
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්රහණය කරද්දී ,ඊට පෙර ජනාධිපතිව සිටි රනිල් වික්රමසිංහ එම ධුරයෙන් ඉවත්ව ගියා.කෙසේ වෙතත් හිටපු ජනාධිපති වික්රමසිංහ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් දිගින් දිගටම පැතිරෙනවා.මේ එවන් කරුණක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ආරක්ෂක නිලධාරින් 163 ක් ,කෝකින් 16 ක් සහ වාහන 20 ක් ඉල්ලා ලිපියක් ඒවා ඇති බවක්.ඒ සදහා මෑතක වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක තංගල්ලේදී සිදුකල කතාවක්ද පාදක කරගෙන තිබෙනවා.


හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂක අංශ ප්රධානියා විසින් ජනාධිපති ලේකම්වරයාට යවන ලද ලිපියක් ලෙස පහත ලිපියද සමාජ ජාලාවල පැතිරෙනවා
Here are excerpts from the letter sent by the office of former President @RW_SRILANKA, requesting additional facilities, including 16 Navy chefs and 8 doctors.
— Rehan Jayawickreme (@RehanJayawick) October 16, 2024
I will share the full content of the letter once I receive feedback on my RTI request.
Dear #Ranilist, in the… pic.twitter.com/FnJaXvdoi7
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check සත්ය කරුණු විමසා බැලීම
මුලින්ම අප විමසා බැලුවේ අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයාගේ ප්රකාශය පිලිබදවයි .
එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ලිපියක් මගින් ආරක්ෂක නිලධාරීන් 163 ක් ,කෝකියන් 16 ක් සහ වාහන 20 ක් ඉල්ලුම් කර ඇති බවයි .
ජනාධිපති මාධ්ය අංශය
අප විසින් සිදුකල කරුණු විමසා බැලීමේදී ජනාධිපති මාධ්ය අංශය තහවුරැ කලේ මෙම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු සත්ය ලිපියක් බවයි.ඒ අනුව මෙම ලිපිය ජනාධිපති ලේකම්වරයට එවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්යක්ෂ ජමාල්දීන් විසින් බව පැහැදිලියි
සාගල රත්නායක
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ද අදහස් දක්වා තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ මාධ්ය අංශය මගින් අප වෙත ලබාදුන් වීඩියෝවක අදහස් දක්වන හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කල සාගල රත්නායක පවසන්නේ මේ ආකාරයේ ලිපියක් ජනාධිපති කාර්යාලයට යොමු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ ප්රධානීන් බවයි.ඔහු වැඩිදුරටත් පවසන්නේ අදාල වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් සංඛ්යාව ,කෝකිවරුන් අදාල ආරක්ෂක ප්රධානියාගේ ඉල්ලීමක් මිස හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් නොවන බවයි.එමෙන්ම ආරක්ෂක ප්රධානියා අදාළ තීරණය ලබාගෙන ඇත්තේ කෙටි කාලයකට පමණක් බවයි.පසුව කෙරෙන විශ්ලේෂණයකින් අනතුරුව එම සංඛ්යා වෙනස් වනු ඇති බවත් ඔහු පවසා සිටිනවා .
පොලිස් මාධ්ය ප්රකාශක
මේ පිලිබදව අදහස් පලකරන පොලිස් මාධ්ය ප්රකාශක නිහාල් තල්දුව පවසන්නේ ප්රභූන් ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබාගන්නේ බුද්ධි අංශ මගින් ලබාදෙන වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමසා බලන කමිටුවක් මගින් බවයි.එමෙන්ම රනිල් වික්රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙත ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරීන් 163 ක් සහ අනෙකුත් පහසුකම් සලසාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර යවා ඇති ලිපිය ඕනෑම අවස්ථාවක ජනාධිපති ආරක්ෂක අංශ ප්රධානියෙක් මගින් මෙවැනි බල පෙරලියක් සිදුවන අවස්ථාවක යවන ලිපියක් බවත්, ඒ ලිපිය හිටපු ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතුව මෙන්ම එසේ නොමැතිවත් යැවිය හැකි ලිපියක් බවත් ඔහු පවසා සිටියා.එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ මෙම ආරක්ෂක නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සම්පුර්ණයෙන්ම කැපවී පැය 24 පුරාම හෝ සෑම දිනකම ඔහු වෙනුවෙන් සිටින්නන් නොවන බවත්ය .උදාහරණයක් ලෙස හිටපු හිටපු ජනාධිපතිවරයා යම් උත්සව අවස්ථාවකට සම්බන්ධවන විට ඒ මොහොතේ ඔහු වෙනුවෙන් ආරක්ෂාව බාරව නිලධාරීන් සිටින බවත් එය අනෙකුත් අවස්ථාවන්ට වඩා වැඩි පිරිසත් බවත් ඔහු පවසා සිටියා .එමෙන්ම වාහන 20 ක් වශයෙන් සහ කෝකින් 16 ක් ආදී වශයෙන් ඉල්ලා ඇත්තේ අදාල ආරක්ෂක නිලධාරීන් 163 දෙනාගේ කටයුතු වෙනුවෙන් බවයි ඔහු පවසා සිටියේ.වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ රනිල් වික්රමසිංහ ජනාධිපති ධූරය දැරූ වකවානුවේ සිටි ආරක්ෂක නිලධාරීන් ප්රමාණය ට සාපේක්ෂව 163 අඩු අගයක් බවත් එය තවදුරටත් අඩු කරනවද එසේ නොමැතිද යන කාරණය සමාලෝචනයකින් පසුව තීරණය කරනු ඇති බවත්ය .
ආරක්ෂක අමාත්යංශ මාධ්ය ප්රකාශක කර්නල් නලින් හේරත්ද පැවසුවේ ප්රභූ ආරක්ෂාව සාමාන්යයෙන් තීරණය කරන්නේ සහ වෙනස්කම් සිදු කරන්නේ අදාල ප්රභූවරයට ඇති තර්ජන පිලිබදව වන බුද්ධි අංශ හෙළිකිරීම් සලකා බැලීමෙන් අනතුරුව බවයි .
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්රසාද
1986 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට විශ්රාම වැටුපක් හිමියි.එමෙන්ම නිල නිවසක් ද රජය මගින් ඔවුන්ට ලබාදිය යුතුයි.ඊට අමතරව ජනාධිපතිවරයෙක්ගේ පුද්ගලික ලේකම්ව්රයෙක්ට ගෙවන වැටුපෙ ප්රමාණයට සමාන මාසික ලේකම් දිමනාවක් ගෙවිය යුතුයි.එමෙන්ම අමාත්ය මණ්ඩලයේ අමාත්යවරයෙක්ට ලබාදෙන ආකාරයට ප්රවාහනය ,ආරක්ෂාව ඇතුළු සියලු වරප්රසාද ලබාදිය යුතුයි.


ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත කියවිය හැකියි මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

