Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් ද?

    2024-10-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Claim :   හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් ! Fact :  ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන අතර, ඔවුන් විසින් පිළියෙළ කළ”විෂන් 2030″ නමැති තිරසාර සංවර්ධනය සඳහා උපාය මාර්ග ඇතුළත් ලේඛනයක්, රනිල් වික්‍රම

    Claim :   හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් !

    Fact :  ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන අතර, ඔවුන් විසින් පිළියෙළ කළ”විෂන් 2030″ නමැති තිරසාර සංවර්ධනය සඳහා උපාය මාර්ග ඇතුළත් ලේඛනයක්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක මහතුන් හට, 2024 ජනාධිපතිවරණයට පෙර, ඉදිරිපත් කර තිබු අවස්ථාවකුයි මෙම ඡායාරුප මඟින් දැක්වෙන්නේ.

    ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදේශකයන් වශයෙන් පත් කරගැනීමේ පුවතත් සමඟ, ඒ සම්බන්ධයෙන් නොයෙකුත් නොමඟ යවන පෝස්ට් රාශියක් සමාජ ජාලා තුළ දැකගන්නට ලැබෙනවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, තවත් පිරිසක් සමග වෙන වෙනම පෙනී සිටින ඡායාරූප දෙකක් සංසන්දනය කරමින් හුවමාරු වන ෆේස්බුක් සටහන් පෙළකින් හඟවා සිටින්නේ නායකත්වයේ වෙනස්කමක් සිදුවුණ ද, උපදේශකවරුන්ගේ වෙනසක් සිදුවී නොමැති බවත්, නව ජනාධිපතිවරයා ද පෙර පැවති කණ්ඩායම ම නොවෙනස්ව පවත්වාගෙන යන බවකි.

    FB|archived

    අපි මේ ගැන කරුණු පරීක්‍ෂාවක් කරන්න තීරණය කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඡායරූප විශ්ලේෂණය:

    අනුර කුමාර දිසානායකගේ ඡායාරූපය: මෙම ඡායාරූපය ගනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසයේ පැවති හමුවකදීයි. ලංකා වාණිජ මණ්ඩලය විසින් “Vision 2030” යන මැයෙන් සකස් කර තිබු ඉදිරි දැක්ම ගැන ප්‍රතිපත්ති ලේඛනයක්, අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන්වූ අවස්ථාවක් මෙයින් දැක්වෙනවා. වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද එම ලේඛනය, 2030 වන විට ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා උපාය මාර්ගයක් ගෙනහැර දක්වයි.

    Archived

    රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපය : දෙවන රූපයේ දැක්වෙන්නේ ද පසුගිය ජුලි මාසයේ සිදුවූ මේ ආකාරයේම පිළිගැන්වීමකි. ලංකා වානිජ මණ්ඩලය විසින් ඉහත පරිදිම සිය “විෂන් 2030” ලේඛනය, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්.

    Archived

    ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හුලංගමුව මහතා ඡායාරූප දෙකෙහිම වාණිජ මණ්ඩල කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ පෙනී සිටියි. මෙම පුද්ගලයන් රනිල් වික්‍රමසිංහගේ හෝ අනුර කුමාර දිසානායකගේ දේශපාලන උපදේශකයන් නොවීය. ඔවුන් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කරන විශේෂඥයන් ලෙස වාණිජ මණ්ඩලය නියෝජනය කරයි.

    ලංකා වාණිජ මණ්ඩලයේ පැහැදිලි කිරීම්:

    අපි ලංකා වානිජ මණ්ඩලයේ මහජන සම්බන්ධතා සහ බාහිර සන්නිවේදන අංශය සම්බන්ධ කර ගත් අතර, හුලංගමුව මහතා පසුගිය රජයේ කිසිදු නිල තනතුරක් දැරුවේ නැති බව ඔවුන් පැහැදිලි කරයි.

    වාණිජ මණ්ඩලය රජයේ උපදේශක කමිටුවලට ගෞරවනීය මට්ටමින් නිතර සහභාගී වන අතර විවිධ කර්මාන්ත පිළිබඳ විශේෂඥ අවබෝධයක් ලබා දෙයි. හුලංගමුව මහතා කමිටු සාමාජිකත්වය දැරූ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳීමට විශේෂඥ කමිටුව ඔහු පසුගිය රජය යටතේ සම්බන්ධවූ එක් කමිටුවකි. කෙසේ වෙතත්, නිල ජනාධිපති උපදේශකයෙකු ලෙස සේවය කිරීමක් එමඟින් අදහස් නොවේ.

    මෑතකදී පත් වූ ජනාධිපති උපදේශකවරුන් දෙදෙනෙකු පමණයි

    ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) අධ්‍යක්ෂ ජනරාල් නජිත් ඉන්දික පවසන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වන විට පත් කර ඇත්තේ උපදේශකවරුන් දෙදෙනෙකු පමණි: ඒ මහාචාර්ය අනිල් ජයන්ත සහ ලංකා වාණිජ මණ්ඩලයේ හුලංගමුව මහතා වේ. ඒ අනුව සමාජ ජාලා පළ කිරීම් වල පෙන්වා ඇති ඇති පරිදි උපදේශකයන් මණ්ඩලයක් පත් කර නැත.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එම පත්වීම් දෙක ද ගෞරවනීය පත්වීම් වන අතර වැටුප් ගෙවීමක් හෝ වෙනත් ප්‍රතිලාභයක් නොමැති ඒවා බවයි.

    එම පත්වීම් සැප්තැම්බර් 30 කැබිනට් තීරණයේ සඳහන් වී තිබෙන්නේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    රනිල් වික්‍රමසිංහට සහ අනුර කුමාර දිසානායකට එකම උපදේශකයින් පිරිසක් සේවය කරන බවට හැඟවෙන සමාජ මාධ්‍ය පෝස්ට් නොමඟ යවන සුළුය.

    ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන අතර, ඔවුන් විසින් පිළියෙළ කළ”විෂන් 2030″ නමැති තිරසාර සංවර්ධනය සඳහා උපාය මාර්ග ඇතුළත් ලේඛනයක්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක මහතුන් හට, 2024 ජනාධිපතිවරණයට පෙර, ඉදිරිපත් කර තිබු අවස්ථාවකුයි මෙම ඡායාරුප මඟින් දැක්වෙන්නේ.

    වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වන විට පත් කර ඇත්තේ උපදේශකවරුන් දෙදෙනෙකු පමණි. ඔවුන්ගෙන් එක් අයෙක් වන හුලංගමුව මහතා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින්, ඉහත සේයාරූ දෙකේම ඔහුව දක්නට ලැබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-10-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.