Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සහන අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට දමයි ද?

    2022-05-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සහන අයවැයෙන් රජයේ පඩි

    ඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “සහන අයවැයෙන් රජයේ පඩි ඉහළට! ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිසි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තීරණය කර තිබේ. දිනෙන් දින ඉහළ යන ජීවින වියදමහමුවේ රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම උදෙසා මෙම තීරණය ගෙන ඇත. ඊට සාපේක්ෂව පුද්ගලික අංශයේ වැටුප් ද වැඩිකරන ලෙස ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ.” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    ප්‍රධාන මාධ්‍ය වාර්තා:

    මෙම තීරණය අග්‍රාමාත්‍යවරයා විසින් ගත් තීරණයක් බවත් පසුගිය යහපාලන රජය සමයේ සිදුකළ රාජ්‍ය සේවක වැටුප් වර්ධනය මෙන් දෙගුණයක වැටුප් වැඩිවීමක් ඉදිරි සහන අයවැය හරහා සිදුකිරීමට නියමිත බවත් දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වෙබ් අඩවිද මෙම පුවත වාර්තා කළ අයුරු මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link|Archived Link

    මේ පිළිබඳව ඊයේ(27) ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත්පත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දුනනේ. එම පුවත් මෙතනින් සහ මෙතනින්.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

    කෙසේ වෙතත් මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, මාධ්‍ය වාර්තාවල දක්වා තිබූ ලෙස රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

    ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති බවද, එහි සඳහන් වුණා.

    ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පෙන්වා දුන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.

    රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අයවැය යෝජනා ඉදිරිපත් වී ඇත්දැයි විමසීම සඳහා අප මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එලෙස අයවැය සම්බන්ධයෙන් යෝජනාවක් තවමත් ඔවුන් වෙත නොලැබී ඇති බවයි.

    ප්‍රියන්ත මායාදුන්නේ මහතා

    කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රියන්ත මායාදුන්නේ මහතා පසුගිය දිනක රාජ්‍ය සේවකයන් අමතා සිදු කළ ප්‍රකාශයක ද, සඳහන් කර තිබුණේ, ඉදිරියේදී රාජ්‍ය සේවකයන් ද ඉදිරියේදී කැප කිරීම් සිදු කිරීමට සිදු වන බවයි, සියලු වරප්‍රසාද අවුරුදු 10 කින් කල් දමා ගත යුතු බවයි.

    කෙසේවෙතත් අඩු වැටුප් මට්ටමක් ලබන සහ කනිෂ්ඨ නිලධාරීන් ට රැකියාවට පැමිණීමේ වියදම් සලකා බැලු විට ප්‍රශ්නගත තත්ත්වයක් මතු වී ඇති බවත් එවැනි නිලධාරීන්ට ප්‍රවාහන දුෂ්කරතා සමනය කිරීමේ දීමනාවක් යෝග්‍ය බව ද ඔහු එහිදී පවසා තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.