Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් ?

    2022-03-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පවතින අර්බුධකාරී තත්ත්වය මත රට තාවකාලිකව වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සහ ඒ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිප

    පවතින අර්බුධකාරී තත්ත්වය මත රට තාවකාලිකව වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සහ ඒ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූවා.

    Facebook | Archived Link

    එම වෙබ් අඩවියේ සඳහන් වී තිබුණේ, ‘ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වනවා. විශේෂයෙන් රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවටයි එම ආරංචිමාර්ග පවසන්නේ. යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කළ යුතු බවයි.’ එම වෙබ් වාර්තාව මෙතනින්.

    රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස දින කිහිපයකට හෝ රට වසා තබන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවට පළ වූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කෙසේ වෙතත් මේ පිළබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාරතා කර ඇත්දැයි අප ප්‍රථමයෙන්ම අපගේ අවධානය යොමු කළ අතර එවැනි පුවතක් සම්බන්ධයෙන් වාර්තා නොවී තිබුණා.

    මෙම සටහන් වලින් පවසා තිබුණේ,  රට ලොක් ඩවුන් කිරීම සඳහා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.

    මේ හේතුවෙන් ඇතැම් පිරිස් උපකල්පනය කර තිබුණේ, ලබන අප්‍රේල් 03 වන දා රට තාවකාලිකව වසා දැමීමක් සිදු කරනු ඇතැයි බවයි. ඒ පිළිබඳව පළ වූ සටහනක් මෙතනින්. Archived Link

    මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ මෙය අසත්‍ය පුවතක් බවයි.

    ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ සූදානමක් පවතින බවට පැතිරයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාද අප කළ විමසීමේද පවසා සිටියා.

    කෙසේ වෙතත් මෙවැනි යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇත්දැයි යන්න විමසීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද අප විමසීමක් සිදු කළා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කිසිදු කණ්ඩායමක් එවන් යෝජනාවක් රජයට ඉදිරිපත් කර නොමැති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණුවිමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය හේතුවෙන් ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වන බවට පළ වූ පුවත් සහ සටහන් නොමග යවන සුළු බවයි. එලෙස කිසිදු යෝජනාවක් රජයට කිසිදු කණ්ඩායමක් විසින් ඉදිරිපත් වී නොමැති බවත්, එවන් තීරණයක් නොගෙන ඇති බවත්, ජනාධිපති මාධ්‍ය අංශය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද හමුදාපති ද, තහවුරු කරනු ලැබුවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.