Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාවක්?

    2023-04-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ආරක්ෂාව සුරැකීමට, ආරක්ෂක අංශ විසින් මහජනතාවට නිකුත් කරන පණිවිඩ අතරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු ද ව්‍යාප්ත කරනු ලබන්නේ මුළු මහත් සමාජයම බිය ගන්වමින්. සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජාතික ආරක්ෂාව සුරැකීමට, ආරක්ෂක අංශ විසින් මහජනතාවට නිකුත් කරන පණිවිඩ අතරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු ද ව්‍යාප්ත කරනු ලබන්නේ මුළු මහත් සමාජයම බිය ගන්වමින්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි තොරතුරක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාව” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පානදුර මුස්ලිම් දේවස්ථාන 23 කට හදිසි පොලිස් ආරක්ෂාව ලබා දුන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා.

    ඒ අනුව ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ,  පානදුර පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පැවසූ බවයි. ඒ බවට පළ වූ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    එමෙන් ම මෙම පුවත් වාර්තා දෙක ම එකම පුද්ගලයෙකු වාර්තා කර තිබුණා.

    දකුණ පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂක

    කෙසේ වෙතත් මෙම පුවතේ නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප ප්‍රථමයෙන් පානදුර දකුණ පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගෙන් විමසීමක් කළා.

    ඒ මහතා සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථාන පමණක් ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂාවක් සපයා නොමැති බවත්, රාමසාන් උත්සවය හේතුවෙන් එම සතිය තුළ දිවයිනේ ම ඉස්ලාම් දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාව සපයා ඇති බවයි. 

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    එමෙන් ම අප මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතාගෙන් ද, අප විමසා සිටි අතර ඒ මහතා සඳහන් කළේ, රාමසාන් පැවැත්වෙන සතියේදී මුළු දිවයිනේ ම ඉස්ලාම් දේවස්ථාන වලට පොලිස් විශේෂ ආරක්ෂාවක් සැපයූ බවත්, එය පානදුර ප්‍රදේශයට පමණක් ලබා දුන් විශේෂ ආරක්ෂාවක් නොවන බවයි.

    පසුගිය අප්‍රේල් 18 වන දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 118 දුරකතන අංකයට, අකුරණ නගරයේ ඉදිරි දිනකදී බෝම්බ ප්‍රහාරයක් සිදු වන බවට තොරතුරක් ලැබී තිබු බවත්, එම තොරතුර ව්‍යාජ බවට හෝ සත්‍ය බවට අනාවරණය කර ගන්නා තුරු, අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී යන නිලධාරින් අකුරණ නගරයේ ප්‍රධාන ඉස්ලාම් දේවස්ථානයට ගොස්, එහි ආගමික නායකයන් හමු වී, එම ප්‍රදේශයේ පිහිටි අනිකුත් ඉස්ලාම් දේවස්ථාන වල ආගමික නායකයන් සහ එම නගරයේ වෙළඳ සංගම් ද සමග සාකච්ඡා කොට ආරක්ෂක වැඩ පිළිවෙළක් යෙදවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.

    එමෙන් ම අප්‍රේල් 19 වන දා තවත් තොරතුරක් ඉහත ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් ම ලබා දුන් අතර එම පුද්ගලයා සඳහන් කර තිබුණේ, යම්කිසි සංවිධානයක් විසින් මුස්ලිම් ජනතාව වැඩිපුර වාසය කරන ගම් ප්‍රදේශ වලට ප්‍රහාරයක් එල්ල කරන බවයි. ඒ අනුව එම තොරතුරු වල නිරවද්‍යතාව හෙළිකර ගන්නා තුරු මුස්ලිම් ජනතාව වැඩිපුර වාසය කරන දේවස්ථාන වලට පොලිස් විශේෂ ආරක්ෂාව සැපයූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසා සිටියා.

    කෙසේ වෙතත් දින තුනක් ඇතුළත මෙම තොරතුර ලබා දුන් පුද්ගලයා සොයා ගත් අතර ඔහුගෙන් විමසීමේදී අනාවරණය වූයේ මෙම තොරතුර ව්‍යාජ බවයි. එසේ ව්‍යාජ තොරතුරක් ලබා දීමට සුවිශේෂි හේතුවක් සඳහන් කර නොමැති අතර පසුගිය 22 වන දා අවුරුදු 21 හැවිරිදි මුස්ලිම් තරුණයෙකු වන ඔහු, හාරිස්පත්තුව බටුගොඩ ප්‍රදේශයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් කෙසේ වුවද, පානදුර ප්‍රදේශය පමණක් ඉලක්ක කර ගනිමින් පොලිස් විශේෂ ආරක්ෂාවක් සපයන බවට පළ වූයේ අසත්‍ය තොරතුරක් බව ත් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-04-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.