Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අනුරට ඩිප්‍රෙෂන් බවට පෙන්වා දී තිබූ වෛද්‍ය නිර්දේශය ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවක්!

    2024-09-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට තව ත් දින දහයක(10) පමණ කාලයක් ඉතිරි වී තිබෙන අතර අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව ව්‍යාප්ත වනු ලබන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයට තව ත් දින දහයක(10) පමණ කාලයක් ඉතිරි වී තිබෙන අතර අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම අපේක්ෂකයින් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු බහුලව ව්‍යාප්ත වනු ලබනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අනුරට ඩිප්‍රෙෂන් – සාක්ෂි මෙන්න” යනුවෙන් සඳහන් කරමින් ආසිරි රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ඒ බව සනාථ කළ වෛද්‍ය වාර්තාවක් ලෙස ට ඡායාරූපයක් ද, පළ කරමින් ගවේෂණශීලි මාධ්‍යවේදියා හෙළි කිරීමක් ලෙස පෙන්වා දෙමින් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    “අනුරට “ඩිප්‍රෙෂන්” – සාක්ෂි මෙන්න!

    ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අසනීපයක් හේතුවෙන් පසුගිය දින හදිසි විවේකයක් ලබාගත්තේය.

    එම අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු රැලි කිහිපයකටම සහභාගී නොවීමටත් තීරණය කර තිබුණි.

    මේ අසනීපය කුමක්දැයි සොයාබැලීමට “ගවේෂණාත්මක මාධ්‍යවේදියා” කණ්ඩායම කටයුතු කළේය.

    මන්ද මේ අසනීප වූයේ තවත් එක් සාමාන්‍ය පුරවැසියෙකු නොවේ. රටේ රාජ්‍ය බලය ඉල්ලා සිටින, ජනාධිපති අපේක්ෂකයෙකු වීම නිසයි.

    ඒ හේතුවෙන් ඔහුගේ අසනීපය කුමක්දැයි සැකහැර දැනගැනීමට ජනතාව සතුව ශුද්ධ අයිතියක් තිබේ. සෑම විටකම ජනතාව සමග සිට ගන්නා ගවේෂණශීලි මාධ්‍යවේදියා කණ්ඩායම වැඩට බැස්සේ ජනතාවගේ එම අයිතිය ආරක්ෂා කිරීමටයි.

    ඔබ දැනටමත් දන්නා පරිදි “ගවේෂණාත්මක මාධ්‍යවේදියා” කණ්ඩායම ගවේෂණශීලී මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන පවා ලැබූ, ස්වාධීන, අපක්ෂපාතී මාධ්‍යවේදීන් පිරිසකි.

    පක්ෂ භේදයකින් තොරව මෙරට සෑම දේශපාලන පක්ෂයකම බොහෝ හොරකම්, වංචා, දූෂණ අප කණ්ඩායම විසින් හෙළිදරව් කර තිබේ.

    අපගේ ගවේෂණයෙන් හෙළිවූයේ පසුගිය හය වැනිදා අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතා පුද්ගලික රෝහලක් හරහා, දිවයිනේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රථිකාර ගෙන තිබෙන බවයි.

    සැබැවින්ම ඔහු ප්‍රථිකාර ලබා ඇත්තේ දිවයිනේ ප්‍රධාන මනෝවෛද්‍යවරයෙකුගෙනි.

    ආචාර ධර්ම වලට අනුව මේ මොහොතේ වෛද්‍යවරයා හෙළි නොකිරීමට අප කටයුතු කරන නමුත්, අවශ්‍ය මොහොතක ඒ තොරතුරු ද හෙළිකිරීමට අපට හැකියාව තිබේ.

    මෙහිදී වෛද්‍යවරයා වෙන්කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව, අදාල රෝහලේ ප්‍රභූන්ට ප්‍රථිකාර ලබා දෙන විශේෂ ක්‍රමය ඔස්සේ අනුර කුමාර දිසානායක මහතා වෛද්‍යවරයා හමු වී තිබේ.

    එම ක්‍රමයෙන් ප්‍රථිකාර ලබා ගැනීමේදි සාමාන්‍ය ක්‍රමවේදයට වඩා පස්ගුණයක මුදලක් ගෙවීමට සිදුවේ.

    ඔහුගේ අසනීප තත්ත්වය ලෙසට වෛද්‍යවරයා විසින් හඳුනාගෙන ඇත්තේ මානසික ආතතියයි.

    එය “ක්ලිනිකල් ඩිප්‍රෙෂන්” ලෙස වෛද්‍ය ව්‍යහාරයේ හැඳින්වේ. එය මානසික රෝගයකි.

    සාමාන්‍යයෙන් මානසික ආතතිය උග්‍ර වීම දරුණු මනෝ රෝගයකි. අනුර තවමත් මධ්‍යම අදියරේ රෝගයෙකු ලෙස වෛද්‍යවරයා විසින් හඳුනාගෙන තිබේ.

    අප ගවේෂණයෙන් වෛද්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක මහතාට ලබා දුන් ඖෂධ තුණ්ඩුවේ පිටපතක් සොයා ගැනීමටද හැකිවිය.

    වෛද්‍යවරයා විසින් ඔහුට මානසික ආතතිය සඳහා ලබා දෙන ඖෂධ නිර්දේශ කර තිබේ.

    ඉහත තොරතුරු අප කණ්ඩායම විසින් සම්පූර්ණයෙන්ම තහවුරු කරගත් පුවත් වන අතර, එහි සම්පූර්ණ වගකීම “ගවේෂණශීලි මාධ්‍යවේදියා” කණ්ඩායම විසින් දරයි.

    මෙවන් සාක්ෂි සමග, සත්‍ය තොරතුරු ලබා ගැනීමට ගවේෂණශීලි මාධ්‍යවේදියා සමග දිගටම රැදී සිටින්න.”

    Facebook | Archived Link

    Facebook | Archived Link

    වෛද්‍ය ආචාර ධර්ම කඩ කරලා. අනුරගේ රෝග වාර්තාව එළියට දුන් විශේෂඥා වෛද්‍යවරයාට එරෙහිව ජාතික ජල බලවේගයෙන් නඩු යයි සඳහන් කරමින් තව ත් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන් ම නීතිඥ සුනිල් වටගල මහතා විසින් ආසිරි රෝහලට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කළ බවට ද, නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ආසිරි රෝහලේ තහවුරු කිරීම :

    අනුර කුමාර දිසානායක මහතාට මානසික අවපීඩනය තත්ත්වයක් ඇති වී බවට දැක්වීම සඳහා ආසිරි රෝහලේ වෛද්‍යවරයෙකු වෛද්‍ය නිර්දේශය බවට දක්වා තිබූ වාර්තාව එම රෝහලේ වෛද්‍ය නිර්දේශයක් නොවන බවට ත්, එය ව්‍යාජ බවට ත්, එම රෝහල තහවුරු කරනවා.

    ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වා තිබූ නිල ෆේස්බුක් සටහන පහතින්.

    Facebook | Archived Link

    එමෙන් ම ජාතික ජන බලවේගයේ සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති මහතා සහ එම පක්ෂයේ නීතිඥ සුනිල් වටගල මහතා ඉහත වෛද්‍ය නිර්දේශය සමාජ මාධ්‍යට හෙළිකළ වෛද්‍යවරයා ට විරුද්ධව නඩු දැමීම සඳහා ගිය බවට හැඟවීමට යොදා ගෙන තිබූ ඡායාරූපය 2021 වසරේ සීනි බදු වංචාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බව අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණා. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    ඒ වගේම සිරස ප්‍රවෘත්ති නිල ෆේස්බුක් පිටුවේද, ඉහත සඳහන් ලෙස පුවතක් ද, පළ වී නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් එහි වෙබ් කළමණාකරවරයා ද, තහවුරු කරන ලදී.

    එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් ද, වාර්තා කර නොතිබුණි.

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය

    මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සඳහන් කරේ, අනුර කුමාර දිසානායක මහතාට මේ දිනවල අධිකව මහන්සි වීම නිසා අසනීප තත්ත්වයක් ඇති වුණත්, ඒ සඳහා දිනක විවේක ගත යුතු බවට පක්ෂය තුළ සිටින වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බව ත්ය.

    නමුත් එය රෝහල් ගත වී ප්‍රතිකාර ගැනීමට තරම් තත්ත්වයක් නොවූ බව ත් සඳහන් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ඉහත සඳහන් වෛද්‍ය වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් බව ත්, ආසිරි රෝහලෙන් හෝ අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබා නොගත් බව යි.

    එමෙන් ම ආසිරි රෝහලට ලිපියක් යොමු කළ බවට දක්වා තිබුණු නිවේදනය ද, ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් නිර්මාණය කරන ලද අසත්‍ය ලිපියක් බව ත්, එම නිවේදන ආකෘතිය ජාතික ජන බලවේගයේ ලිපි ආකෘතිය ද, නොවන බව ත් ඔවුන් පෙන්වා දුන්නා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අනුර කුමාර දිසානායක මහතාට මානසික අවපීඩන තත්ත්වයක් ඇති වූ බවට වෛද්‍ය නිර්දේශ වාර්තාවක සඳහන් වන බවට පළ වන සටහන් ව්‍යාජ ලෙස නිර්මාණ කර සකසා ඇති වාර්තාවක් බවයි. එම වෛද්‍ය නිර්දේශය ලබා දී ඇති රෝහල ලෙස ආසිරි රෝහලේ නම ඇතුළු ලාංඡනය භාවිත කර තිබූ අතර, එම වෛද්‍ය වාර්තාව එම රෝහලේ වෛද්‍ය නිර්දේශයක් නොවන බවට ත්, එය ව්‍යාජ බවට ත්, එම රෝහල තහවුරු කරනවා.

    එමෙන් ම සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නීතිඥ සුනිල් වටගල මහතා ඉහත වෛද්‍ය නිර්දේශය සමාජ මාධ්‍යට හෙළිකළ වෛද්‍යවරයා ට විරුද්ධව නඩු දැමීම සඳහා ගිය බවට හැඟවීමට යොදා ගෙන තිබූ ඡායාරූපය 2021 වසරේ සීනි බදු වංචාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.