Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අනුර, ජුලී චන්ග්ට දීපු භෝජන සංග්‍රහයක ඡායාරූපයක්?

    2024-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු ඔහු මැතිවරණයට පෙර සිටම මහජන මුදල් අවභාවිතය වළක්වන බවට දුන් ප්‍රතිඥා එලෙසින් ක්‍රියාත්මක කරනවා ද, යන්න පිළිබඳ සමාජයේ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු ඔහු මැතිවරණයට පෙර සිටම මහජන මුදල් අවභාවිතය වළක්වන බවට දුන් ප්‍රතිඥා එලෙසින් ක්‍රියාත්මක කරනවා ද, යන්න පිළිබඳ සමාජයේ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. එලෙසින් තිබියදී වත්මන් ජනාධිපති විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්ට ලබා දී ඇති භෝජන සංග්‍රහයක අවස්ථාවක් ලෙස ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූ අතර එහි සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අනුරගෙන් කෝටි 07ක සාදයක්. ජූලියා වෙත” යනුවෙන් සඳහන් කරමින් සඳහන් කරමින් ඡායාරූප සටහනක් හුවමාරු වූයේ, ජනපති ජුලී චන්ග් මහත්මිය වෙත, නව ජනපති අනුර කුමාර දිසානායක විසින් කෝටි 07ක සාදයක් පිරිනමා ඇති බවට හඟවමින්.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාව සොයා අප කළ කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    කෙසේනමුත් මෙම ඡායාරූපයේ අනුර කුමාර දිසානායක මහතා දැක ගන්නට නොලැබෙන අතර මෙම ඡායාරූප වල මුල් ඡායාරූප අවස්ථාව සෙවීම සඳහා අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී දැක ගන්නට ලැබුණේ මෙම ඡායාරූපය පසුගිය 2023 ජනවාරි මස රෝසි සේනානායක මහත්මිය සිය නගරාධිපති නිල නිවසේ භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප අතර තිබූ එම අවස්ථාවට සහභාගී වී තිබු, දැනට ද ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ලෙස කටයුතු කරන ජුලී චන්ග් මහත්මියගේ ඡායාරූපයක් බවයි. මේ සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි ඡායාරූප සහිත වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link| Archived Link

    BBC සිංහල වාර්තාවකද, කොළඹ නගරාධිපති සුපිරි නිල නිවස සම්බන්ධයෙන් පළ වූ ලිපියත ඉහත ඡායාරූපය පළ වී තිබුණා.

    BBC | Archived Link

    ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් කුසගින්නෙන් පෙළෙන අතර මන්දපෝෂණය වැඩි වී ඇති බවට පවසමින්, එම වකවාණුවේදී මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් ව තිබුණා. Twitter ඔස්සේ පළ වූ සටහනක් මෙතනින් Archived Link

    Facebook | Archived Link

    Also Read : රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ කෝටි 4ක කජු කෑවාද?

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් කෝටි 7ක ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මියට භෝජන සංග්‍රහයක් දුන් බවට දක්වමින් පළ වන ඡායාරූපය 2023 වසරේ රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල පුරපති නිවසේ පැවැත්වූ භෝජන සංග්‍රහයක ඡායාරූප පෙළකින් එක් ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.