Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නාමල් රාජපක්ෂ තරඟ වදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද?

    2024-10-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    Update : නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී තිබෙනවා

    නොවැම්බර් මස පැවැත් වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් නොයෙකුත් කතා ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, පළ වෙද්දි දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද, තොරතුරු හුවමාරු වෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන මැතිවරණයට තරඟ වදින දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් පළවූ පුවතක සත්‍ය කරුණු සොයා අප සිදු කළ පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පොදුජන එක්සත් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යක්ෂ මහතා මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණා.

    ජාතික පුවත් පත් වල පළ වූ පුවත් කියවන වැඩ සටහන් විසින් ද, මේ පිළිබඳ වාර්තා කළා.

    මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගත්තා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පොදු ජන පෙරමුණේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගලින් මහ මැතිවරණයට තරඟ වැදීමට නියමිත බවට ලංකාදීප පුවත් පත වාර්තා කර තිබුණත්, අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ධාරා එවැනි පුවතක් වාර්තා කර නොතිබුණි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ අප තහවුරු කර ගැනීම සඳහා මේ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, තමන් කුරුණෑගලින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරන බවට පළ වන්නේ අසත්‍ය තොරතුරක් බවයි.

    එමෙන් ම ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ද, නාමල් රාජපක්ෂ මහතා සිය දේශපාලන ආරම්භය ලබා ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමග ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බවයි.

    තව ද, මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක සහ ඊට අදාළ අවසන් එකඟතාවයන් පක්ෂය තීරණය කර නොමැති බවද එහි සඳහන්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ද, මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, කුරුණෑගලින් නාමල් රාජපක්ෂ මහතා තරඟ නොකරන බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්යෙන් එළැඹෙන මැතිවරණයට තරඟ වදින බවට සමාජ මාධ්‍ය මෙන් ම, ඇතැම් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කළ සටහන් අසත්‍ය බවට ඔහු සඳහන් කරයි. නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බව ඔහුගේ මාධ්‍ය අංශය පවසයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-10-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.