Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ක අරමුදලක් ලබා දෙන බවට ව්‍යාජ සබැඳියක් !

    2024-10-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නොයෙකුත් ක්‍රම ඔස්සේ සමාජ මාධ්‍යතුල වංචනික ක්‍රියාකාරකම් සිදු වනවා. මේ අතර මුදල් ත්‍යාග ලබා දෙන බවට හඟවමින් තතුබෑම් වංචාවන් ද, සිදු වන අතර බොහෝ පිරිසක් මෙම වංචාවන්ට පහසුවෙන් හසුවනවා. ඒ ආ

    ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ක අරමුදලක් ලබා දෙන බවට ව්‍යාජ සබැඳියක්!

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    නොයෙකුත් ක්‍රම ඔස්සේ සමාජ මාධ්‍යතුල වංචනික ක්‍රියාකාරකම් සිදු වනවා. මේ අතර මුදල් ත්‍යාග ලබා දෙන බවට හඟවමින් තතුබෑම් වංචාවන් ද, සිදු වන අතර බොහෝ පිරිසක් මෙම වංචාවන්ට පහසුවෙන් හසුවනවා. ඒ ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ ව්‍යාජ පණිවිඩයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “*ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024*

    රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ක ප්‍රදාන අරමුදලක් අනුමත කර ඇත. ගෙවීම් දැනටමත් ආරම්භ කර ඇත. ප්‍රතිලාභීන් අතර වීමට දැන්ම අයදුම් කරන්න” යනුවෙන් සඳහන් කරමින් ඊට අදාළ සබැඳියක් ද දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    2024 ජනාධිපතිවරණයේ සහය දුන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට ස්තූතිය පුද කරමින් මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට නොමිලේ රු. 50,000 ත්‍යාගයක් එම පක්ෂය විසින් ලබා දෙන බවට ත් සඳහන් කරමින් එම ත්‍යාගය ලබා ගැනීම සඳහා සබැඳියක් ද, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

    WhatsApp ඔස්සේ මෙම පණිවිඩය බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පවතින රජය යටතේ තරුණයින් සවිබල ගැන්වීමේ අරමුදල් ලබා දීමේ වැඩපිළිවෙළක් සිදු වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනු ලබනවා. මීට පෙර ද, මෙවැනි තතුබෑම් වංචාවන්(phishing scam) ඔස්සේ තොරතුරු ලබා ගැනීමක් සිදු වූ අතර ඒ පිළිබඳ තොරතුරු පහතින්.

    මෙලෙසින් මුදල් ත්‍යාග ලබා දීමේ වැඩපිළිවෙළක් සිදු වන බවට ජාතික ජන බලවේගයේ කිසිදු නිල සමාජ මාධ්‍යක සඳහනක් නොමැති බවට අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණා.

    මෙම සබැඳිය තතුබෑම් වංචාවක්(phishing scam) බවට දැක ගන්නට ලැබෙන අතර ඒ සම්බන්ධ තහවුරුව පහතින්.

    මෙය සැක සහිත සබැඳියක් බවට වෙබ් Url පරීක්ෂා කිරීමේ යෙදුමක් හරහා ද, අපට තහවුරු වුණේ මෙලෙසින්.

    එමෙන් ම මෙලෙසින් ත්‍යාග ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා ද, යන්න අප ජාතික ජන බලවේග මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ මෙය අසත්‍ය තොරතුරක් බවත්, එවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවයි.

    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දිකගෙන් මේ පිළිබඳ අප කළ විමසීමේදී ඔහු ද, මෙලෙසින් ත්‍යාග ලබා දීමේ වැඩ පිළිවෙළක් සිදු නොවන බවට ත්, මෙය අසත්‍ය තොරතුරක් බවත් මෙවැනි දේවල් වලට හසුනොවන ලෙසත් සමාජ ජාලා පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියා.

    විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2024 ජනාධිපතිවරණයේ සහය දුන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට ස්තූතිය පුද කරමින් රු. 50,000 ත්‍යාගයක් එම පක්ෂය විසින් ලබා දෙන බවට දක්වමින් ඒ සඳහා ඉල්ලුම් කිරීමට සබැඳියක් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. එවැන් වැඩපිළිවෙළක් සිදු නොවන බවට ජනාධිපති මාධ්‍ය අංශය වගේ ම ජාතික ජනන බලවේගය විසින් තහවුරු කරන අතර මෙය හුදෙක් තතුබෑම් වංචාවක්(phishing scam)බවට පෙන්වා දිය හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-10-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.