Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ලැයිස්තුවේ කොටුවේ පොඩි නමත් ඇතුළත් ද?

    2021-07-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අන්තර්ජාලය ඔස්සේ වසය අවුරුදු 15 ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ අතරතුර දී අත්අඩංගුවටපත් වන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව සමාජයේ මහත් අවධානයක් යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් එම සිදුවීමට අදාළ නොවන පුද්ගලයන්ගේද නම්

    අන්තර්ජාලය ඔස්සේ වසය අවුරුදු 15 ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ අතරතුර දී අත්අඩංගුවටපත් වන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව සමාජයේ මහත් අවධානයක් යොමු වී තිබෙනවා.

    මේ හේතුවෙන් එම සිදුවීමට අදාළ නොවන පුද්ගලයන්ගේද නම් සඳහන් කරමින් ඇතැම් අසත්‍ය ප්‍රචාරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. මීට පෙරද අප එවැනි සටහන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ අතර කොටුවේ පොඩි නම සම්බන්ධයෙන් පළ වූ එවන් සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය මෙතනින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Lankaenews ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ බේරාගන්නැයි ඉල්ලා කො‍ටුවේ පොඩි නම ගෝඨා හමුවේ හඬා වැටේ..! – 15 වියැති දැරිය දූෂණය කළ උන් සෙවීම වහාම නවතයි..! -LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවක් යනුවෙනි. එම සටහනේ තවදුරටත් දක්වා තිබුණේ මෙලෙසිනි.

    ලංකා ඊ නිව්ස් -2021.ජූලි.11, ප.ව.9.15) ගල්කිස්සේ පහලොස් වියැති බාලවයස්කාර දැරිය දූෂණය කළ සල්ලාලයන් සෙවීම ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයෙන් අද සිට නවතා දමා ඇති බව පොලීසියේ ඉහලම නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ප්‍රකාශ කළේය.

    ඔහු පවසන පරිදි ඊට ආසන්නතම හේතුව මෙසේය. 

    දැනට හෙළිදරව් වී ඇති සාක්ෂි අනුව මෙම 15 හැවිරිදි දැරිය දූෂණය කළ පිරිස මේ වන විට ඉලක්කම් තුනේ සීමාව ද ඉක්මවා ගොස් ඇත. ඒ අතර බෞද්ධ භික්ෂූන් විශාල පිරිසක් සිටිති. කැලණිය ඊරිවැටිය ලුම්බිණි විහාරයේ විහාරාමාධිපති පනස් වියැති කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි නම් චීවරධාරියාගෙන් බෞද්ධ භික්ෂූන් හෙළිදරව්වීම ආරම්භ වූ අතර,  ඒ නම් අතරේ කො‍ටුවේ පොඩි නම ලෙස ප්‍රසිද්ධ අත්තරගම ප්‍රඥාලංකාර නම් චීවරධාරියා ද සිටී.

    දැරිය දූෂණය කළ පිරිස් අතර වැඩිම වාර ගණනක් දැරිය දූෂණය කර ඇත්තේ ඉහත කී ඊරිවැටිය ලුම්බිණි විහාරයේ, කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි ය. ඔහු දැරිය රුපියල් විසිදහස බැගින් ගෙවා දස වතාවකට වැඩිය පරිහරණය කර තිබේ.  

    ප්‍රඥා විශුද්ධි චීවරධාරියා සේම නාවික හමුදා විශේෂඥ වෛද්‍ය දිමුත් ද සිල්වා ද අත් අඩංගුවට පත්වීමත් ඔවුන් හෙළිදරව් වීමත් සමග බියට පත්වී ඇති කො‍ටුවේ පොඩි නම ජනපති ගෝඨාභයට කථා කොට තමන් බේරා දෙන ලෙසත් මේ සා විශාල භික්ෂූන් මේ සිද්ධියට අත් අඩංගුවට පත්වුවහොත් සාසනය කඩා වැටෙන බවත් කියමින් හඬා වැටී ඇත.

    දැරිය දූෂණය කළ බෞද්ධ භික්ෂූන්ගේ ලැයිස්තුව ඉතා දිගු බව කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු විසින්ද ගෝඨාභයට සනාථ කර තිබේ. දේශබන්ධු පවසා ඇති පරිදි බෞද්ධ භික්ෂූන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද, උසස් පොලිස් නිලධාරියෙක් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක්ද, නාමධාරී ව්‍යාපාරිකයින් රැසක්ද නම් ලැයිස්තුවේ සිටිති. 

    ඒ අනුව සිස්ටම් චේන්ජ් කිරීම කෙසේ වෙතත් නන්දසේන ගෝඨාභයගේ උපදෙස් මත දේශබන්දුගේ නියෝගයෙන් දැරිය දූෂණය කළ සල්ලාලයන් අත් අඩංගුවට ගැනීම අද සිට නවතා දමා ඇත.

    ඒ අපරාධයත් කාපට් එක යටට තල්ලු කර දැමෙනු ඇත. 

    LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තා කරුවෙකු විසිනි

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මේ තේමාව යටතේ දැරිය දූෂණය කිරීමේ සිද්ධියට කොටුවේ පොඩි හාමුදුරුවෝ සම්බන්ධ බව අදහස් කරමින් හුවමාරු වූ තවත් සටහනක් මෙතනින්.

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අවුරුදු 15 මාස 9ක දැරිවියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කළ සහ එසේ මිලදී ගත් පුද්ගයලින් සොයා පසුගිය සති කිහිපයේ ම සිදුවූ විමර්ෂණ පිලිබඳ පුවත් රැසක් අපට දැක ගන්නට ලැබුණා. මේ අතර විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයින් සිටින බව ද වාර්තා වී තිබුණා.

    අත්තරගම පඤ්ඤාලංකාර හිමිනම නොහොත් කොටුවේ පොඩි හාමුදුරුවෝ ද ඒ අතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් සම්බන්ධයෙන් අප පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගෙන් විමසීමක් කළ අතර අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ, කොටුවේ හිමිනම මෙම සිදුවීමට සම්බන්ධ බවට පැතිරෙන්නේ අසත්‍ය පුවත් බවයි. මේවන තෙක් එවැනි කිසිඳු හෝ තොරතුරක් අනාවරණය නොවූ බවත් මෙම විමර්ශන පිළිබඳ විවිධ දුර්මත පසුගිය දින කිහිපයේ ම හුවමාරු වී තිබු බවත් මෙතෙක් මෙම විමර්ශන නවතා දැමීමේ කිසිඳු නියෝගයක් ලැබී නොමැති බව ද පවසා සිටියා. 

    Also Read: FACT CHECK: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

    මෙම සිදුවීමට කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම සඳහන් වීම සම්බන්ධයෙන් අප උන්වහන්සේ ද දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විමසීමක් සිදු කළා.

    කොටුවේ පොඩි හාමුදුරුවෝ පවසා සිටියේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය කතාවක් පැතිරෙන බවත්, යම්කිසි හිමි නමකගේ නමක් ගැන ද සඳහන් වී තිබීම හේතුවෙන් ඒ සඳහා තමාගේ නම භාවිතා කිරීම නිසා බොහෝ පිරිසක් නොමග ගොස් සිටින බවයි. එබැවින් මේ අභූත චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කොමිසමට ගොස් පැමිණිලි කිරීමට කටයුතු කළ බවත් පවසා සිටියා. එම අවස්ථාව මෙතනින්.

    බාලවයස්කාර දැරිය අපයෝජන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) දිනයේදී බැංකු කළමනාකාරවරයෙකු හා පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට අත්අඩංගුවට පත් වූ බවට මෙසේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

    මෙම බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ නිම කිරීමේ සූදානමක් ඇති බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙසේ ප්‍රශ්න කර තිබුණා.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ, මෙම සිදුවීමට අදාළ පොලිස් පරීක්ෂණ පවත්වන බවට පැතිරෙන පුවත් අසත්‍ය බවයි. මේ වන විටත් අදාළ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද, ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ 15 හැවිරිදි දැරිය ලිංගිකව අපයෝජනයට ලක්කිරීම හා සම්බන්ධව කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම ද සඳහන් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයද,  තහවුරු කර සිටිනවා. මෙම ව්‍යාජ චෝදනා සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කිරීමට කටයුතු කරන බව කොටුවේ පොඩි හාමුරුවෝ පවසා සිටියා. එමෙන්ම මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ නැවැත්වීමට කිසිදු සූදානමක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

    Fact Check: නන්දා මාලිනියන්ගේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ ගීතය ගැන කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.