Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    UNP සහ SJB සාමාජිකයන් අතර මේ දිනවල පැවැත්වෙන හමුවක ඡායාරූපයක් ද ?

    2024-09-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමානයේ දේශපාලනයේ සිදුවන ඇතැම් කාරණා ඔස්සේ ඊට සමාන අයුරින් අතීතයේ වූ සිදුවීම් වල ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මාධ්‍යක තොරතුරු වර්තමාන අවස්ථාවන් බවට පෙන්වා දෙමින් දේශපාලන වාසි තකා නොමග යන සු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    වර්තමානයේ දේශපාලනයේ සිදුවන ඇතැම් කාරණා ඔස්සේ ඊට සමාන අයුරින් අතීතයේ වූ සිදුවීම් වල ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මාධ්‍යක තොරතුරු වර්තමාන අවස්ථාවන් බවට පෙන්වා දෙමින් දේශපාලන වාසි තකා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු වනවා. එවැනි ඡායාරූප සටහනක කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයේ සාමාජිකයන් අතර මෑතක හමුවක ලබා ගත් ඡායාරූප බවට දක්වමින් ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    මේ පිළිබඳ කරුණු පරික්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම ඡායාරූපය මෑතකදී ගත් ඡායාරූපයක් ද, යන්න පරීක්ෂා කිරීම සඳහා අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව එහිදී දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපය 2019 වසරේ දී ,ලබා ගත් ඡායාරූපයක් බවයි.

    එමෙන් ම 2020 වසරේ ජනාධිපතිවරණය සඳහා ෙසජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා බවට තීරණය ගැනීම සඳහා සිදු කළ සාකච්ඡාවක අවස්ථාවක් බවට නවීන් දිසානායක මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඉදිරි මහ මැතිවරණයේදී එක්ව සටනක් දීමේ අරමුණින් විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුණා.

    පසුගිය 23 දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදී මේ තීරණය ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

    ඒ සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද අනුමැතිය හිමිවී ඇති අතර එහිදී ඔහුගේ ප්‍රධානතම කොන්දේසිය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු බව ත්, මෙම දේශපාලන සාකච්ඡාව තවදුරටත් සිදුකෙරේ.

    ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා තිබුණු බව ට ද, මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

    මෙම කණ්ඩායම් දෙක එක් එක් ආකාරයෙන් සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර, ඉහත සාකච්ඡාවලදී සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා කොට, ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත් කිරීමට හේතු වී තිබෙනවා.

    එනම්, සමගි ජන බලවේගයේ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණවලට තරග කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසිය සහ හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ශ්වයෙන් කෙරුණු ඉල්ලීමද, සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා දැඩි බාධාවක් වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍ර කරගත් විශේෂ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගිය 28 දා ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර එහිදි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් සම්මත කරගෙන තිබුණා.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වලින් පෙන්වා දීමට උත්සහ දරා තිබුණේ වර්තමානයේ මෙම පක්ෂ දෙක අතර සාකච්ඡාවන් පැවැත්වෙන අවස්ථාවක ඡායාරූපයක් බව යි. නමුත් මෙය 2019 වසරේ ලබා ගත් ඡායාරූපයක් බවට පෙන්වා දිය හැක.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර වර්තමානයේ පැවැත්වෙන සාකච්ඡාවක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපය 2019 වසරේ පළ වූ ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.