Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපති මන්දිරයට පිවිසෙන තැන තිබූ ආරක්ෂක කුටි නැවත ඉදිකරන බවට පළවන අසත්‍ය ප්‍රචාර!

    2024-10-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරුනා. අරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ත්‍රස්ත ප්‍

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරුනා. අරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට පැතිරෙන ප්‍රචාරයක් සමග මෙම තත්ත්වය වඩාත් තීවෘ  අතට හැරී තිබෙනවා .මේ එවන් සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන්  අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති මන්දිරය ආසන්නයේ තිබු මුරකුටි පසුගිය සමයේ  කඩා බිද දමා ,දැනට රටේ මතුව  ඇති බෝම්බ බියත් සමගම ඒවා නැවත ඉදිකිරීමට තීරණය කල බවත්  .

    FB | Archived 

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) 

    අප විසින් මෙහි ඇති සේයාරුව රිවර්ස් ඉමේජ් සෙවුමකට ලක්කලා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය ජනාධිපති මන්දිරය අසල තිබු මුරකුටි ඉවත් කිරීමක් නොව අරලියගහමන්දිරය අසල තිබූ මුරකුටි ඉවත් කිරීමට සම්බන්ධ සිදුවීමක් බවයි. අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමත් සමග, එම මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගරසභාව විසින් ඔක්තෝබර් 11 වනදා විවෘත කෙරුණා.

    මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 වසරේ සිට වසර 19ක කාලයක් වසා දමා තිබුනු අතර, ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබාදී තිබුණා .ඒ සම්බන්ධයෙන් වන පුවත් වාර්තා දැකගත හැකියි මෙතනින් සහ මෙතනින් 

    එමෙන්ම අප මෙම සමාජ ජාලා සටහන්වල නිල ලකුණ /ලෝගෝ එක සදහන්  NewsPedia ෆේස්බුක් පිටුවේ ජනධිපති මන්දිරය හා සම්බන්ධ මුරකුටි කඩා බිද දමා අලුතින් ඉදිකිරිම සම්බන්ධ  පුවතක් පළකර ඇතිද යන්න විමසා බැලූ අතර අපට දක්නට ලැබුණේ එහි මේ වන විට එවන් පුවතක් පළකර නොමැති බවයි.එම ෆේස්බුක් පිටුවට පිවිසිය හැකියි මෙතනින් 

    අප මේ පිලිබදව ජනාධිපති මාධ්‍ය  අංශයෙන්ද විමසා සිටි අතර ඔවුන් පැවසුවේ ජනාධිපති මන්දිරය අසල ඇති ඒ අසලින් ගමන් කරන මාර්ගය මහා ජනතාව සදහා විවෘත කෙරුවත් ජනාධිපති මන්දිරය ආශ්‍රිත මුරකුටිය කඩා ඉවත්කර තිබුනේ නැති බවයි. එම මුරකුටිය දැන් වුවත් එම ස්ථානයේ දැකගත හැකි අතර කඩා බිද දැමුවේ නැති නිසා අලුතින් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් ඔවුන් අප සමග පවසා සිටියා.පහත සේයාරුවේ දැක්වෙන්නේ ජනාධිපති මන්දිරයට පිවිසෙන ස්ථානයේ මුර කුටිය මේ වන විට දක්නට ලැබෙන ආකාරයයි.

    ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ කොටුව ජනාධිපති මාවත සැප්. 27 සිට ජනතාවට විවෘත කෙරුණා .පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව තහවුරු කරමින් වැඩිදුරට ත් සඳහන් කර තිබුනේ  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව එම මාර්ග නැවත විවෘත කළ බව ය.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්

    එමෙන්ම ජනාධිපති මන්දිරයේ මුර කුටිය ගලවා ඉවත්කළ බවට මාධ්‍ය විසින්ද වාර්තා කර තිබුනේ නැහැ .

    කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප මේ පිලිබදව විමසූ අතර ඔහු පැවසුවේද ජනාධිපති මන්දිරයට පිවිසෙන ස්ථානයේ ඇති ආරක්ෂක කුටි ඉවත්කර නොමැති බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය Conclusion 

    ජනාධිපති මන්දිරය සම්බන්ධ ආරක්ෂක  මුරකුටි කඩා දමා ඒවා පවතින ආරක්ෂක පසුබිම මත ඒවා නැවත ඉදිරීමට සැලසෙන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.ජනාධිපති මන්දිරය ආශ්‍රිත මුරකුටි කඩා බිද දැමීමත් සිදුව නොමැති අතර මුරකුටි ගලවා ඉවත් කෙරුනේ අරලියගහමන්දිරය ආශ්‍රිතවයි.ඒ සදහා ඒ සදහා යොදාගෙන ඇත්තේ අරලියගහ මන්දිරය ආශ්‍රිත මුරකුටි ගලවා ඉවත් කිරීම හා සම්බන්ධ සේයාරුවක් .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.