Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි !

    2024-10-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජයක් පසුගිය ජනාධිපතිවරණයත් සමගම බලයට පත්වුණා. ඒ සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා .මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


    ජාතික ජන බලවේගයේ රජයක් පසුගිය ජනාධිපතිවරණයත් සමගම බලයට පත්වුණා. ඒ සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා .මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් (Social Media Posts) :

    ආනයනික පරිප්පු ,සැමන් උම්බලකඩ සදහා රුපියල් 400 ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවූ බවට සමාජ ජාලා සටහන් පැතිරෙනවා.

    FB | Archived

    ඇතැම් මාධ්‍ය වාර්තා විසින් ද, මේ පිළිබඳ නොමග යන අන්දමින් වාර්තා කර තිබුණේ මේ අයුරින්.
    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check සත්‍ය කරුණු විමසා බැලීම :

    අප මුලින්ම විමසා බැලුවේ මේ සම්බන්ධයෙන් මෑතක නිකුත් කර ඇති ගැසට් නිවේදන පිලිබදවයි. එහිදී අපට දක්නට ලැබුණේ 2406/2 ගැසට් නිවේදනය යටතේ බදු පැනවීමේ කර්ත්වයක් සිදු කර ඇති බවයි. මීට දින කිහිපයකට පෙර 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා.

    කෙසේ නමුත් මෙහිදී පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට පනවා ඇත්තේ ශත 25 ක බද්දක් පමණයි. එසේම ඒ අනුව, ශීත කළ මසුන් සඳහා කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් පනවා ඇති අතර, උම්බලකඩ හා ඒ සඳහා වන ආදේශක සඳහා කිලෝග්‍රෑමයට රු. 302ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. ඊට අමතරව මැංගුස්ටීන් හා වියළි මැංගුස්ටීන් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 200 විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර, කිවි ෆැට් කිලෝග්‍රෑමක් සඳහා රු. 175ක බද්දක් පනවා තිබෙනවා.

    මෙම බදු පැනවීම් සිදුකර තිබෙන්නේ ඔක්තෝබර් 14 වැනි දින සිට ලබන දෙසැම්බර් 31 දා දක්වා බල පැවැත්වෙන පරිදියි. එම ගැසට් නිවේදනය කියවිය හැකියි මෙතනින්.

    මීට වසරකට පෙර පනවා තිබු බදු අලුත් කිරීමක් !

    කෙසේ වෙතත් වැඩිදුර සොයාබැලීමේදී දැකගන්නට ලැබුණේ මෙය නව බදු පැනවීමක් නොව මිට වසරකට පෙර 2007 අංක 48 විශේෂ වෙළද භාණ්ඩ පනත යටතේ පනවා ඇති ගැසට් පථයක් කල් ඉකුත්වීම නිසා එහි බලාත්මක කාලය දීර්ඝ කරමින් පනවා ඇති ගැසට් නිවේදනයක් බවයි. වසරකට කලින් පනවා ඇති 2353/77 ගැසට් නිවේදනයට පිවිසිය හැකියි මෙතනින්.

    ඒ අනුව පැහැදිලි වන්නේ නව බදු පැනවීමක් සිදුවී නොමැති අතර පරිප්පු සදහා පනවා ඇති ශත 25 ක බද්ද කිලෝවක් සදහා රුපියල් 400 ක් ආදී වශයෙන් නොමගයවන සුළු ලෙස සමාජ ජාලා වල පැතිරෙන බවයි.

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ඉදිරිපත් කර තිබු ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදී පසුගිය වසරේ ඔක්තෝබර් 14 දින සිට වසරක කාලයක් ගතවන මේ අවධියේ මෙම ගැසට් නිවේදනය අලුත් කර ඇති බව පැහැදිලියි.

    එසේම මේ පිළිබඳව අප මුදල් අමාත්‍යංශයෙන් ද විමසීමක් සිදුකළ අතර, ඔවුන් ඉහත හුවමාරු වන සාවද්‍ය සටහන් ගැන නිල නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.

    https://drive.google.com/viewerng/viewer?url=https://srilanka.factcrescendo.com/pdf_upload/scl-pressrelease-20241018-1-sin-815982.pdf

    මීට පෙරව අවස්ථා කිහිපයකදී ම මේ ආකාරයට පෙර සිට පැවති බදු පැනවීම්වලට අදාළ නිවේදන කල් පිරීමේ දී, ඒවා ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ නිවේදන, නොමඟ යවන සුළු ආකාරයට, නව බදු පැනවීමක් ලෙස මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේ හේතුවෙන් මහජනතාව නොමඟ යවන සුළු ආකාරයේ සටහන් නිර්මාණය වී තිබුණා.

    ඒ ආකාරයට මීට පෙර පැවති රජයන්හි පළකර තිබු නොමඟ යවන සුළු සටහන් පිළිබඳව අප එම අවස්ථාවන් හි දී සිදුකළ කරුණු විමර්ෂණ කිහිපයක් පහතින්.

    Fact Check – ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!

    FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :


    ඒ අනුව පැහැදිලි වන්නේ නව බදු පැනවීමක් සිදුවී නොමැති අතර මෙය නව බදු පැනවීමක් නොව මිට වසරකට පෙර 2007 අංක 48 විශේෂ වෙළද භාණ්ඩ පනත යටතේ පනවා ඇති ගැසට් පථයක් කල් ඉකුත්වීම නිසා එහි බලාත්මක කාලය දීර්ඝ කරමින් පනවා ඇති ගැසට් නිවේදනයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.