබුණා.

    එම සත්‍ය නාමු පුවරුවේ දැක්වුණේ, “සෑම නාටකයක් පිටුපසම සාටකයක් තිබේ” යනුවෙනි. එම සත්‍ය ඡායාරූපය පහතින් දක්වා තිබේ.

    Facebook | Archived Link

    එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්

    සංස්කරණය කරන ලද ඡායාරූපය හා විරෝධතාව අතරතුරදී ලබාගත් සත්‍ය ඡායාරූපයේ(වෙනත් කෝණයකින්) සංසන්දනය පහතින්. එහි පසුබිමේ සිටින පුද්ගලයින් පරීක්ෂා කිරීමේ දී ද මෙය එකම අවස්ථාවක් බව පෙනී යනවා.

    Also Read:  පාතාල මර්දනය සම්බන්ධයෙන් පළවූ විරෝධතා ලෙස පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සෑම නාටකයක් පිටුපසම ලපයක් ඇත පරිස්සම් වන්න යනුවෙන් දැක්වෙන පුවරුව උපහාසාත්මක කෝණයකින් සිදුකළ ව්‍යාජ සංස්කරණයක් බවයි.

    එහි සත්‍ය පුවරුවේ දැක්වෙන්නේ “සෑම නාටකයක් පිටුපසම සාටකයක් තිබේ” යනුවෙනි. මෙය සමගි ජන බලවේගය විසින් ජුලි 13 වනදා කඩවත නගරයේ පැවති විරෝධතාවයක දී භාගේශ්වරී ගුණසේකර මහත්මිය විසින් ප්‍රදර්ශනය කරමින් සිටි පුවරුවක්.

     උපහාසාත්මක කෝණයෙන් දක්වා තිබූ පුවරුව සත්‍ය පුවරුවේ දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සංස්කරණය කර සමාජ මාධ්‍ය වෙතට එක් කර ඇති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.